(අංජුල මහික වීරරත්න)
ජාතික ආරක්ෂාව සඳහා බලපාන රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
එවැනි රසායනික ද්‍රව්‍ය අවභාවිතා කිරීම වැළැක්වීම සඳහා ඒවා නියාමනය කිරීමටත් නීතිමය විධිවිධාන පැනවීමටත් එකී නියාමන කාර්යභාරය රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය වෙත පැවරීමටත් ආරක්ෂක අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
කාර්මික කෘෂිකාර්මික ,වෛද්‍ය සහ පර්යේෂණ කටයුතු වැනි සාමකාමී කාර්යයන් සදහා විවිධ රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙරට භාවිතා කරනු ලබන බව රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd