වංචා හා දූෂණ සම්බන්ධයෙන් විභාග කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට ප්‍රධාන වංචා, මූල්‍ය අපරාධ හා දූෂණය පිළිබඳ ලේකම් කාර්යාලයක් පිහිටුවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැතිවරයා ඒ බව පැවසූවේ හිරු ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
මැතිවරණ වේදිකාවේ පොරොන්දුවූ පරිදි වංචා දූෂණ සිදුකළ දූෂිතයන්ට දඬුවම් දීම පිළිබඳව මේ වන විට ජනතාවට මතුවී ඇති ප්‍රශ්නාර්ථය පිළිබඳව වැඩසටහන මෙහෙයවූ සුදේව හෙට්ටිආරච්චි මහතා සිදුකළ විමසුමකට පිළිතුරු වශයෙන් වික්‍රමසිංහ මහතා ඒ බව කීවේය.
මූල්‍ය කටයුතු ගැන පසුබිමක් තිබෙන ගණකාධිකාරිවරුන් මේ කාර්යාලයට අවශ්‍ය බවත් ඒ සඳහා කටයුතු අරඹා ඇතැයිද අගමැතිවරයා කීවේය. මංගල සමරවීර අමාත්‍යවරයාගේ ඇමෙරිකානු සංචාරයේදී මෙරට දූෂණ වංචා සෙවීමට ඇමරිකා ආණ්ඩුවේ අධිකරණ දෙපාර්තමේන්තුවේ ආධාර ඉල්ලූ බවද ඒ මහතා පැවසීය.
ලොව ඩොලර් නෝට්ටු ගනුදෙනු සියල්ලම නිව්යෝර්ක් නුවර මූලික කරගෙන සිදුවන බැවින් ලෝක බැංකුවේ දූෂණ අංශය මුණ ගැසී සාකච්ඡා කළ බවද එළැඹෙන සතියේදී විජයදාස රාජපක්ෂ මහතා එංගලන්තයට ගිය පසු ප්‍රධාන වංචා කාර්යාලයෙත් සහයෝගය ඉල්ලා සිටින බවත් අගමැතිවරයා සඳහන් කළේය.
මහ බැංකු අධිපතිවරයා ඉන්දීය මහ බැංකු අධිපතිවරයාගෙන්ද මේ සඳහා සහාය ඉල්ලමින් ලිපියක් යවා ඇතැයිද වික්‍රමසිංහ මහතා එහිදී අනාවරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට ඉතින් හැමදාම අහන්න ලැබෙන්නේ අරක කරන්නම් මේක කරන්නම් කියන එක තමා. ජන මාධ්‍ය වලට බැරිද වැඩක් කරලා ඉවර වෙනතුරු ඉඳලා එක ගැන වාර්තා කරන්න. ඔය බොරු වදන් අහලා එපා වෙලා තියන්නේ. අපිට වචන වලින් වැඩක් නැහැ ක්‍රියා තමයි අවශ්‍ය. (අ)
ජාතික ධනය හොරා කනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. හමහි ඇති බරපතල බව අපේ රටේ දේශපාලඥයන්ට හා සෙසු අයට ක්‍රියාවෙන් අවබෝධ කරවිය යුතුයි. නැත්වනම් මොන දහං ගැට දාලා ආර්ථිකය ගොඩගත්තත් වැඩක් නැහැ. හොයපු සල්ලි කොහෙවත් ඉන්න හොරු පිල්ලි ගහනවා. (අ)
දැනටමත් ගොඩාක් ප්‍රමාදයි. (නි)
කතාවට මුල් තැන දෙන්න එපා. වැඩ වලට මුල් තැන දෙන්න. ඉක්මනින් ඔය හොරමුල අල්ලලා දඬුවම් දෙන්න හැකි විදියට කටයුතු කිරීමට ඉක්මන් කරන්න. ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නේ ඒකයි. (නි)
බැලුපුවහම අපි හම්බ කරන තරමක් හම්බකරලා දීලා තියෙන්නේ හා පරම්පරා ගණනක් ණයවෙවී පිටරටට අතපාමින් ණය අරන් තියෙන්නේ ලොකු ලොක්කන්ට නාස්ති කරන්නයි ඒ අයගේ සුඛවිහරණය සඳහායිනේ. මේවා දෙවියොම බලාගන්න ඕනෑ. (නි)
මේ කියන හැමදෙයක්ම වචනවල පමණක් සිමා නොවී ප්‍රයෝගිකව හැමදේම වෙන්න ඕනි. තරා තිරම නොබලා නිතිය හරියට ක්‍රියාත්මක කරන්න. (ර)
ඇත්තටම එහෙම යාන්ත්‍රණයක් තිබෙනවා නම් කොතරම් හොඳයිද? (නි)
එතකොට දැන් අහුවෙලා ඉන්නවා කියපු හොරු කෝ? ඔප්පුකරන්න සාක්කි තියනවා කියපු මහා පරිමාණ හොරුන්ට මොකද වුණේ? එක්කෝ හොරු නැද්ද, නැත්තම් ඔප්පුකරන්න සාක්කි නැද්ද ? (නි)
වැඩේ නම් ගොඩක් හොඳයි.ඇතුළෙන්ම පටන්ගත්තොත් තවත් හොඳයි (නි)
මේවා වදන් පමණද? ඇත්තටම කරන කෙනෙකුට කිය කියා ඉන්න දෙයක් නැහැ. ඔබතුමන්ලාගේ ගමන ඉතාම හෙමින් සිදුවන්නේ. (නි)
කටට නෙවෙයි වැඩට මුල්තැන ලැබුනොත් හොඳයි. (අ)