උණ සන්නිපාතය වැළදී ඇති රටේ ආර්ථිකය සනීප කරන්න වත්මන් රජයටත් හැකියාවක් නොමැති බව ජනතා විමුක්තා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දේශාපාලන මණ්ඩල සභික බිමල් රත්නායක මහතා පැවසීය.
‘ණය බර බදු බර සහ කඩාවැටෙන ආර්ථිකය’ යන මැයෙන් ජනතා විමුක්ති පෙරමුණ රට පුරා පවත්වාගෙන යනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයක් පූජාපිටිය ෆීල්ඩ් වීව් උත්සව ශාලාවේ පැවැති අවස්ථවේ දී එහි ප්‍රධාන දේශණය පවත්වමින් මන්ත්‍රීවරයා එසේ කීවේය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල්රත්නායක මහතා මෙසේද පැවසීය.
‘අද රටේ විශාල වශයෙන් උද්ඝෝෂණ ආරම්භ වෙලා තියෙනවා. විශ්ව විද්‍යාල සිසුන් සයිටම් උපාධි කඩයට විරුද්ධව උද්ඝොෂණය කරනවා. වෛද්‍යවරුන් හෙද සේවාවල අය උද්ඝෝෂණය කරනවා. පෝය දවසටවත් වහන්නේ නැති කඩවල් වහල ව්‍යාපාරිකයින් වැට් බද්දට එරෙහිව උද්ඝෝෂණය කරනවා. මේවගෙන් පේන්නේ වත්මන් හවුල් ආණ්ඩුවෙනුත් ජනතාවට අසහනයක් තියෙනවා කියන එකයි.
වර්තමානයේ නිවසක් හදා ගන්න විදේශගත වන කෙනෙකුට නිවසක් හදා ගන්න පුළුවන් කමක් නෑ . රට යද්දී සිමෙන්ති කොට්ටය රුපියල් 600 යි එන කොට 960 යි . වෑන් එකක් අරගෙන ව්‍යාපාරයක් කරන්න හිතාගෙන කොරියාවට යන තරුණයෙකුට අවුරුදු 25 ක් හිටියත් වෑන් එකක් ගන්න පුළුවන්කමක් නෑ. හමුදාවේ ඉන්න කෙනෙකුට ගෙයක් හදා ගන්න බෑ. දරුවන් දෙන්නා තුන් දෙනා ඉන්න දෙමාපියන්ට දරුවන්ට උගන්න ගන්න පුළුවන් කමක් නෑ. සපත්තුවක් 1000 යි 1500 යි. පාසැල් බෑග් එකක් 1000 ට වැඩියි ඒවත් පාවිච්චි කරන්න පුළුවන් වන්නේ ටික කාලයයි.මේ වට හේතුව රටේ ආර්ථිකයට උණ හැදී තිබීමයි. උණ හැදී තිබුණත් ඒ උණට හේතුව හොයා ගෙන නෑ. පසුගිය දවස්වල විශාල ආන්දෝලනයක් ඇති වුණ සිද්ධියක් තමයි බැඳුම්කර සිද්ධිය. මොකක්ද මේ බැඳුම්කර කියල කියන්නේ .‘‘
COMMENTS
මේ ගොල්ල අවස්ථා දෙකකදී රට අවුරුදු ගානකින් පස්සට නොඅදින්න මෙලහකට රට මීට වඩා බොහොම ඉස්සරහින් ඉන්න තිබුන. ඒ කාලේ තුන්ඩු කෑල්ලට බයේ අපිත් වැඩට ගියේ නෑ.(හේ)
ඩෙංගු නෙමෙයිනේ. නේද? (නි)
මෙයාල හොඳට දියුණු වෙමින් පැවති ආර්ථිකය, දියුණු වෙමින් පැවති රට මිනිස්සුන්ට රවුම්කෙබර අැදබාල මිනිස්සු රවට්ටලා ආපස්සට හැරෙවුවේ බොරදියේ මාලු බාන්නනේ, දැන් මාළු බාගන්න මල්ලියේ.(බ)
88-90 කාලේ මේගොල්ලෝ ලංකාවේ ආර්ථිකය දියුණු කරපු හැටි මට නම් හොඳට මතකයි. (නි)
ඕනෑ කෙනෙකුට තේරුම්ගන්න පුළුවන් රටේ ආර්ථිකය වට්ටලා දැම්මේ කවුද කියලා. ආ ගමන් බටහිර රටවල් පස්සේ ගියා. මුදලේ අගය පාවෙන්න හැරියා. 10000ක් පඩි වැඩිකළා. ෆෝර්ට් සිටි නැවැත්තුව. කැසිනෝ ආයෝජන නතරකළා. දැන් ඉතින් බලාපොරොත්තු වෙන්න තියන්නේ බදු තමා. කොහොමද මිනිස්සු ජීවත්වන්නේ ඔහොම ගියොත්. (නි)
උද්ඝෝෂණ වලින් පෙනෙන්නේ රටේ අවුල් නොව රටේ දැන් නිදහසක් තිබෙනවා කියන එකයි. ඒ කාලේ මේ වීරයෝ කවුරුත් පාරට බැස්සේ නැහැ බයේ. (නි)