IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ආරක්ෂාව ගැන ටියුෂන් දුන් අයගේ වැයික්කියෙත් මිනී මරනවා

(නිමල කොඩිතුවක්කු)

මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී පවා  ඝාතන සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පාතාල කල්ලි මැර කල්ලි මිනිමරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි උණ්ඩය බෝම්බය බයිනේත්තුව කඩුව හරහා ජන සමාජය ග්‍රහණයට ගෙන ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.මිනිමරු සංස්කෘතිය නතර කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විසදුම් නැද්ද කියා ප්‍රශ්න කරණ බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

දිනපතා සිදුවන  මිනිමැරුම් ජාතික ආරක්ෂක ගැටලුවක් නැති බවට ආණ්ඩව පැවසුවත් රටේ ජනතාව මිය යනවා නම් එය ජාතික ආරක්ෂක ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ වගකීම වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජන ජීවිත සුරක්ෂිත කිරීම බවත් එය රට වෙනුවෙන් කරන යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

 



අදහස් (19)

ආරක්ෂාව ගැන ටියුෂන් දුන් අයගේ වැයික්කියෙත් මිනී මරනවා

m. saman perera Wednesday, 13 August 2025 08:19 PM

අප්පච්චි කරපු හරිය හොඳටම ඇති පුතානෝ.

:       2       8

sunil Wednesday, 13 August 2025 08:49 PM

විපක්ෂ නායකතුමා. මේක හරි සරල දෙයක්නේ. ඉස්සර ඕගොල්ලෝ ආණ්ඩුව කාලයේ කුඩු විකුණන්න මැරයොන්ට කප්පං ගන්න ඉඩ දුන්නා. දැන් ඒවා මොනාවත් බෑ, අල්ලස් ගන්නම බෑ .ඉතින් දැන් කට්ටිය ඇවිස්සිලා ඉවරයි. ඉතින් ඒකයි ඒ දැන් හැම එක්කෙනාම ඇනකොටා ගන්නේ. දැන් ඉතින් එහෙනම් ඉතින් ආරක්ෂාවට එක එක්කෙනාට එක එක පොලිසිය එක්කෙනා දාන්න වෙනවා. ඕක තේරුම් ගන්න බැරි විපක්‍ෂනායකතුමෙක්ද ඔබ

:       2       6

Asanga Wednesday, 13 August 2025 11:52 PM

එතකොට දැන් ආණ්ඩුව ද පලි.... ඔබලාම අයිතිකරපු පතාලය නේද මේ?

:       2       4

Sarangee Ulpathgama Thursday, 14 August 2025 12:54 AM

මෙයාලා ජාතික ආරක්ෂාව ගැන ඇලට් එකේමයි ඉන්නේ... හරි සතුටුයි නේද?

:       2       2

Nalaka Geekiyanage Thursday, 14 August 2025 05:53 AM

අනේ මගෙ කට තාත්තා හිටියනන් තමුන්ට මේ ගැන උපදෙස් ගන්න. සිහින ජනපති

:       2       5

Nishan Thursday, 14 August 2025 05:58 AM

දිවා රෑ නොබලා මේකේ කුණු හෝදන මාලිමාවේ ඩෝබිලා සෙට් එක දැන් මොකක් හරි කියයි මාතෘකාවට පිටින් දෙයක්. ලංකාව ඉතිහාසයේ දරුණුම පාතාලේ උණ්ඩයට යටත්ව ජීවත්වෙන යුගයට ගෙනල්ලා තියෙනවා මාලිමා ආණ්ඩුව. අද ජනාධිපති එයාගේ ආරක්ෂාව සිය ගුණයකින් විතර වැඩි කරගෙන කියනවා ජාතික ආරක්ෂාව හොඳයි කියලා. ඒත් රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව නැතිවෙලා කොහෙන් කොයි වෙලාවක උණ්ඩෙට බිලි වෙයිද දන්නේ නෑ.

:       9       3

සෙනෙවිරත්න Thursday, 14 August 2025 06:31 AM

මෙයා කලබල වෙලා තියෙන්නෙ මේ මරාගන්න උන්ගෙන් වැඩි හරියක් සජබෙ පතාලෙ නිසා, එක එක ජල්තරස් වැඩ කරපු උන් වැඩිහරියක් සජබෙ නැත්නම් පෙහොට්ටුවෙ, ඒකයි අමාරුව, තමුන්නැහැලා පැලකරපුව තමයි ඔය අස්වැන්න එන්නෙ. මෙහෙ අපරාධ කරල ඩුබායි වලට පැන්නෙ මේ රජය කාලෙද ,උන්ට තමන්ගෙ වැඩ කරගෙන යන්න බැරි නිසා දැන් මරාගන්නව,

:       2       3

සෙනෙවිරත්න Thursday, 14 August 2025 06:34 AM

සොත්ති උපාලිලා තියාගන දේශපාලනය කල පරම්පරාවෙන් ආපු කෙනෙක් කියන කතා, ඕව අහන කෙනෙක් නැහැ, ජනතාව දන්නව වෙනදේ එල්ලෙන්න වැලක් නැති සජබෙට මේක තමයි වැල, හයියෙන් අල්ලගන්න තව ටික කාලයයි , ඔය වැල තියෙන්නෙ.

