IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආරුගම්බේ තහනම් කලාපයේ සැප මන්දිර

පොතුවිල් ආරුගම්බේ පානම ශාස්ත්‍රවෙල, රාගම්වෙල මුහුදු රක්ෂිතය හා කලපුව අතර පෙදෙසේ සුන්දර පරිසරයක සංචාරක නිවාස සමුහයක් ඉදිකර ඇත.

2010 සිට මෙම පෙදෙසට මහජනයාට ඇතුළු වීම තහනම් කර තිබිණි. කොන්ක්‍රීට් කණු මත කබානා වැනි ගොඩනැගිලිද කලපුව ඔස්සේ මුහුදට ගමන් කිරීම සඳහා කිලෝමීටර 2 ක පමණ සක්මන් මාවතක්ද, පිහිනුම් තටාක, හෙලිකොප්ටර් අංගන ආදියෙන් සමන්විත සියලු සැප පහසුකම් සහිත අධි සුඛෝපබෝගී ගම්මානයක් එහි ඉදිකර ඇත.

අඩු ගණනේ මෙම ප්‍රදේශය අක්කර 800 කට වඩා වැඩි බව පානම වැසියෝ කියති. ඒ අසල තවත් අක්කර 160 ක එවැනිම කබානා ස්වරූපයේ ගොඩනැගිලි ඉදිවෙමින් පවතී.

2010 ඔක්තෝබර් මාසයේ මෙම පෙදෙසේ රජයේ ඉඩම්වල පදිංචිවී සිටි පවුල් 30 ක් පමණ මුහුණු බැඳගත් මැර හමුදාවකින් පන්නා දැමීමෙන් පසුව අක්කර 160 ක පමණ ප්‍රදේශයේ මෙම ඉදිකිරීම් දක්නට ඇත. එම පෙදෙස් අධි ආරක්ෂක කලාපයක් බවට පත් කර ඇත. නාවික හමුදා කඳවුරක්ද ඒ සමීපයේ ගුවන් හමුදා කඳවුරක්ද ඇත.

අන්තර්ජාතික සබඳතා මධ්‍යස්ථානය නමින් හැඳින්වෙන පෙදෙසේ ඉදිකිරීම් අවසන්වී නැත. අවුරුදු 30-40 ක් මෙම පෙදෙසේ හේන් ගොවිතැන් කරමින් පදිංචිවී සිටි දරු පවුල් පන්නා දැමූ මැරයන් මෙතෙක් අල්ලාගෙන නැතැයි දැන් පානම පදිංචිවී සිටින එම පිරිස් කියති.

DSC01803 DSC01804 DSC01805 DSC01811 DSC01813 DSC01814 DSC01815 DSC01817

DSC01819 DSC01821 DSC01822 DSC01823 DSC01826 DSC01827 DSC01828

ඡායාරූප - යූ.විජේසිංහ



අදහස් (0)

ආරුගම්බේ තහනම් කලාපයේ සැප මන්දිර

පියල් Monday, 16 February 2015 05:18 PM

මේ අපේ ගම පානම. මෙම ඉඩම් නැවත ගම්වැසියන්ට ලැබෙනවා නම් ලොකු දෙයක් (නි)

:       0       0

නීලි Thursday, 19 February 2015 01:21 AM

මේවා රටට හොද අයෝජන .සංචාරක ව්‍යාපරයට වැදගත් ඉදිකිරීම් ....මඩ නොගසා මේවා රටේ දියුණුවට යොදාගන්න කටයුතු කරන්න...(අ)

:       0       0

වාසේන Sunday, 15 February 2015 09:43 PM

අගමැතිතුමනි මේවා බලල නිකම් ඉන්න එපා මහින්දගෙන් අහන්න මෙය කරල තියෙන දේවල් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන්න නිතිය කියනදේ කටත් පොදුයි (අ)

:       0       0

අනුර Monday, 16 February 2015 12:14 AM

මේවා මහජන රැස්වීම් වල කිය කියා ඉන්නට පෙර ඇයි නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? (නදී)

:       0       0

සමන් ප්‍රෂ්පකුමාර Monday, 16 February 2015 12:11 PM

හෝටල් හදන එකත් වැරදි වැඩක්ද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site