IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ආලවන්ත දෙනෙත් අගින් අරන් එන සිම්ප්සන්

ආලවන්ත දෙනෙත් අගින් මහ පොළවට වැටුණු

ලුණු රහ වුණු කඳුළුවලින් - හැදුණද මහ සයුරු

20160831Simsan-1යන වෙනස්ම ආරක පදවැලකින් යුත් ගීතයක් පළමුවරට සාරවිටෙන් එළිදකින වග අපි ඔබට දැනුම් දෙමු. ඒ තුසිත් සිම්ප්සන් ගයන 'ආලවන්ත දෙනෙත් අගින්' නම් වූ ගීතයයි. අපි ඒ ගැන කතාබස් කරනට තුසිත් සිම්ප්සන් සාරවිටට කැඳවා ගතිමු.

"මේ දිනවල මම අලුතෙන්ම නිර්මාණය කළ ගීතය තමයි 'ආලවන්ත දෙනෙත් අගින්' ගීතය. එය වෙනස්ම තේමාවක් ඔස්සේ රචනා කළ ගීතයක්. ජීවිතය සහ ලෝකය පිළිබඳ වෙනම අරුත් ගැන්වීමක් තමයි එම ගීතය තුළ තිබෙන්නෙ. සුසුම් සහ කඳුළු අතර ඇති සම්බන්ධය තමයි සරල පදවැලකට එක්කර ගීතයක් වශයෙන් නිර්මාණය කළේ. මෙහි සංගීත නිර්මාණය කළේ මා විසින්මයි. මෙය ගායනා කරන්නේත් මමමයි. මෙහි පද රචනය ඉඳුනිල් සින්දුගේ."

ඉදිරි වැඩ කටයුතු

විකාශය වීමට නියමිත ටෙලිනාට්‍යයක තේමා ගීතයක් ගායනා කළා. ආදරණීය ආරාධනා නම් ගීතයක් පසුගියදා එළිදැක්වුවා.  එහි පද රචනය සංගීතය හා ගායනය සිදුකළේ මා විසින්මයි. 'සමනලී' නම් වූ එම ගීතයේ පද රචනය උදිත වර්ණකුලසූරියගේ. සංගීතය මාවිසින්මයි සිදුකළේ. වෙනස් ආරක යුග ගීයක් ඉදිරියේදී එළිදැක්වුවා. ශම්මිකා අමානි තමයි යුග ගායනයෙන් දායක වුණේ. එමෙන්ම චිත්‍රපටයක් සඳහා තේමා ගීතයක් ගායනා කළා කථිකාචාර්ය තුෂාරි බොලුකඳුරගේ සමග.  එමෙන්ම 'කාල' නමින් කලාවැව සම්බන්ධ චිත්‍රපටයක් නිර්මාණය වුණා.  එය අධ්‍යක්ෂණය කළේ සුජීව ගුණරත්නයන් විසිනුයි. එහි තේමා ගීතයද මාවිසින් ගායනා කළා. සංගීතය දර්ශන රුවන් දිසානායකයන්ගේයි. 'තානාපතිලාගේ ගෙදර' චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයත් ඔහුගේයි. සංගීත අධ්‍යක්ෂණය හා ගායනය තමයි මා කරගෙන යන්නෙ. ක්ලැසිකල් ගිටාරය ඉගැන්වීමේ කටයුතු කරගෙන යනවා. මට කතාකරන්න කැමති ඕනෑම රසික රසිකාවියෙකුට මෙන්ම සංගීතය ගැන දැනගැනීමට 0777-784568 අංකයෙන් විමසන්න. 



අදහස් (0)

ආලවන්ත දෙනෙත් අගින් අරන් එන සිම්ප්සන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 105 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 258 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 603 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site