එෆ්.අස්ලම්
යාපනය අර්ධද්වීපයේ සමාජ විරෝධී අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ ආවා කල්ලියට මේ වනවිට නායකත්වය සපයන්නේ එම කල්ලියේ ආරම්භක නායකයා වන කුමාරේසරත්නම් විනෝදන් හෙවත් "ආවා" යැයි බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ.
ආවා නොහොත් විනෝදන් එම කල්ලියේ ආරම්භක සාමාජිකයකු වන මෝහන් අශෝක් සමගින් එක්ව මෙම කල්ලිය මෙහෙයවන බවත් ෆේස්බුක්,වට්ස් ඇප්,වයිබර් තාක්ෂණය හරහා මෙම කල්ලියේ සන්නිවේදන කටයුතු සිදුවන බවත් බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
කෙසේ නමුත් මොවුන් මේ වනවිටත් ප්‍රදේශවලින් පලාගොස් සැගව සිටින බවත් මොවුන් සොයා පොලිසිය හා බුද්ධි අංශ දීර්ඝ වශයෙන් විමර්ශන සිදුකරන බව උතුරේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.
යාපනය,චුන්නාකම්,කෝපායි,මනිපායි පොලිස් බල ප්‍රදේශවල සිදුවූ පහරදීම්, කපාකොටා දැමීම්, දේපළ හානි සිදුකිරීම් වැනි අපරාධ ක්‍රියාවන් රැසකට ආවා කල්ලිය සම්බන්ධ වී ඇති බවත් ඒවාට සම්බන්ධ වූ 20 කට වැඩි පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන ඇති බවත් එම ප්‍රකාශකයා කීය.
මෙම කල්ලියේ සාමාජිකයින් අවස්ථා රැසකදීම නිවස්වල සහ දූපත්වල මත්පැන් සාද පවත්වා ඇති බවත් එම සාදවලට සහභාගී වී සිටි බොහෝ දෙනෙකු වයස අවුරුදු 18 හා 22 වයස්වල තරුණයින් බවත් බුද්ධි අංශ විසින් කරන ලද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
කෙසේ නමුත් ආවා කල්ලියේ සාමාජිකයින් සමාජජාල මාධ්‍ය මගින් සම්බන්ධ වීම මත මොවුන් සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවත් ඔවුන්ව කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන මේ වන විටත් සිදුකර සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.
ආවා කල්ලියේ හිටපු සාමාජිකයින් බව කියන ධනූෂන් සහ කනෝජ් එම කල්ලියේ අශෝක් මෝහන් සමගින් සතුරුකමක් පවතින බවත් මෙකී තිදෙනාගේ කල්ලි තුන අතර පවතින ගැටුම් කපාකොටා දැමීම් පහරදීම් වැනි අපරාධවලට හේතු වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග ද සදහන් කර සිටීයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තවාදයට යලිත් කුමන ආකාරයකින්වත් හිස එසවීමට ඉඩ නොදිය යුතුයි. ඔවුන් ක්‍රියාත්මක වන්නේ අන්තර්ජාලය පදනම් කරගත් සමාජ මාධ්‍ය ජාලයන් සහ නවීන සන්නිවේදන ඇප්පුවන් (APPS) හරහා නම් පොලීසියේ , යුද හමුදාවේ රහස් ඔත්තු සේවාවන් ශක්තිමත් කර ඔවුන්ට ඇමෙරිකාවේ හෝ වෙනත් රටක ආධාර , උපකාර ලබාගෙන හෝ පුහුණුකර මේ කාර්යය බාර දිය යුතුයි. Apps හරහා කරන මේ අපරාධ සම්බන්ධයෙන් Cyber Crimes Division එක ශක්තිමත් කර අලුතින් විශාල පිරිසක් ඒ සමාජ මාධ්‍ය ජාලයන් හරහා ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලයන්ට රිංග විය යුතුයි. ඔවුන්ගේ ගිණුම් ක්‍රියාත්මක වන දත්ත සහ GPS Locations ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලා operators සහ සන්නිවේදන පහසුකම් සලසන සන්නිවේදන සමාගම් හරහා ලබාගෙන ඔවුන්ව කෙසේ හෝ නීතියේ රැහැනට කොටු කර ගත යුතුයි.
නියපොත්තෙන් කඩන්න තියනදේ පොරවෙන් කපන්න තියන්න එපා. අනාගතය ගැන සිතා කටයුතු කරන්න.