උතුරු පළාත් ආර්ථික මධ්‍යස්ථානය ඉදිකරන්නේ කුමන ප්‍රදේශයේද යන්න තීරණය කිරීම සදහා පක්ෂ නියෝජිතයින් අතරේ මත විමසුමක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා තීරණය කර තිබේ.
2016 වසර සදහා වූ රජයේ අයවැයෙන් උතුරු පළාත සදහා ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට මුදල් වෙන්කර ඇති අතර එම මධ්‍යස්ථානය වව්නියාව තාන්ඩිකුලම් ප්‍රදේශයේ ඉදිකළ යුතු බවට හා ඕමන්තෙයි ප්‍රදේශයේ ඉදිකළ යුතු බවට දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතරේ මත දෙකක් ඉදිරිපත් වී තිබේ.
එක් මතයකට ඒමට අපොහොසත්වීම නිසා මත විමසුමත් පැවැත්වා ඒ අනුව තීරණයක් ගැනීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇත.
මේ අනුව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම මධ්‍යස්ථානය කුමන ප්‍රදේශයේ ඉදිකරන්නේද යන්න පිලිබද ලිඛිතව දැනුම් දෙන්නැයි පක්ෂ නායකත්වය දැනුම් දී තිබේ.
මෙම මත විමසුමෙන් පසු ආර්ථික මධ්‍යස්ථානය කුමන ප්‍රදේශයේ ඉදිකරන්නේද යන්න තීරණය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව සම්බන්දන් මහතා සදහන් කරයි.
COMMENTS