සුළු පැමිණිලි විභාග කිරීමේ සිට බලපත් රහිතව වැඩි ගොඩ දැමීම දක්වා නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මුදල් ලබා ගන්නේයැයි නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකුට එරෙහිව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි කියයි.
බලපත්‍ර හරිතව දැව ගෙන යෑමට රුපියල් 5000ක් ද, බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනයට රුපියල් 7000ක් ද, සුළු ආරවුල් විසඳීමට රුපියල් 5000ක් ද, පැමිණිලි සටහන් නොකර විභාග කිරීමට රුපියල් 5000ක් ද, කිරි එළදෙනකු ප්‍රවහනයට රුපියල් 2000ක් ද, මීහරකකු ප්‍රවාහනයට රුපියල් 5000ක් ද මේ ස්ථානාධිපතිවරයා අය කරන බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.
එම පැමිණිලිවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි මඩකලපුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණයෙන් එම විමර්ශන ක්‍රියාත්මක වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශාකා ගොඩක් දෙනෙකුට තිත්ත, ඇත්ත ඔබ හරියටම ලියලා තියනවා.මොනවා කරන්නද විශාකා, අපි ලෝකෙන් උතුම් රටේනේ ඉපදුනේ? ඒ රටේ බහුතරයක් මිනිස්සුන්ගේ ප්‍රධාන ආහාරය ජරාව සහ පගාවයි.(හේ)
පාසැලකට දාගන්න් ගියොත් පගා, ආන්ඩුවෙ තැනකින් ලිපියක් ගන්න ගියොත් පගාව, පොලිසියකට ගියොත් පගාව, විනිසුරුවරුත් පගා අරන් අහුවුනා, දේශපාලඥයෙක් ගාවට ගියත් පගාව, රට යන්න ගියත් පගාව....මෙහෙව් රටක් (බ)
මුන්නැහේ කැමතිද දන්නේ නැහැ ආදායම් බදු උපදේශකයෙක් එහෙම නැත්නම් වෙන්දේසිකාරයෙක් වෙන්න. වැඩේ හැටියට ගාස්තුව. (නි)
"පැමිණිලි සටහන් නොකර විභාග කිරීමට රුපියල් 5000ක් ද,\" මෙන්න පොලිසි වල සැබෑ තත්ත්වය. ඉතිං අහිංසකයින්ට සාධාරණය ඉටු වෙන්නේ කොහොමද? සල්ලි තියෙන බලය ඇති කෙනාට ඕන විධියට තමයි වැඩ වෙන්නේ. මේ නිසයි කියන්නේ සෑහ පොලිසියකම සිසිටිවි කැමරා හයි කරන්න පැමිණීලි විභාග කරන තැන. එතකොට විනිවිද භාවයක් තියෙනවා.(හේ)
පාස්පොට් එකක් ගන්න ගියත් පගාව, රට යනන් ගියත් පගාව, රැකියා ඒජන්දි කාරයොත් පගාව දිලා බේරෙනවා කරන ජරා වැඩ වලින්. ඉස්පිරිතාලෙකට ගියත් පගාවක්. බබාලා හම්බවෙලා යන කොට ඒ වාට්ටුවට කේක් දෙන්න ඕනේ. සල්ලි නැති මිනිහව තමයි මේ මරන් කන්නේ. මේ පගාවෙන් කන එවුන්ට නම් හොඳක් සිද්ධ වෙන්න එපා. ප්ලෑනක් පාස් කරගන්න් ගියත් පගාව. වන්ද්ියක් හදා ගන්න ගියත් පගාව. අනේ දෙය්යනේ ඇයි අපි මෙහෙම රටක ඉපදුනේ? (හේ)
අනෙක් තැන් දෙවනුව දාලා නිතිය මහ මාමය ආරක්ෂා කරන්න තියෙන රටේ පොලිසි වල මේ වෙන පගා සෙල්ලම නම් වහාම නතර කල යුතුයි. ජනතාව මේවා රෙකොඩ් කරලා ප්‍රසිද්ධ කළා නම් ආයේ කවුරුවත් කරන්න නැහැ.(හේ)
ඔය කියන කාරණා නැගෙනහිර විතරක් නෙමෙයි. ලංකාවේ හැම පළාතකම සිද්දවෙන දෙයක්. (ම)
පැමිණිලි සටහන් නොකර විභාග කිරීමට රුපියල් 5000ක් කියන එක තමයි හොඳම එක (නි)
කෙනෙකුගේ නමින් හෝ ජාහැඅ ඇතුළත්කලහම එයාගේ වාහන ගැන, අයිති ඉඩම් ගැන විස්තර ගන්න පුළුවන් විදියට පරිඝනක ගත කලානම් හරි ලේසියෙන් වත්කම් හෙලි කරගන්න්ත ඒවා ගන්න සල්ලි හොයපු විදිය හොයාගන්නත් පුළුළුන්. අපේ රටේ වෙන වෙන මහප්‍රාණ කරන්න දැගලුවට අවශ්‍ය දේවල් කරන්නේ නැහැ (හේ)
