මෛත්‍රී - රනිල් වික්‍රමසිංහ රජය රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා අඩු මට්ටමින් සලකන බවත් අද උතුරේ නොයෙකුත් අවනීති සිදුවන බවත් පෝස්ටර් ඇලවීමේ සිට නීතිය නොසලකා හරින තත්ත්වයක් පවතින බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බණ්ඩාරගම මෛත්‍රී ශාලාවේදී අද (26) ප්‍රකාශ කළේය.
ඔහුටද ලලිත් එල්ලාවලටද හරසර පිදීම නිමිත්තෙන් මේ උත්සවය පැවැත්විණි.
80 දීත් උතුරේදී මෙවැනි තත්ත්වයක් දක්නට ලැබුණු බවත් රටේ ආරක්ෂාව ගැන නොසලකා ක්‍රියා කළහොත් යළිත් නොදැනුවත්වම රට යුද්ධයකට ඇද වැටෙනු නියත බවත් ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකල ආණ්ඩුව සමග අපේ ගම් වල දුප්පත් කොල්ලෝ ටික ජිවිත පුජාවෙන් යුධය දින්නාම ඒකෙන් ගෞරවය ගන්න හැදුවේ වෙනත් කට්ටියක් හමුදාපති යුද විරුවා ඉදිරියට දාල බලය අරගෙන සුරනිමල වෙන්න බැලුව (බ)
හැංගිලා බැඳ වෙස් එළියට- දෙමළ සන්ධානය පෙඩල් ක්‍රමයට (ම)
මහින්ද එනවා..... 27 පාරක් පරද වුන රනිල් මහත්තය බයවෙලා. (බ)
මෙයාල කොටි සංවිධානය සමූල ඝාතනය නම් මොනවටද මෙච්චර ආරක්ෂාව ගැන බයවෙන්නේ ?(ම)
මම මගේ ඡන්ද පාවිච්චි කරන්න හිටියේ මහින්ද මහත්තයට. හැබැයි මහානාම කියන විදිහට යුද්ධයක් එනවනම් එ්ක එච්චර බුද්ධිමත් නැහැ කියල හිතෙනවා. යුද්ධය පිළිබදව වසර 30 ක් අත්දැකීම් තියන යුධ සැලසුම් හදපු සරත් මහත්තයාගේ සහයෝගය දැන් බොහෝ විට ලැබෙතැයි අනුමාන කළ හැක්කේ මහින්ද පිලට නොව. අනෙක් පිලටය. ඒ නිසා වඩාත් බුද්ධිමත් තීරණය රනිල් මහත්තයට ජන්දය දීම කියල දැන් සිතෙනවා. සරත් මහත්තය විශ්‍රාම ගොස් සිටියත් මෛත්‍රී රනිල් ඉල්ලීමක් කළහොත් සරත් මහත්තය ඕන වෙලාවක රට වෙනුවෙන් ඉදිරිපත් වේවි කියන විශ්වාසය මටත් තියෙනවා. ඔබටත් යලි යුද්ධයක් ඇතිවෙයි සුළු හෝ සැකයක් ඇත්නම් රනිල් මහත්තයට ඔබේ ජන්දය ලබා දෙන්න. (බ)
රණ්ඩු වෙන්න හරි රටක් තියෙන්න ඕන මහින්ද මහත්තය අාවොත් එ්ක ෂුවර් එ්ක නිසා මහින්දට රට දී බේරා ගමු (බ)
යුධ මානසිකත්වයක් තමා තියෙන්නේ. ඇයි දැන් ඔය වගේ වැඩ දකුණේ වෙන්නේ නැද්ද? අනිත් එක මෙයා යුද්ධ ආචර්ය වගේ කතා කරන්නේ යුද්දේ දිනුවේ මෙයා වගේ. බෝම්බ කාගෙන යුද්දේ දිනපු සරත් ෆොන්සේකා ව එලවල දැම්මා. (බ)
