පොලිස් විශේෂ කාර්ය බළකාය පොතුවිල් ආරුගම්බේ සාමබෝධි විහාරයේ නව චෛත්‍යයේ නිදන් පිංකම පසුගිය දා සිදු කළේය.
විශේෂ කාර්ය බළකායේ අණ දෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පෙරේරා මහතා ප්‍රධාන ආරාධිතයා විය.
සිය නෑ අලුත් කුරු කෝරලේ උප ප්‍රධාන සංඝනායක හා කඩවත බියන්විල ශ්‍රී සෝමවර්ධනාරාමාධිපති ගෝනහේනේ විමලානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පොලිස් විශේෂ කාර්ය බළකායේ ධන පරිත්‍යාගයෙන් ශ්‍රම දායකත්වයෙන් හා රාජ්‍ය අනුග්‍රහයෙන් චෛත්‍ය ඉදිකැරේ.
පොතුවිල් අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී එච් ඒ වී දිසානායක ,මහඔය අණදෙණ නිලධාරී සහකාර පොලිස් අධිකාරී ධම්මික නෙත්තසිංහ යන මහත්වරු මේ පිංකම සංවිධානය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාරයිද ? (ස)
හොඳ ආරම්භයක් (නදී)
තෙරුවන් සරණයි සියලු දෙනාට ! (නි)
තව තව වෙහෙර විහාර හදන්න ශක්තිය ලැබේවා. (නදී)