IMG-LOGO

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගයක්: සඳුදා භාරදෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව සමගි  ජන බලවේගය විශ්වාස භංග යෝජනාවක්  භාරදීමට තීරණය කර ඇත.

මෙම යෝජනාව ලබන සඳුදා කතානායකවරයාට භාරදීමට නියමිත බව  සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන්  මහතා පැවසීය.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී නැගෙනහිර පළාත් භාර යුද හමුදා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේ අරුණ ජයසේකර මහතාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවක ඔහු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කිරීමෙන් එම පරීක්ෂණවලට බාධා ඇතිවිය හැකි බව මුජිබර්  රහුමාන්  මහතා පාර්ලිමේන්තුවේදී  පසුගියදා පෙන්වා දුන්නේය.

මෙයට අමතරව තවත් මන්ත්‍රීවරු රැසක්  ඔහුගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවේදී විවේචනය කළහ.



අදහස් (3)

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගයක්: සඳුදා භාරදෙයි

යසපාල Saturday, 09 August 2025 02:31 PM

මෙයා අපිටත් ෂුවර් නෑ සහෝදරයා, මේ තනතුරට අපිත් එක්ක මුල සිට හිටිය අපේම කෙනෙක් දාන්න..

:       2       5

විපරමා Saturday, 09 August 2025 02:54 PM

පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයෝ කවුද කියන එකත්, ඒ පිටුපස ඉන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ සිටින බවත් ලෝකෙම දන්නවා. බලය නැතුව, කරකියා ගන්ඩ දෙයක් නැතුව මෝලේ විකාර වෙලා ඉන්න විපක්ෂයේ අය ගැන මොන කතාද?

:       9       5

වත්සි Saturday, 09 August 2025 03:25 PM

මේ ආණ්ඩුවේ අසමත් අය අතර බංකු බංකු මහතා ප්‍රමුඛයෙකි. කෙතරම් අසමත් වුවත් ආණ්ඩුවේ ඇත්තන් මෙහි දී එතුමන්ට තම පක්‍ෂපාතිත්වය පල කරනු ඇත. නමුත්, මෙම විශ්වාසයභංගය හරහා අ. ජයසේකර ඇතුලු සමස්ත ආණ්ඩුවේ නොහැකියාව වෙත ජනතා අවධානය යොමු කරවීමට කටයුතු කළ යුතුයි...

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 468 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site