ගෙදර මාලු ටැංකිවල මාළුන්ට කෑම හිඟ ඇති දැන් . (ම)
මහත්තයෝ ඔය ට්‍රයි එක දුන්න සිංහල මුස්ලිම් අවුලවන්න, එ්ක හරිගියේ නැහැ. දැන් අාපහු ජාතින් අතර බේද ඇතිකර රට ලේ විලක් කරන්න හදනවා. ඔය මොනවා කලත් අාපහු සහෝදරයා රටේ නායකයා වෙන්නේ නැහැ (නදී)
ඔබතුමා රට බේරා ගන්න අගනා මෙහෙවරක් කළා. ඔබතුමාට ජය වේවා. (නදී)
රටේ සමගියෙන් ජිවත් උනොත් මොකටද ආර ක්ෂාවක්. ඔබලා වගේ ආණ්ඩුවක් තිබුනොත් අනිවාර්යෙන් ආරක්ෂාවක් ඕනි. (නදී)
අපේ අයට ඕවා වැටහෙන කොට වෙන්න තියෙන දේවල් සේරම වෙලා ඉවරයි. (ම)
රටේ ජාතික ආරක්ෂාව අඩපන වී ඇති බව පසුගිය සිද්ධීන් වලින් පැහැදිලි වේ (නදී)
මේ රට යන දිසාව ඕනෑම බුද්ධිමත් මිනිසෙකුට පේනවා. (ම)
ඉල්ලන හැම දෙයක්ම දේවි. එතකොට යුද්දයක් නැහැ (නදී)
මේ ගොල්ලන් විතරද පිරිමි. මේ පවුලේ කට්ටිය විතරද රටට ආදරේ? මයිත්‍රීපාල මහත්තය , රනිල් මහත්තය වගේ පිරිස සිංහල නොවෙයිද? රටට ආදරේ නැද්ද? මේවා පුදුම කතාවක් (නදී)
මෙයාලා හිතන්නේ රට පාලනය කරන්න දන්නේ මෙයාලා විතරයි කියලා (ම)
පිස්සු නැත්නම් ෂෝක් (නදී)
කරපු ජනතා සේවය අතිමහත්. එහෙත් ඇයි මේ තමන්ගේ ගරුත්වය විහින් කෙලෙසා ගන්නට යන්නේ. (ම)
ඔව් ඔයා හරි ආසයි නේ. ආයෙත් යුද්දේ විකුණන් කන්න පුලුවන්නේ ඔයාටයි මහින්දටයි. ලැජ්ජයි (නදී)
අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පර්මිට් එකක් ලැබෙනවා ලක්ෂ 200 ක වාහනයක් ආනයනය කිරීමට. පාර්ලිමේන්තුවේ 280 ක් ඉන්න නිසා මිලියන 5600 ක බදු මුදල් රජයට අහිමි වෙනවා. හරියට කන්ඩ බොන්ඩ, ඉස්පිරිතාලවල සි ටි ස්කෑන් නැති රටක මේ වගේ බදු මුදලක් රජයට අහිමි කිරීම කොච්චර වැරදිද? මේ පර්මිට් එක අහෝසි කරන්න කියල අතිගරු ජනාදිපතිතුමාගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලනවා (නදී)
ඔබ තුමාගේ කීම හරියට හරි. ලඟදීම සිංහලයට වෙන දේ බලාගන්න පුළුවන්. මේ රටේ ඉන්නේ හරිම මෝඩයෝ. මම ඉන්නේ ඇමරිකාවේ. අපිට පේන දේ මේ මෝඩයන්ට තේරෙන්නේ නැහැ සුභ පතනවා ඔබට. (නදී)
පෝස්ටර් වලින් යුද්දයක් ඇතිවෙයි කියනවා, එහෙනම් පහුගිය ජනාධිපතිවරණයේ මෙතුමාගේ සහෝදරයා ගහලා තිබ්බ පෝස්ටර් වලටයි කටවුට් වල හැටියටයි ලෝක යුද්දයක් ඇති වෙන්න ඕනනේ. ඒ කාලෙත් ඔය පෝස්ටර් නීතිය තිබුනානේ.(නදී)
