ශ්‍රීලංකා යොවුන් පාර්ලිමෙන්තුවේ යොවුන් සමාජවල තරුණ පෙළ හා අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද (10) සවස පැවැත්විණ.
තරුණ තරුණියන්ට යහපත් හෙට දවසක් උදාකරලීමට තමන් ජනපතිවරයා සමග එක්ව 2016 වසරේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් ශ්‍රීලංකාව ආර්ථික යුද්දයෙන්ද ජයගත යුතුව තිබෙන බවත් අගමැතිවරයා පැවසුවේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි (නි)
මේ තිලක් ඩුබායි කලින් තිලක් ඩුබායිමද? (කෞ)
ඒ ගැන හිතන්න උවමනා වුණේ නැහැ අපිට බරක් ආවේ නැති නිසා. දැන් ගෙවන්න වෙලානේ ඉතින් බදු බරයි, මේගොල්ලෝ රට යන ඒවායේ බරයි, මෙකී නොකී හැමදේම (නි)
අද නොව හෙට දකින නායකයෙක් කියලා අපි නම් කලිනුත් දැක්කා. අපේ වාසනාවකට අවුරුදු 15ක් විතර නොදැකත් හිටියා. (නි)
"අප්‍රමාදවම කළයුතුය. ඔබය රටේ පැතුම" මෙහෙම කියන්නේ මොනවගේ අයද කියලා අපි දන්නවා (නි)
ඔබතුමාට ජයවේවා! (නි)
යන්තම් ඇති තිලක්-ඩුබායිගේ තරම දැනගත්තා. (නි)
තවම යුද්ධයට පිටපට ගහනවාද? (නි)
දැන් රට එච්චරටම බංකොලොත් වෙලාද? (නි)
කරුණාකරලා වැඩ පටන්ගන්න වැඩක් කරලා පෙන්නන්න ඕවට ජනතාව රැවටෙන්නේ නෑ (ම)
සැරසේන්. සැරසේන්.. සැරසේන්...!!! (නි)
පාස්පෝර්ට් එකක් අලුතින් ගන්න අයට රුපියල් 10000කින් බදු ගහලම අපේ ඡන්දයට ලොකු වටිනාකමක් දී තිබෙනවා. (නි)
කම්බා හොරු අල්ලනවා කිවුවා. දැන් අවුරුද්දකුත් ගෙවුනා. මොන හොරාද ඇල්ලුවේ? මම නම් මේ අය කියන කිසිම දෙයක් සත පහකට විශ්වාස කරන්නේ නැහැ. (නි)
යොහාන්, බොහෝදෙනා ආර්ථික යුද්ධය ජයගන්නේ අසරණ එකාගේ බඩගෝස්තරයට බදු ගහලා තමයි (නි)
තවම සැරසෙනවද? අපි නම් මුහුණදීලත් ගොඩක් දවස් වෙනවා (නි)
තිලක් ඩුබායි මහත්තය "ලංකාදීපය" බදුගත්තේ කවදද? (කෞ)
කම්බා හොරු නිදැල්ලේ. කම්බා හොරු ටික අල්ලලා නීතියෙන් දැඩි දඬුවම් දීලා ඒ මුදල් වලින් ශ්‍රී ලංකාව ආර්ථික යුද්ධයෙන් ජයගන්න බලන්න. (නි)
කියන දේ කරන, කරන දේ කියන, පිටකොන්දක් තිබෙන එකම දේශපාලකයා ලෙස මම විශ්වාස කරන තරමින් ඉන්නේ ජෙනරල් ෆොන්සේකා පමණයි. (නි)
මේ අය ගැන විශ්වාසය තියලා මම මොනතරම් ඡන්ද අරගෙන දීලා තිබෙනවද? කෝ පොරොන්දු වුණ මොනවද ඉෂ්ට කරලා තියෙන්නේ? (නි)
