ආවා කල්ලියට සම්බන්ධ තවත් යුද හමුදා සාමාජිකයන් සිටීද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
‘පැහැදිලිව කියන්න පුළුවන් ආවා කියන කණ්ඩායම උතුරේ මෝටර් සයිකල් කල්ලියක්. ඒ කල්ලිය යම් කාලයක් තුළ ඒ ප්‍රදේශයේ ජනතාවට හිරිහැර කරගෙන කප්පම් ඉල්ලන ව්‍යාපාරයක් කරගෙන යන කණ්ඩායමක්. ඒ නිසයි මම පැහැදිලිව කිව්වේ මෙය යුද හමුදාවෙන් මෙහෙයවන කණ්ඩායමක් නොවෙයි කියා. යුද හමුදාවට කිසිම අවශ්‍යතාවක් නෑ මෙහෙම කල්ලියක් මෙහෙයවන්න.
දැනට අත්අඩංගුවට අරගෙන තියෙන අයගෙන් එක් අයෙක් හමුදාවේ සේවය කර තිබුණා. ප්‍රශ්න කරද්දි ඔහු කිව්වේ හමුදාවෙන් අයින් වෙලා කියලයි. හමුදාවෙන් අයින් වෙලා මේ කල්ලිය සමඟ වැඩ කර තිබෙනවා. ඇතැම් විට හමුදාවේ හිටපු අය සමහර විට මේ කල්ලියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න ඇති. ඒ ගැන පරීක්ෂණ පවත්වාගෙන යනවා. මෙය හමුදාවෙන් මෙහෙයවන කණ්ඩායමක් නොවෙයි. හමුදාවේ අය මෙයට හවුල්ද කියා අපි පරීක්ෂණ පවත්වාගෙන යනවා.‘‘
නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා -
‘‘කුමරේෂ් රත්නම් විනෝදන් හෙවත් ආවා කියන පුද්ගලයා මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ඇත. ඔහු දැනට රිමාන්ඩ් බාරයේ සිටී. මෙම කණ්ඩායම කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ කළ බවට තොරතුරු ලැබී තිබේ.
මේ පිරිස 62ක් පමණ බව හදුනාගෙන තිබෙනවා. එයින් 38 දෙනකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා. 32 දෙනෙකු ගැන අධිකරණ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. හය දෙනකු ගැන පරීක්ෂණ කරගෙන යනවා. ඉතිරි අය සොයා විමර්ශන පවත්වනවා. මොවුන් ත්‍රස්ත ක්‍රියාවලට පෙළෙඹීමටක් නෙමෙයි තිබෙන්නේ. ඔවුන්ගේ අතේ සල්ලි තිබෙනවා. සියලු තරුණයන් අතරේ නවීන පන්නයේ මෝටර් සයිකල් තිබෙනවා. පළමු වැනි කඩුව ලැබී තියෙන්නේ ඉන්දියාවෙන් ආ පුද්ගලයකුගෙන්. ඉන් පසු ඊට සමානව තවත් කඩු මෙහෙන් කපාගෙන තිබෙනවා. ‘
අනුර කුමාර දිසානායක මහතා-
‘‘මීට අදාළ විමර්ශන කරගෙන යද්දි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේ දී මීට හමුදාවන්ගේ සබදතා ඇතැයි කීම අතිෂය බරපතලයි. ඊට හරිම පිළිතුර තවම ලැබුණේ නෑ. ඇයි එහෙම කියන්නේ කියා අපිට දැන ගැනීමට අවශ්‍යයි.‘‘
කතානායක කරු ජයසූරිය මහතා -
‘එය ප්‍රතිපත්තිමය කාරණයක්. පසුව සාකච්ඡා කර පිළිතුරක් දෙයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන්හරි ඉන්දියාව සම්බන්ධ ඇද්දැයි මට සැක සිතෙනවා (නි)
මමත් හිතන්නේ මෙය යුද හමුදාවෙන් මෙහෙයවන කණ්ඩායමක් නොවෙයි කියායි (නි)
හමුදාව නොවේ ඇමරිකාව සම්බන්දද කියා සොයා බලන්න (ම)
විදිමත් පරික්ෂණයක් සිදු කරන්න ඕනේ.(හේ)
තවත් බොරු ගොතා ජනතාව රවටන එක නැවැත්විය යුතුය. ඔය කියන හිටපු හමුදා සමාජිකය වගේ දකුණේ සිටින පාතාල කණ්ඩායම් වල හිටපු හමුදා සාමාජිකයෝ කී දෙනෙක් දැන් අත් අඩංගුවට පත් වී තියෙනවද. එසේනම් දකුණේ තියෙනේ පාතාල කල්ලි මෙහෙයවන්නෙත් හමුදාව වෙන්න ඕනේ. ජනතාව රවට්ටන්නේ නැතුව අර පිස්සුවෙන් වගේ කියවන සම ප්‍රකාශකට ඉල්ලා අස්වෙන්න කියන්න. තවත් ජනතාව රවටන්න උත්සහ ගන්න එපා. (බ)
කතානායක තුමා නියම කරුණ හරියටම කියල තියෙන්නේ ‘එය ප්‍රතිපත්තිමය කාරණයක්. පසුව සාකච්ඡා කර පිළිතුරක් දෙයි.‘ ඔය කියන්නේ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා හමුදාවට මඩ ගහන්න ඕනේ කියන ප්‍රතිපත්තිය වෙන්න ඕනේ
ඇයි ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ගැන හිතන්නේ නැත්තේ. ඔවුන් මීට පෙරත් උතුරේ වුණු දේවල් වල සිටියා (අ)
ඔබ හරි ගයාන් (අ)
89 දී ප්‍රාකල්ලිය හදපු එක්කෙනාගෙ සම්බඳයක් තියෙනවද කියල බැළුව නං හොඳයි (අ)