රටේ මහජනතාවගෙන් බදු වශයෙන් එකතු කරන හැම රුපියලක්ම වියදම් වන ආකාරය දිනපතා වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රචාරය කරන්න. හැම ටෙන්ඩරයක්ම වෙබ් අඩවියක පල කරන්න . මහජන බදු මුදල් උපරිම පලදායිතවයකින් වියදම් කිරීම පිලිබදව මහජන අදහස් එකතු කරන වෙබ් අඩවියක් සහ ලියුම් පෙට්ටියක් සෑම ප්‍රාදේශීය කොට්ටශයකම ඇති කරන්න. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව වෙනුවෙන් ජනතාව ගෙන යන ආණ්ඩුවකි. මේ නිසා මහජනතාව ඔවුන්ගේ බදු මුදල් වියදම් කරන ආකාරය පිලිබදව රුජුව මැදිහත් කරගන්න. (නදී)
රටේ අාරක්ෂාව ගැන දැන්ද මතක් වෙන්නේ. (නදී)
මෙයාගේ කතා වලට මිනිස්සු රැවටුණු කාලය ඉවරයි. (නදී)
ආයි යුද්ධයක් ආවොත් මැරෙන්නෙ ඔබතුමාල නෙවී. අහිංසක ගම්වල ඉන්න දුප්පත් මිනිසුන්ගෙ ළමයි. ඔබතුමන්ලා හැමදාමත් වගේ හොඳ ආරක්ෂාවෙන් ඉඳීවි. පටු අරමුණු බලාගෙන වැඩකරන්න එපා. (නදී)
යුද්දේ, යුද්දේ, යුද්දේ රාජපක්ෂ පවුලට යුද්දයෙන් තොර අනාගතයක් ඇත්තෙම නැද්ද? (නදී)
නුවන් කියන දේ ඇත්ත. අපි ලගදි විකුනපු බැදුම්කර වලින් 60% ක් අඩු කරගන්න තිබුන මේ පර්මිට් එක නැති කලානම් (නදී)
කල්පනාවෙන් බැලුවොත් ඕක පැහැදිලිවම පේනවා. පාටකන්නාඩි දාන කට්ටියට ඕක පෙන්නේ වැඩේ පත්තු වුණාම. (ම)
නුවන් හරියට හරි. අද දේශපාලනය ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ මේ වගේ අනවශ්‍ය වරප්‍රසාද නිසයි. රටට ආදරේ කරන උගතුන් ගරු සේවයක් ලෙස දේශපාලනයට ගෙන ඒමට නම් මේ වගේ අනවශ්‍ය වරප්‍රසාද නැති කල යුතුයි. උගතුන් දේශපාලනයේ ඇති විට ඔවුන් පටු දේශපාලනය උදෙසා ජාතිවාදය පතුරන්නේද නැත.(නදී)
සිංහලයා කියන්නෙ දුර නොබලන ජාතියක්. අනෙක කිසිම කෙලෙහි ගුණයකි නැති ජාතියක්. හරිනම් තොප්පිය දාගන්න(නදී)
අනේ ඔයාගේ රටට තියෙන ප්‍රේමය..... හොරු කල්ලිය (බ)
යුද්දේ විකුණන් කන්න තියෙන ආසාව! ලැජ්ජා නැද්ද? (ම)
නුවන් 100% ක් එකගයි (බ)
රටට ඔච්චර ආදරේනම්, ඇයි හමුදාව අත් හැරලා ඇමෙරිකාවට ගිහිල්ල හැංගිලා හිටියේ? (ම)
ඒක ඇත්ත තමා. ළඟදි සුදු වැන් එකක් දැක්කෙත් නෑ.(බ)