ඩුබායි රටේ බැංකු ගිණුම් වල තිබෙන රුපියල් කෝටි ගණනක මුදල් රාජසන්තක කරලා ඒ කම්බා හොරුන්ට දැඩි දඬුවම් දෙන්න. ඒ මුදල් ඩුබායි රටට නිකම් පියාඹගෙන ආවේ නැහැනේ. (නි)
ආර්ථික යුද්ධයක් කියන්නේ මොකද්ද? දෙපිල බෙදිලා එළවලු වලින් ගහගන්නවද? බොරු වචන දැම්මට අපි රැවටෙන්නේ නැහැ. වැඩක් කරලා පෙන්වන්න. (නි)
අප්‍රමාදවම කළයුතුය. ඔබය රටේ පැතුම (නි)
තිලක් මහත්තයා කියන කතාව ඇත්ත. හොරුන්ට නම් කිසිම දඬුවමක් දෙන පාටක් නැහැ. අර්ජුන මහත්තයා කියන කතාව පොඩ්ඩක් බලන්න. (නි)
අද නොව හෙට දකින නායකයෙක් (නි)
තමන්ට කරන්න බැරි නම් කරුණාකරලා පොරොන්දු දෙන්න එපා. (නි)
අපේ හිටපු දේශපාලකයෝ ඇමරිකා, සීෂෙල්ස් ගියේ, ඉතාලියේ සෙන්ත් ෆ්රැන්සිස්කෝ ගියේ, ඩුබායි ගියේ නිකන් නෙමෙයි. ඒ ගැනත් හිතුවොත් නරකද? (නි)
කම්බා හොරු ඉදිරියේ කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කළත්, අසරණ අපිට නම් කොන්ද කෙළින් තියාගෙනම බදු ගැහිල්ල නම් ලස්සනට කරනවා. (නි)
මෙ ගතවුණ වසර තුළ රට තුළ විශාල අර්ථිකය වර්ධනයක් අැතිකළ, ජනතා සිතුම් පැතුම් හඳුනාගත් දක්ෂ එඩිතර නායකයෙක් (නි)
මේවට මොනවා කියන්නද මන්දා? (නි)
ඔබතුමා තවම යුද්ධයට සැරසෙනවද? අපි නම් අවුරුදු ගණනක සිට ආර්ථිකය සමඟ යුද්ධ කරලා හෙම්බත්වෙලා ඉන්නේ (නි)
නියමයිනේ! ඔහොම යමු (නි)
කොහොමද ආර්ථික යුද්ධය ජයගන්නේ? (නි)
ඡන්දෙට පෙර දුන් එක පොරොන්දුවක්වත් ඉටුකළාද? (නි)
මේවත් අර කාර් නිෂ්පාදන කම්හල වගේ වෙයිද? (නි)
ලොකු සතුටක් දැනෙනවා අගමැතිතුමනි. රට නිවැරදි මාවතේ ඔබ ගෙනයමින් අපේ ඡන්දයට ලොකු වටිනාකමක් දී තිබෙනවා. ආර්ථික සමුළුව ඉහළින් අගය කරනවා. සෑම වසරකම මෙවැනි ආර්ථික සමුළුවක් සංවිධානය කරන්න. (නි)
අගමැතිගේත් ජනාධිපතිගේත් ජාතික සංහිඳියාව ගොඩනැඟීමේ උත්සාහයත්, ආර්ථිකය ගොඩගැනීමේ උත්සාහයත් ඉහළින් අගයනවා. තාමත් ජාතිවාදී විෂබීජ වලින් පෙළෙමින් ඉන්න පිරිසක් ජනපති දුන් ජනපති සමාව පවා හෙළා දැකීමට පෙළඹුනා. මේ සියලු දෙනාට කියන්න කැමතියි තමුන්ගේ නොදැනුවත්කමින් රටට අවැඩක් නොකර පාඩුවේ ඉන්න කියලා. (නි)