IMG-LOGO

‘ආර්ථික කලාපය ඕමන්තෙට එපා‘ : වව්නියා ව්‍යාපාරිකයෝ වීදි බසිති

වව්නියාව තාණ්ඩික්කුලමේ ඉදිකිරීමට යෝජනා වූ ආර්ථික මධ්‍යස්ථානය ඕමන්තට රැගෙන යාමෙන් උතුරේ සිංහල ව්‍යාපාරිකයින්  ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයින්ට හා ජනතාවට දැඩි අසාධාරණයක් වන බව කියමින් වව්නියාවේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

වව්නියාව දකුණ ව්‍යාපාරික හා විද්වත් සංසදය හා වව්නියාවේ සිංහල  දෙමළ හා මුස්ලිම් ව්‍යාපාරික එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය වව්නියාව එළවළු වෙළඳපොළ ඉදිරිපිට සිට වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන්කරමින්  වව්නියාව දිසාපතිවරයාට සන්දේශයක් බාර දුන්නේය.

යෝජිත ආර්ථික මධ්‍යස්ථානය වව්නියාව සිට ඕමන්තට ගෙන යාමෙන් වව්නියාව ,කැබිතිගොල්ලෑව ,පදවිය ,වැලිඔය , මැදවච්චිය ආදි ප්‍රදේශයන්හි ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයින්ට දැඩි අසාධාරණයක් වෙතියි ඔවුහු කියති.

පළාත් සභාවත් වවුනියා දිස්ත්‍රික් සම්බන්ධතා කමිටුවේත් තීරණය වූයේ මෙම වෙළඳ මධ්‍යස්ථානයේ වව්නියාවට කිලෝමීටර් 3ක් ඈතින් පිහිටි තාණ්ඩිකුලමේ විවෘත කළ යුතු බවයි. විපක්ෂ නායක ආර්.සම්බන්දන්ද ඒ අදහස එකඟය. එහෙත් උතුරු මහ ඇමැතිගේ තීරණය වී ඇත්තේ වව්නියාවට කිලෝමීටර් 19ක් දුරින් පිහිටි ඕමන්තේ එම ආර්ථික කලාපය පිහිටුවීමටයි.

DSC_5545 DSC_5563 DSC_5604 DSC_5631



අදහස් (0)

‘ආර්ථික කලාපය ඕමන්තෙට එපා‘ : වව්නියා ව්‍යාපාරිකයෝ වීදි බසිති

වෙල්ගම Friday, 15 July 2016 03:34 AM

යෝජනා උනේ තාණ්ඩික්කුලමේ හදන්න නම් ඕමන්තේට ගෙනියන්නේ මොකද දැන්.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 74 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 633 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site