යාපනයේ ක්‍රියාත්මක වන ආවා කල්ලියේ යැයි සැකපිට සෙනසුරාදා (12) අත්අඩංගුවට ගත් හය දෙනා අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළකු ද සිටින බව පොලිස් ආරංචි කියයි.
එම සෙබළා ඉංජිනේරු බළකායට අනියුක්තව සේවය කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ත්‍රස්ත විමර්ශන අංශය මගින් පසුගිය දා අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා අතර යුද හමුදා සෙබළාට අමතරව පවුලේ සහෝදරයෝ දෙදෙනෙක් ද වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවෝ යාපනය උඩුවිල්, මනිප්පායි, පන්ඩිතිරිප්පු, තිරුනෙල්වේලි සහ කොක්කුවිල්හි පදිංචිකරුවෝ වෙති.
ආවා කල්ලිය සම්බන්ධයෙන් 2013 සිට පැමිණිලි ලැබී ඇති බවත්, 2014 සහ 2015 දී වැටලීම් කර 20 දෙනකු පමණ අත්අඩංගුවට ගත් බවත් එම පිරිස අතරද යුද හමුදාවේ සේවය කළ සෙබළකු සිටි බවත් පොලිසිය පවසයි.
පොලිස් වෙඩි පහරින් මිය ගිය යාපනය විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය ශිෂ්‍ය විජයකුමාර් සුලක්ෂන්ට ද මේ වසරේ පෙබරවාරි මාසයේ අවා කල්ලියෙන් යැයි කියමින් පහර දී ඇතැයි ද, ඒ ගැන චුන්නාකම් පොලිසියට පැමිණිලි කර ඇතැයි ද මානව හිමිකම් කොමිසමට තොරතුරු ලැබී තිබේ.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා කීවේ යුද හමුදා සාමාජිකයකු ආවා යැයි කියමින් අත්අඩංගුවට ගැනීමක් ගැන වාර්තා නොවූ බවයි. කෙසේ වෙතත් උසස් පොලිස් නිලදාරියකු කීවේ තමන් අත්අඩංගුවට ගත් හමුදා සෙබළා තවමත් රාජකාරියේ නිරත අයෙකු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් යද්දී උන්දැලා කියන දේවල් හරි. (බ)
බොරුව ආරක්ෂා කිරීමට බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ව්‍යවස්ථාවෙන්ම බැඳී ඉන්නවා වගේ වැඩ කරන්නේ. (බ)
නීතිය නවන්නේ කව්ද (අ)
පිස්සු හැදෙනවා. අපේ ජාතියට අගරු කරන්නද මේ හදන්නේ? (අ)
ඕක පුදුමයට කාරණාවක් නොවෙයි මට නම් (නි)
මේකට සම්බන්ධ දේශපාලකයන්වද හොයාගන්න (නි)
දමිළ ජාතිකයනුත් හමුදාවේ ඉන්නවනේ (නි)
මේ යහපාලන සරුව පිත්තල ප්‍රෝඩාව මහා ඔලුවෙන් අනුමත කරමින් ඡන්දය දුන් බහුතර ලක්වැසි නුඹට විඳවන්න වේවි දු දරු මුණුබුරු, මිණිබිරියන් සමඟ ඉදිරි දශක දෙක තුනක්වත්. (නි)
අපිට ඕනෑ ඇත්ත දැනගන්නයි (නි)
මේ බුද්ධි අංශ නිලධාරියෙක් විය නොහැකිද? (නි)
සිංහලයාට සහ හමුදාවට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා යැයි අපිට හිතෙනවා (නි)
දකුණේත් හමුදාවෙන් පැන්න සුළුතරයක් කල්ලි වල ඉන්නවා. එයාලා හමුදාවේ අය කියන්නේ දේශපාලන වාසියට සහ හමුදාවට මඩ ගහන්න (නි)
මේ සෙබළා සිංහලයෙක්ද, නැත්නම් දෙමළ ජාතිකයෙක්ද? සිංහලයෙක් වුවත් පුදුම වෙන්න දෙයක් නැහැ. මුදලට තනතුරට ඕනෑම දෙයක් කරන අය සිටිනවනේ. දේශපාලනයේත් සිටිනවනේ. (නි)
අපි මේවා තේරුම් ගන්න ඕන මොකද මේ ගොල්ලෝ මේවා කරන්නේ සිංහල අපිට ආදරේට නෙවයි ඒ ඒ අයගේ දේශපාලන යටිකුට්ටු වැඩ සදහා. (අ)