(රොමේෂ් මධුෂංඛ)
යාපනය දිස්ත්‍රීක්කයේ ආවා කල්ලිය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රබලයින් දෙදෙනෙකු ඇතුළු 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට යාපනය පොලීසිය පවසයි.
මේ අතර මාණිප්පායි ඉනුවිල් ප්‍රදේශයේ දී සෝදිසි මුරකාවල් යොදා සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමට පැමිණ පලා ගිය ආවා කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු ද මේ වන විට හඳුනාගෙන ඇති බවටත් ඔවුන් ඉදිරියේ දී අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතර අදාළ ගැටුමේදී ආවා කල්ලි සාමාජිකයකු මිය ගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලැබීය.
කෙසේ වෙතත් පසුගිය කාලයේදී යාපනය පොලිස් ස්ථාන මගින් සිදු කරන ලද විශේෂ සෝදිසි වලදී ස්ථාන කිහිපයකින්ම ආවා කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙතට ඉදිරිපත් කර තිබේ.
එම පිරිස් සිටින බවටත් එම පිරිස් හා යාපනයේ ක්‍රියාත්මක තවත් කුඩා කල්ලි සමග පවතින ගැටුම් හේතුවෙන් වරින් වර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීමට හේතු වී ඇති බවටද එම පිරිස් ද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ සෝදිසි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවට යාපනය පොලීසිය වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ආවා විතරක් ? කල්ලි වල ඉන්නන හැම කෙනාම පමුනුවන්න අධිකරණයට. ලොවටම කියන්න ඔය කියන මානව හිමිකම් උල්ලංඝණයන් වල සුල මුල. අවුරුදු තිහකට කිට්ටු යුද්ධයේ මුලාශ්රය කොතනද කියලා ..... එක එක කුලවල කල්ලි, ප්රාදේශීය කල්ලි, වෙළෙඳ කල්ලි, නීති විරෝධී භාණ්ඩ ප්රවාහන කල්ලි, හොර බඩු ජාවාරම් කල්ලි වගේ කල්ලි වල එකතුවක් තමා කුරිරු යුද්ධය.