තමා කතරගම වන්දනාවේ යද්දී කොහුවල පොලිසියෙන් තම ආරක්ෂාවට සපයා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා සහ කාර්ය මණ්ඩලය කතරගම දේවාලයේ පුද පූජාවලට නොවැම්බර් 16 වැනිදා තමා සමග හවුල්වූ බව දෙහිවල-ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මහතා කියයි.
ඔහු එසේ කියනුයේ තමාද සිටින ඡායාරූපයක් පළකරමින් ‘පොලිසිය බැලමෙහෙවරේ‘ යනුවෙන් පසුගිය 11/16 වැනිදා පළ කළ පුවත ගැන කරුණු පහදමිනි.
තවද මා පුරුද්දක් ලෙස එවන් වන්දනා මාන කටයුතුවලදී මා සමග යන පිරිසට ඔවුන්ගේ කටයුතු මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු කටයුතු සාර්ථක කරගැනීම උදෙසා පුද පූජා සූදානම් කර දෙන අතර ඔවුන්ටද මා මෙන්ම වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සලසා දෙනු ලබන්නේ විශාල භක්තියෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කාලයේ නම් නගරාධිපතිලාට, ගම් සභාපතිලාට පොලිස් ආරක්ෂාව දුන්නේ නැත (නි)
ලබන ජනවාරි වලින් පස්සේ ඉතින් සමහරුන්ට කතරගම දෙවියන්ගේම පිහිට තමයි! (නි)
කතරගම දෙවියන් ආශිර්වාද කරන්නේ පුජ වට්ටිය ගෙනියන විසිහතර පැයේම සේවයට කැපවෙලා ඉන්න පොලිසියේ රාලහාමිට.(හේ)
රත්තරන් ඇමතිතුමා ට්‍රිප් යනකොට ඩ්‍රයිවර් අරන් යන්නේ එහා වාහන එලවන්න ද (අ)
ජනතාවට සේවය කරන්න ගිහින් මැරෙන්න ද කියන්නෙ අද අැමතිලගේ ලේකම් ටත් තුවක්කු දුන්න කාටහරි අමාරුවක් තියනවනම් ලබනපාර දෙහිවල ගල්කිස්ස නගර සබාවට ඉල්ලන්න (අ)
මේ වගේ වැඩත් කරලා තව ඒ ගැන කියවන අයට ඡන්දය දෙන අය තමා නියමම නුවණක්කාරයෝ.... ඔහොම යමු. (නි)
පින වැඩි වෙන්නේ තමන්ම පුජාව ඔලුව උඩ තියගත්තම නේද ?(දිල්)
මිත්‍යා දෘෂ්ටිය (දිල්)
පොලිස් රාළහාමි නිල ඇඳුමින් තමන්ගේ ආරක්ෂාවට සිටියදී යම්කිසි බලවන්තකමක් පෙනෙන නිසා එහෙම එක්කගෙන යන්න ඇති (නි)
ඇත්තටම .....?(හේ)
ඔවුන් පූජාවට සහභාගි වෙන්නේ කැමැත්තෙන් නම් ඒකේ වැරැද්දක් කියන්න බැහැනේ (නි)
අනේ ඇත්තමද? (නි)
මට නම් මේ කතා විශ්වාස කරන්න බැහැ (නි)
කොන්ඩේ බැදපු චීනෙක් හොයල ඕක කිවුවනම් හොදයි මිට වැඩිය ඒ මිනිස්සුත් ආසයි ඒ අයගේ දරු මල්ලොත් එක්ක ඔය කියන විදියට පින කර ගන්න තනියම බැල මෙහෙවර කරන්න නෙමෙයි.(දිල්)
"නමුත් මෙවන් කටයුතු වලට ඔවුන් යොදාගැනීමේ විශාල වරදක් මා දකින්නේ නැහැ. "බැලමෙහෙවර කරන අය එහි වරද දකින්නේ නැත. අපි වගේ නිදහස් පුද්ගලයෝ බැලමෙහෙවර වරදක් හැටියට දකිනවා. නිවට කමේ සීමාවක් තිබෙන්න ඕනේ. (ස)
පොලිස් නිලධාරීන්ට රාජකාරී වෙලාවේ පුද පූජාවලට සහභාගී වෙන්න පුලුවන්ද? මහ නගර සභාවේ සභාපතිගේ ප්‍රකාශයේ වලංගුභාවය ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. (ර)
ජනතාවට සමීප නම් මොකටද ආරක්ෂාවක්. (ර)
ආරක්ෂාවක් සපයන කෙනාගේ වගකීම තම රාජකාරිය නිසිලෙස ඉටුකිරීම.එතුමාගේ සිතුම් සාධාරණ බව පෙනෙනවා. මේවාගේ ගමන් පුද්ගලික ගමන් ලෙස යනවා නම් මනාප වැඩිවේවි. (නි)
බුද්දිකගේ කතාව හරි. (ර)
ඔබ තුමා වන්දනාවේ යද්දී ඔය රාළහාමිට නිවාඩු දුන්නානම් ඒක තමා ලොකුම පින. (ර)
එතුමාගේ අදහස හොදයි, හැබැයි කොස්සකට තියෙන්නේ නිල ඇඳුම සහිතව ඕකට සහබාගිකරවාගත්ත එකයි! (ර)