ඔබතුමා හරි අපේ කට්ටිය හිතන ඉන්නේ ත්‍රස්තවාදය එන්නේ එල් ටි ටි ඊ වේශයෙන් විතරයි කියල අයි එස් අයි එස් කට්ටියත් දැන් ලංකාවේ ඉන්නේ ඉදිරියේදී හොද හොද දේ දකින්න ලැබේවි (බ)
බොළඳ දේශපාලනයෙන් මිදෙන්න නම් අනවශ්‍ය වරප්‍රසාද ඉවත් කළ යුතුමයි. (බ)
බය වෙන්න දෙයක් නැහැ යුද්දයක් ආයේ එන්නේ නැහැ අපේ ජිවිත කාලේදී මොකද ඉල්ලන සියලුම දේ බන්දේසි වල දාලා දෙන නිසා , දැන් මොනවාද නොදුන්නේ අල්ලපු රටේ උදවිය ඉල්ලපු දේවල් ? රටේ අනාගතය ගැන දැන ගන්න ඕනේ නම් , ටී එන් ඒ එකේ මැතිවරණ ප්‍රකාශය කියවා බලන්න , එහි පැහැදිලිව තියෙනවා 13 ට එහා ගිය ෆෙඩරල් පාලනයක් දෙන පක්ෂයට තමා අපේ සහයෝගය කියලා , මේ ටික තේරුම් ගන්න බැරි නම් මොනවා කරන්නද කාට කියන්නද ? අද මේ ජාතියේ හතුරා වී ඇත්තේ මහින්ද රාජපක්ෂය ( මෛත්‍රී මහතාට ඡන්දෙ දුන්න ලක්ෂ 62 කල්ලිය ) , දැන් පොදු හතුරා මේ රට කැබලි කර ගන්න ගිල ගන්න බලා ගෙන් දත් විලිස්සගෙන් බලා ඉන්න බෙදුම් වාදීන් නොවේ , මහින්ද හා ඔහුගේ පිරිසයි , මේ උදවිය 2009 මයි මාසෙට කලින් මොනවද කිව්වේ මොනවද ඉල්ලුවේ ? 2002 - 2004 මේ රට මිස්ටර් ප්‍රබාකරන් ට ලියලම බාර දෙනකොට මෙයා ලා කොහෙද හිටියේ ? වවුනියාවෙන් එහා ට වෙනම උසාවි , වෙනම බැංකු , වෙනම පොලිසි , වෙනම මුදල් ජාතියක් , අද මේ කතා කරන කල්ලියට මේවා අමතක වෙලා නේද ? (බ)
පුදුම මිනිස්සු ඉන්න රටක් ලංකාව. මේ වැරදි මත නිවැරදි කරන්න ඔබ වැනි අය බලයට පැමිණිය යුතුමයි (බ)
ලංකාවේ වෙසෙන පකිස්තාන් කාරයන්ගෙන් ලංකාවට ලොකු වින්නැහියක් වෙන්න පුළුවන් (බ)
අම්මෝ මෙයාල උපාසක ආණ්ඩුව .සමාදාන ඡන්දෙ කළේ සේරම කළේ. අර මර්වින් සිල්වාම කියන්නේ කරපුවා .මොනාද නොකළේ (බ)
බල තන්හාවට සල්ලි තන්හාවට මිනිස්සු මොන මොන විදිහේ දේවල් කියවනවද? (බ)
ඔවු මමත් පිළිගන්නවා රාජපක්ෂලා සමග යුද්දයක් (බ)
මහත්තයෝ කේ පි ත් එක්ක අල්ලගත්ත කිව්ව ධනස්කන්දයට මොකද වුනේ? (බ)
යුද්දය නිසා ජිවත් වූ , යුද්දය නිසා හැදුන , යුද්දය නිසා සුපිරි ජිවිත ගත කරපු අයට යුද්දය නෙතුවම බැහැ (බ)
මෙයාට අමු කැවිලද කොහෙද? දැන් කතා කරන්න නිදහස වැඩිවෙලා කියවන්නේම මිනිස්සු නොමග යවන කතා. ඡන්ද ගැනීමේ අදහසින් මෙවැනි දේවල් පොදු මහජනතාවට කියන්නේ රට හදන්නද? (බ)