මේ විතරක් නෙමෙයි, බොහෝ පොලිසි වල ආරවුල් අංශයේ පැමිණිලි විභාග වෙන්නේ හිතවත්කම් මැද. හිතවත්කමක් හොයාගෙන පොලිසි ගිය කෙනාගෙ පැත්තට වාසියට තමයි පොලිසිය ප්‍රශ්න විසඳන්නේ. මේක නැවැත්වීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්න කියලා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. හිතවත්කමක් නැතුව පොලිසියකට ගිහිනි වැඩක් නැති තත්වයක් තමයි ඇතිවෙලා තියෙන්නේ (නි)
පොලිසි වල ලියන කටඋත්තර සහ ස්ථානාධිපතිවරයා ලියන වාර්තාව අපිට පෙන්නලා අත්සන් ගන්නවා නම් තමයි හොඳ. හුඟක් වෙලාවට අපිට ලියපු එක පෙන්නන්නේ නැහැ. මෙතන අත්සනක් දාන්න කියනවා. අනිතිමට නඩුවක් දාන්න වගේ දේකට උවමනාවෙලා වාර්තාව ගත්තම තමයි තේරෙන්නේ ලියලා තියෙන්නේ බොරු බව. මෙය සෑම පොලිසියකම වගේ පොඩි මිනිහට වෙන අසාධාරණයක් (නි)
මෙවැනි පොලිසි ලොක්කන්ට එරෙහිව දැඩි පියවර ගතයුතුයි. රටේ නීතිය ආරක්ෂා කරන්න ඉන්න අය මෙහෙම නම් නීතියක් රැකෙන්නේ කොහොමද? අසාධාරණයක් වුණාම මේ වගේ ස්ථානාධිපතිලා ඉන්න පොලිසියකට අහිංසකයෙක් ගියාම වෙන තත්වය හිතාගන්න පුළුවන්නේ. කවුරුහරි කීයක්හරි අතමිට මෙලෙව්වා නම් ඒ කෙනාට ඕනෑ විදියට තමයි සියල්ල සිදුවෙන්නේ. යහපාලනයට මෙය කිසිසේත් ගැළපෙන්නේ නැත. උපරිම දඬුවම් දෙන්න. (නි)
මේ ස්ථානාධිපතිවරයාගේ අම්මාගේ අප්පාගේ දේපොළද දන්නේ නැහැ මෙයා මෙහෙම කරන්නේ බය නැතුව. පගාව නම් හැමතැනම රජවෙලා. ආණ්ඩුවේ කන්තෝරුවකට, කාර්යංශයකට, නීතිය සම්බන්ධ තැනකට වුණත් ගොස් බලන්න වැඩක් කරගන්න් කී දෙනෙකුට වඳින්න ඕනෑද?කී දෙනෙකුට එක එක විදියේ පගාවල් දෙන්න ඕනෑද? රටම ඉවරයි. මේවා කවදාද වෙනස් කරන්නේ. තියෙන නීති හරියට ක්‍රියාත්මක කරලා එක්කෙනෙකුට දෙන්නෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වුවා නම් මේවා ඉබේම නතර වෙනවා. (නි)
මෙහෙම කවුරුහරි පගාවක් ඉල්ලුවොත් කරන්න ඕනෑ මොකකද කියලා මහජනතාව මාධ්‍ය මඟින් දැනුවත් කරන්න. පැමිණිලි කළහැකි තැනක් මාධ්‍ය මඟින් දැනුවත් කරන්න. පගාකාරයින්ට රජකරන්න ඉඩදෙන්න එපා. මාධ්‍යයට මේ සම්බන්ධව කරන්න පුළුවන් මෙහෙය අති විශාලයි. (නි)
අද කාලේ මොනතරම් දියුණු උපකරණ තිබෙනවද? සාක්ෂි සහිතවම ඔප්පු කරන්න පුළුවන්. සාමාන්‍ය ජනතාව දැනුවත්කිරීම මාධ්‍යයට බාරයි. පගාවක් නැතුව වැඩක් කරගන්න අපේ රටේ පුළුවන් වෙන්නේ කවදාද? (නි)
බලපත්‍ර හරිතව දැව ගෙන යෑමට රුපියල් 5000ක් ද, බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහනයට රුපියල් 7000ක් ද, සුළු ආරවුල් විසඳීමට රුපියල් 5000ක්ද, පැමිණිලි සටහන් නොකර විභාග කිරීමට රුපියල් 5000ක්ද, කිරි එළදෙනකු ප්‍රවහනයට රුපියල් 2000ක්ද, මීහරකකු ප්‍රවාහනයට රුපියල් 5000ක් නම් මෙයාගෙ මාසික ආදායම කීයක් ඇද්ද? (නි)
මෙවැනි දේවල් හරිම ලෙහෙසියෙන් හොයාගන්න නම් පළමුව එම මහතාගේ අලුත් වාහන ගැන එහෙම විමර්ශනය කරන්න. පොලිසියේ සෑම රථවාහන අංශයේ කෙනෙකුටම පාහේ කල්බදු ගෙවීමට ගත් වාහනයක් හෝ දෙකක් ඇත. මේවා දන්නෝ දනිති. නමුත් නීතිය ක්‍රියාත්මක කරන අය කොහොමටත් නොදනිති. (නි)