මම හිතන්නේ මෙතුමා කියන්නේ ඇත්ත (නි)
මට මතක් වෙනවා කිතුල් ගහේ නැග්ග මිනිහගේ කතාව . (අ)
දිවට ඇට නැහැ කියන්නේ නිකන්ද? (නි)
හරිනම් දාගන්න (අ)
මං ඉන්න රටේ අපේ ප්‍රදේශයේ නගරාධිපති බොහෝ විට යන්නේ එන්නේ බයිසිකලයකින් . ලංකාවේ මේ වගේ ආරක්ෂාව සපයන්න ගියොත් නම් මහජනයා ට පැය 24 ක් රස්සා කරලාත් මේවට යන වියදම් හොයල දෙන්න බැරි වේවි. ඔන්න යුද්ධය කල පෙරමුණේ සිටි නායකයෙක් හරි ඉහල මට්ටමේ ඉන්න දේශපාලකයෙක් හරි නම් කමක් නැහැ. (අ)
සෙල්ලම් පිස්තෝල කතා , මමම ගහේ බන්දාගත්ත කතා , මම මටම ගහගත්ත කතා එක්ක එකතු කරන්න මේකත් වටිනා කතාවක් ... මෙයාගේ අතේ මල්වට්ටියක් තියෙන පින්තුරයක් පලවෙලා තිබුනේ නෑ හැබැයි .. (අ)
ඇත්තටම නගරාධිපති කෙනෙක්ට පොලිස් ආරක්ෂාවක් මොකටද ? (අ)
නුගේගොඩ නොලිමිට් එකේ කොටි බෝම්බය පිපුරුණ දවසේ මේ උත්තමයා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයෙන් මෙයා "දෙවියන්ට" බොහොම සමීප කෙනෙක් බව අපටත් වැටහුනා. එතකොට තමා ට සෙවන දුන් පක්ෂය වෙනුවෙන් ආණ්ඩුවට විතරක් නොවෙයි ජනතාවටත් පාඩම් කියා දෙන්න පුළුවන් අයෙක් ලෙසයි එදා කතා කලේ. ජයවේවා ! (අ)
බොරු කියල ඔය වගේ දෙකට පව් පුරවගන්න එපා. පූජාවෙනුත් වැඩක් නෑ. (ස)
අයියෝ! ආත්ම ගෞරවය? (නි)
තම නිල ඇඳුමින් මෙවැනි සිද්ධස්ථාන වල වන්දනාවේ යෙදෙන රජයේ හෝ පුද්ගලික ආයතන වල ආරක්ෂකයන්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගතයුතුය (නි)
බිංදුගේ අදහසට මම එකඟයි .මහා ඇමතිලාට, නගරාධිපතිලාට විශේෂ ආරක්ෂා ඕනෑද? එහෙමනම් රජයේ රැකියා කරන සැමටත් පොලිස් ආරක්ෂාව දෙන්න වෙයි (නි)
මම ඉන්න රටේ නගරාධිපති තනිවම කාරයේ ඇවිල්ලා කාරය පාර්ක් කරගන්නත් තැනක් හොයාගන්නේ අමාරුවෙන්. කිසිම ආරක්ෂාවක් නැහැ. (නි)
අනේ! අපි මේ කතා දැන් පිළිගන්නම්කෝ එහෙනම් (නි)
පොලිස් රාළහාමිලා මල්වට්ටි අතේ අරන් නගරාධිපති ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් ...මට පේන්නේ නම් මල් වට්ටියක් අතේ නැතුව ඉන්න නගරාධිපති තමයි වට පිට විපරම් කර කර පොලිස් රාලහාමිලවත් ආරක්ෂා කරලා තියෙන්නේ ...නගරාධිපති පොලිස් රාළහාමිලා එක්ක ගිහින් තියෙන්නේ මග තොටේදී වාහනේ හයියෙන් යද්දී ප්‍රශ්නයක් වුනොත් රාලහාමිලාව බේරගන්නයි ..(බ)
ඉරිසියාවට කියන කතා. පින් අතේ කෙරුණ වැඩක්. (බ)
ගරු නගරාධිපති ධනසිරි අමරතුංග මැතිතුමණි, කවදත් ඔබතුමා අවංක, නිහතමානි, ගුණවත්, එඩිතර, උගත්, බුද්ධිමත් මිනිසුන් අතර මිනිසෙකු නිසා තමයි නගරාධිපති වුණේ. එමනිසා මැතිතුමණි, ඔබතුමා සදා මිනිසුන් අතර මිනිසෙකු වන බව මට පසක්කළ හැක.ඔබතුමාට මගේ අවංක හදවතින් ජය පතමි! චිරං ජයතු! (නි)
නමුත් ඔබතුමාගේ මල් වට්ටිය ඔබේ අතේ තිබුනේ නැහැනේ. (නි)
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ගරු නගරාධිපති තැන්පත් ධනසිරි අමරතුංග මැතිතුමණි, දෙහිවල, කොළඹ පමණක් නොව, බස්නාහිර පළාතම ඔබතුමා සමඟයි. ජයවේවා !!!! (නි)
එතුමා බැලමෙහෙවරට යොදාගත්තේ එතුමාගේ ආරක්ෂාවට දීලා ඉන්න අයද එතකොට? නමුත් මෙවන් කටයුතු වලට ඔවුන් යොදාගැනීමේ විශාල වරදක් මා දකින්නේ නැහැ. (නි)
පොලිසියත් අද මහත් අසරණ තත්වයකට පත්වෙලා මේ දේශපාලකයෝ නිසා. (නි)