මැතිතුමනි අපේ රටේ බත් කන හරක් හිතාගෙන ඉන්නේ එල් ටි ටි ය එක්ක සියලුම බෙදුමවදීන් විනාශ වුනා කියලා . ඔවුන් දන්නේ නැහැ ඒ විනාශ වුනේ බෙදුම්වාදීන්ගේ සන්නද්ධ අංශය විතරයි , අනෙත් අය දිවා රෑ නොබලා ඒ අරමුණ වැඩ කරන විත්තිය . ආයුධ පුහුණුව ලබපු දහස් ගණනක් තරුණයෝ ඉන්න උතුරේ , තුවක්කු කිහිපයකින් ලබාගත් සියලු ජයග්‍රහණ ආපසු හැරවිය හැකි බව මේ මිනිස්සුන්ට නොතේරෙන්නේ ඇයි (බ)
සමහරක් හරියට කතා කරන්නේ මැරිලා ඉපදිලා වගේ. කොහොමත් සිංහල මිනිසුන්ට මතක ටික කලයි, (බ)
සිංහල-මුස්ලිම් ගැටුම් අවුලුවල යුද්ධයක් ඇතිකරන්න හැදුවෙ කවුද කියල අපි දැක්කා. තමන්ට තිබ්බ අසීමිත බලය නැතිවුන නිසා රට ආපහු යුද්ධයකට තල්ලු වෙලා හරි තමන්ට ආපිට බලය ලැබෙනවනම් මේ අය ආස ඇති නේද. අපි අගෝ.17 අන්තිම පාඩමත් උගන්නනව..(බ)
නොමැති යුද්ධයක් මවා පෑමට උත්සාහ කිරීම තවත් යුද්ධයකට පාර කැපීමක් විය හැකිය..(ම)
හමුදාපති කියනවා රට ආරක්ෂාවෙලා තියෙන්නේ කියලා මෙයාලා බලන්නේ ආයේ රට අවුලුවන්න. මිනිස්සු මෝඩ නෑ මහත්තයෝ(ම)
මේ රටේ මිනිස්සු ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ .යුද්දෙන් ත්‍රස්තයන් සහමුලින්ම විනාශ උනා කියල තමයි හිතාගෙන ඉන්නේ .ලංකාවට එන්න බැරුව මෙහෙන් පැනල ගියපු උන් තව දහස් ගණනක් ලෝකේ පුරා දිවිගෙවන හැටි දැකල නෑ .යන්තන් යුද්දේ ඉවරවෙලා අවුරුදු පහයි සටන් පුහුණුව ලබපු ත්‍රස්තයන් තවමත් නිදැල්ලේ ඉන්නවා ඒවගේම රට බෙදන්න උවමනා කරන පාර්ශව ඉන්නවා අවශ්‍ය දෙගොල්ල එකතුවීම පමණයි .මෙතෙන ගෝටාබයට නෙවෙයි අපි හිනාවෙන්නේ අපිටමයි. හැබැයි ඔය හිනාවීම අපිටම අඬන්න වෙන තත්වයකට එන්න බොහොම ඉඩ තියෙනවා .එදාට ඔය හිනාවෙන මහත්තුරුන්ට මහා පාරේ නොමැරී සිටීමට ආයෙත් බොහෝ මහන්සියක් ගන්න වේවිද දන්නේ නෑ අර ඉස්සර වගේ . (ස)
රටට ආදරේ කරන දේශපාලකයෝ 2005 ට ඉස්සර හිටියානම් යුද්දේ අවුරුදු 30 ඇදෙන්නේ නෑ (ම)
අපේ ගම් වල දුප්පත් කොල්ලෝ ටික ජිවිත පුජාවෙන් යුධය දින්නාම එකේ ගෞරවය ගත්තේ වෙනත් කට්ටියක් .(ම)
මේගොල්ලන් හිතන්නේ එක පාරක් යුද්ධය දිනුවා කියලා පියාගෙන් පුතාට ආදී වශයෙන් ඊළඟ කල්ප ලක්ෂයක් මේ රට පාලනයට ලයිසන් ලැබුණා කියලා. (ම)