අපට හැම වෙලාවකදීම යම්කිසි තර්ජනයක් ඇතැයි කියා සිතා හැමවිටම ආරක්ෂාව තර කිරිම් කරන බවත් ආරක්ෂාව යනු ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරිම පමණක් නොව එය ඉතාමත් පළල් ගැඹුරු දෙයක් බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (13) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු පැවසීය.
යමෙක් නිශ්ශබ්දව සිටීමේදී ඔවුන් සංවිධානය වනු යැයි සිතා අපි ඔවුනට වඩා ඉදිරියෙන් සිටීමට බලන බවත් ආරක්ෂක ලේකම් එහිදී පැවසීය.
හෙට්ටිආරච්චි මහතා අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගෙන් අපි බලාපොරොත්තුවන දේ ඉටුකරන්න ඔබට හැකියාව ලැබේවා! (නි)
හොඳ කතාවක් (නි)
ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න පුළුවන් කොන්දක් තියෙන්නේ මහින්ද මහත්තයට විතරයි (බ)
කතාව නම් සහතික ඇත්ත (නි)
ජනතාවගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයක් යොමුකරන එක වටිනවා (නි)
කතාව වගේ වැඩත් කරනවනම් ආරක්ෂාව ගැන ජනතාවට බිය වෙන්න දෙයක් නැහැ.සුබ පැතුම්. (බ)
බොරුවටනේ (බ)
ඔබතුමා කියන දේ අපිත් පිළිගන්නවා (නි)
හොඳ කතාවක් (නි)
නිර්මල, ඉතින් 20 ට අඩුකළාද මහින්ද? (නි)
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ගැඹුරින් සිතාබලන්න ඕනෑ (නි)
කරුණාකරලා අපේ ආරක්ෂාව සළසන්න සියළු ඉදිරි කටයුතු කරන්න. (නි)
සුබ පැතුම්! (නි)
දැන් ඔබතුමාලට තියෙන්නේ බේරාදුන් රට ආරක්ෂා කරගන්න. අපි එයයි බලාපොරොත්තු වෙන්නේ (නි)
රටක ආරක්ෂාව කියන්නේ මොනතරම් තීරණාත්මක සාධකයක්ද? (නි)
අපි අපේ ආරක්ෂාව හොඳින් බලාගනිමු (නි)
සුබ ගමනකට ආසිරි! (නි)
හොඳයි. (නි)
ඕනෑම රටක ආරක්ෂාව රඳාපවතින්නට ප්‍රධානතම හේතුව බුද්ධි අංශයේ ක්‍රියාකාරිත්වයයි. එය ආරක්ෂා කිරීම කාගේත් යුතුකමයි (නි)
දැන්ඉතින් වැඩකරන්න වෙලාව. අපි බලාපොරොත්තුවෙන්නේ එයයි (නි)
ජනතාවට යහපත් සේවයක් කරන්න (නි)
කුරිරු යුද්ධයේ නොදන්නා පැත්ත දැනගෙන, අවබෝධ කරගෙන මේ අදහස් ප්‍රකාශ කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි (නි)
සුබපැතුම්, කයිවාරුව නවත්තලා වැඩ කරන්න. ගෝඨාභය මැතිතුමා කල අමිල සේවය මතකයේ තබාගැනීමට තරම් නිහතමානී වෙන්න. (නදී)
සුබ පැතුම්....! (නි)
පළල් සහ ගැඹුරු දෙයක් හරියට වගා ළිදක් වගේ! (නදී)
ආරක්ෂාව කියන්නේ ත්‍රස්තවාදීන්ගෙන් විතරද අපිව ආරක්ෂා කරන්නේ ? ඔය මැරෙන පොඩි ළමයිගේ ආරක්ෂාව? කුඩ්ඩෝ, හොරුන්ගේ ආරක්ෂාව කව්ද කරන්නේ ? (නදී)
ඔබගෙන් හොඳ සේවයක් ලැබෙනු ඇතැයි අපි සිතමු (නි)
ඇත්ත. ආරක්ෂාව යනු ත්‍රස්තවාදීන්ගෙන් පමණක් ඇති තර්ජන වලින් ආරක්ෂා කිරීම නොවේ (නි)
රට ආරක්ෂා කරන්න . ගෝඨාබය මහතා ලෙස රට රකින විදියට කටයුතු කරන්න. (නදී)
ඔබ හොඳ කෙනෙක් (නි)
අනුර, රට ආරක්ෂා කරන්න. ගෝඨාබය මහතා ලෙස රට රකින විදියට කටයුතු කරන්න. ඒ නිසා වෙන්න ඇති සිමෙන්ති කොට්ට ගොඩ බානවා වගේ කිලෝ 50 හේ කුඩු කොට්ට ගොඩ බාන්න අවස්තාව තිබුනේ. රටම කුඩු පුරයක් වුනේ? (නදී)
ඔය තනතුරට පත් වෙන්න තිබුනේ රටේ ආරක්ෂාව ගැන හොද පළපුරුද්දක් තියෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතායි. (නදී)
මෛත්‍රී මහත්තය තීන්දු තීරණ ගන්නේ ඔලුවෙන් හිටගෙනද කියල වෙලාවකට මට හිතෙනවා. (අ)
කුඩු කිලෝ 265 ක් ගෙනල්ල හසු වුන වෙලාවේදී,පසුව කුඩු වාෂ්ප වුනේ.(අ)
පරණ අය වගේ නම් වෙන්න එපා (අ)
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම් වලට අවි/කුඩු විකුණුව අය ගැන තවමත් විස්වාස කරන "බත් කන හරක්" ඉන්නේ ලංකාවේ විතරයි. (අ)
කාටුවත් බැ කුඩු නවත්තන්න, එක කරන්න ඕන රෙගු දෙපාර්තමේන්තුවෙන් . තිලක් ට ඔක්කොම පෙන්නේ වැරදී විදියට (අ)
ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා වඩාත් හොඳයි යළි පත්කරන්න (අ)
ඉංජිනේරු මහතාට අපගේ සුභ පැතුම්. (නදී)
ජනතාවට යහපත් සේවයක් කරන්න. (නදී)
දිනාගත් නිදහස -පරිසරය මතු පරපුරට .(අ)
මේ ආකල්පය මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක වුණොත් හොඳයි (නි)
එල්ටීටීඊ සංවිධානය විතරක් නෙමෙයි අනිත් සංවිධාන ගැන විශේෂයෙන් කල්පනාකාරී වෙන්න. හදිසි සොදිසි මෙහෙයුම් නිතරම කරන්න. ඇමතිතුමා ඇතුළු සියලුම දෙනාට ආශිර්වාද කරනවා! (නි)