''ආවා '' කල්ලියේ බවට කියන හයදෙනෙකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බව යාපනය පොලීසිය කියයි.
ඔවුන්ගෙන් හතරදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත්තේ 05 වෙනිදා සවසයි.
ඔවුන් පොලීසියට ලබාදුන් තොරතුරු වලට අනුව යාපනයේ චුන්නාකම් පළාතෙන් තවත් දෙදෙනෙකු 06 දා අත් අඩංගුවට ගත් බවද යාපනය පොලීසිය පැවසීය.
චුන්නාකම් පළාතෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ එකම නිවසක ජීවත් වන දෙදෙනෙකි.
කොළඹ පොලිස් අපරාධ විමර්ශන අංශයේ පිරිසක් යාපනයට පැමිණ සිටින බවත් එම කණ්ඩායම යාපනය පොලීසියේද සහය ඇතිව මෙම පිරිස අත් අඩංගුවට ගත් බවත් පොලිසියි කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හොයාගන්න පුළුවන් කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා. හැ(හේ)
ඕක හදපු අයව අත්අඩංගුවට ගන්න කොන්ද පන නැද්ද ?(හේ)
පළමුවෙන්ම මේ අය ආරක්ෂක අංශ වලට සම්බන්ධද කියලා සොයාබැලිය යුතුයි. මොකද හුඟ දෙනෙක් ඒ පිළිබඳව අදහස් දක්වා තිබුණු නිසා. (නි)
කියනවා වගේම වෙනවා නම් හොඳයි. පොලීසියෙන් අලුතෙන් විනෝද සමය පෙන්වන්න පටන් අරන් වගේ (නි)
දැන් හොයලා බලන්න ඕනෑ "ආවෝ" ද ගෝඨාට අයිති, නැත්නම් "ගියෝද" කියලා. ඒ අනුව තීරණය වේවි රාජිත අත වැනුවේ කොයි "ආවෝ" ටද කියලා. (නි)