:       2       4

චතුරි Thursday, 14 August 2025 07:19 AM

අනේ මේ ලාමක ටින්ටින්. මොනවද මේ කියන්නෙ. තමුන් කියන්නෙ මේ සේරම මිනිමැරුම් හොර වන්චා කුඩු පාතාල මාලිමාව ආවට පස්සෙද දරුනු වුනේ . තමන්ගෙ පියා මැරුන හැටි අමතකද. ඊටපස්සෙ මීහරක් ආන්ඩු දෙක මාරුවෙන් මාරුවට අවුරුදු ගානක් රට කෙරුව එක හොරෙක් මිනිමැරුවෙක් ඇල්ලුවද. ඇල්ලුවත් ජනාධිපති කියන එකා බලය පෙන්නලා මිනී මරුවෝ නිදහස් කරනව . මාලිමාව විතරයි රටක් හැටියට වැඩ කරන්නෙ. නිතීය ක්‍රියාත්මක කරන්නෙ. ඔයත් අර මන්ත්‍රි ඉස්කෝලෙට අයදුම් කරන්න. ගිරවෙක් වගේ කියවනවා. මුල අමතකයි. පාතාලය ලන්කරගෙන කට්ටියක් වැඩ කර ගත්තා. දැන් බලය බින්දුවයි. පාතාලයට ඉල්ලන දීමනා දෙන්න දැන් බැහැනෙ. එහෙම කට්ටිය අපා ගතවෙන්න ලෑස්තිවෙන්න. රට කුනු ගොඩක් දැන් තමා මූල පාට ගිහින් ඔප වැටෙන්නේ

:       2       6

Perera Thursday, 14 August 2025 07:45 AM

ඕවා මොනවද, ඔහෙගේ පියතුමාගේ කාලේ රට පුරාම පාරක් පාරක් ගානේ, හන්දියක් හන්දියක් ගානේ තිබුණ ටයර් සෑයවල් එක්ක බලනකොට.

:       4       8

කව්ද බෝයි Thursday, 14 August 2025 08:24 AM

පියාණෝ රටේ ජනපති වෙලා ඉන්න කාලේ "සෙරප්පු සුපා කියලා අන්වර්ථ නාමයකින් හඳුන්වපු රාජ්‍ය ඇමති කෙනෙක් මුළු රටටම කිව්වා "තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගන්න" කියලා. මතක නැතෙයි?

:       3       7

Bunny Preena Thursday, 14 August 2025 08:51 AM

විපක්ෂ නායකතුමාට මීට වඩා හොඳ මාතෘකාවක් ලැබිලා නැතුව වගෙයි.

:       4       6

මාලිමාපඟරනැට්ටා Thursday, 14 August 2025 09:33 AM

අයියෝ මෙතුමට තේරිලා නෑ . තාම ට්‍යුෂන් ඉවර නෑ නෙ.බංකුවල හිඟයක් මං හිතන්නෙ.

:       6       5

cHIN Thursday, 14 August 2025 09:35 AM

මෙරට මිනීමරු සංස්කෘතියක් බිහි කිරීමේ පුරෝගාමියා තමාගේ පියතුමා බව මතක් කරගන්න,

:       4       7

අරවින්ද මොණරවිල Thursday, 14 August 2025 09:42 AM

මෙයාගේ තාත්තාගේ කාලයේ ප්‍රා කළුකොටි කොළකොටි කහ බලල්ලු වගේ අතොරක් නැති මිනිමරු කල්ලි රට පුරාම මීනි මරමින් රට විශාලා නුවරක් කළ හැටි මෙයා දන්නේ නැතුව ඇති.මොකද මෙයා ඒ දවස්වල වල හිටියේ අපේ සල්ලි වලින් ලන්ඩන් නුවරයි. වෙන කරන්න දෙයක් නැති නිසා නයිට් ක්ලබ් වල රස්තියාදු වෙවි ඉන්න ඇති.

:       2       3

pakeer Thursday, 14 August 2025 10:14 AM

මිනී මරු සංස්කෘතිය පටන් ගත්තේ ඔයාගේ තාත්තා සහ එයාට ඉස්සෙලා හිටපු මහ එකා. දැන් ඉතින් බයිලා ගහල වැඩක් නෑ. දැන් ලංකාවේ අමනුෂ්‍යයෝ රජවෙලා ඉවරයි... බොරුවට කෑ ගහන්න එපා ඔයා. අනික, ලංකාවේ මිනි මැරුම් නවත්තන්න ඉස්සෙල්ලා සිංහල හැත්තට උගන්නන්න ඕන මිනිසුන්ට ගෞරව කරන්න... මනුෂ්‍යයන් විදිහට.

:       3       8

බකල ජයා Thursday, 14 August 2025 10:33 AM

බයිනෙන්තු? මේ මනුස්සයගෙ සිතීම, භාෂාව හැමදේම 'එක්ස්පයර්ඩ්.'

:       2       13

Rata Perata Thursday, 14 August 2025 11:30 AM

ඔයා වගේ හීනයක් දැකලා ඇහැරුණාම, රණසිංහ ප්‍රේමදාස, බටලන්ද, පාස්කු දින ප්‍රහාරය වගේ ඒවා මතක් කරගන්න.

:       3       8

fairoos Thursday, 14 August 2025 12:28 PM

මෙතුමාගේ තාත්තාගේ කාලේ වුනා කියලා දැනුත් වෙන්ඩ ඕනෑ නැනේද? කියන කෙනා නම් වැඩක් නැ තමයි ඒ වුණාට දැන් රටේ ඕක වෙනවා අනිවාර්යෙන්ම අලුත් පොලිස්පතිතුමා හොයලා බලයි

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site