‘‘ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන රජයක් හැටියට අපි කිසිදු අවස්ථාවක නොසලකා හරින්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරද්දී ජනතාවට ඇතැම් අපහසුතා සහ දුෂ්කරතා අත්විදින්න සිදුවනාව. අපි රජයක් ලෙස දුක්විදින්න සිදුවන ජනතාව වෙනුවෙන් සංවේදීව කටයුතු කරණවා වගේම විසඳුම් සේවීමටත් ක්‍රියා කරණවා. එසේ වුවත් කිසිදු අවස්ථාවක දී ආරක්ෂක හමුදා භට පිරිස් අඩු කිරීමට හෝ කඳවුරු ඉවත්කිරීමට හෝ කිසිදු සූදානමක් නැහැ. ජාතික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමට ක්‍රියාකරණවා. ඒ වගේ ම හමුදාවේ වෘත්තීය මට්ටම ඉහළ දැමීමට හැකි සෑම දෙයක්ම කරණවා. ජාතික ආරක්ෂාව වැනි සංවේදී මාතෘකාවක් අල්ලගෙන පටු දේශපාලන මතප්‍රචාරය කිරීම් වලට රැවටෙන්න එපා කියා අපි ජනතාවගෙන් සහ හමුදාවෙන් ඉල්ලා සිටිනවා“ යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යාපනයේ දී කීවේය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා උතුරු නැගෙනහිර සිය ප්‍රථම නිල සංචාරයට සහභාගී වෙමින් පලාලි ගුවන්තොටුපොළට සිකුරාදා ගුවනින් පැමිණියේය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරුන් විසින් අමාත්‍යවරයා පිළිගන්නා ලදී. උතුරු නැගෙනහිර හමුදා ක්‍රියාකාරීත්වය සොයා බැලූ විජේවර්ධන හතා හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමින් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් මුලින්ම සිහිපත් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව උතුරින් ඉවත්කරන එකයි, කඳවුරු වලට සීමාකරන එකයි දෙකම එක වගේ. අපේ සිද්ධස්ථාන සහ රණවිරු ස්මාරක සියල්ල නඩත්තු කරන්නේ ඔවුන් විසින්. මෙම සේවාවලින් ඔවුන් ඉවත් කළොත් මේ සියලු දේ විනාශ වෙනවා. ඒ නිසා මේ ගැනත් සිතාබලන්න කියා ඉල්ලා සිටිනවා (නි)
අපේ රටේ ප්‍රශ්න ගැන ගොඩක් අයට හරි අවබෝධයක් නැහැ. එක්කෝ තේරුම්ගන්න අවශ්‍යතාවයක් නැහැ. (නි)
සිංහලයාට උතුරේ, නැගෙනහිර සහ වතුකරයේ පදිංචිවෙන්න බැහැ. මේවාට විසඳුම් නැද්ද? (නි)
අපේ පාලකයෝ ශක්තිමත් වියයුතුයි. (නි)
බියගම අපිට ඔබ ආඩම්බරයක්! ඔබටත් රටටත් ජය! (නි)
බලයට පැමිණීමේ ආශාව නිසා සමහරු ජාතික ආරක්ෂාවට හානිවන කටයුතු සිදුකරනවා. නමුත් අවංකවම රටට ආදරය කරන කෙනෙක් කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නැහැ (නි)
සමහරු තාමත් ඉන්නේ නින්දේ. යුද්ධේ ජයග්‍රහණය කලේ ත්‍රිවිධ හමුදාව බව අමතක වෙලා. දේශපාලකයින්ට යුද්ධ කරන්න පුළුවන් නම් රටකට හමුදාවක් අහවල් එහෙකටද? 161 ක් විතර ඇමතිවරු හිටියේ යන්න තිබුනනේ "රජතුමා" එක්ක යුද පෙරමුණට . එහෙම එකෙක් ගියාද? එහෙම උනානම් "මගේ සහෝදරය මිය යන්නෙත් නැහැ, මගේ සහෝදරියක් කනවැන්දුම් වෙන්නෙත් නැහැ." මේ යුද්දේ දිනාගන්න ගිහින් උන් දෙන්න ජීවිත පිදුවා. ඒ වගේ 60000 ක් ගේ විතර ජීවිත අහිමි උනා. දහස් ගණනක් රණ විරුවන්ගේ අත පය අහිමි උනා. පවුල් අනාත උනා. (නදී)
අජිත් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. අවබෝදයකින් කතා කරන්න. (ස)
ඔබ වැනි කොන්දක් ඇති ජ්‍යෙෂ්ඨයින් ගැන අපිට ගොඩක් සතුටුයි (නදී)
සුභ පැතුම් ධුරයේ කටයුතු හොදින් කරගෙන යන්න ඔබ නිහතමානි අමාත්‍ය වරයෙක් (නදී)
මම හිතනවා ඔහු අනාගත ජනපති වෙනු ඇතැයි කියා. (නදී)
හිටපු ජනාධිපතිතුමාට පින්සිද්දවන්න දැන් ඔය පැත්තේ යනවා නේද. නිදහස් දවසේ හිරේ හිටපු කොටි සැක කරුවෝ කි දෙනෙක් නිදහස් කලාද. තව කි දවසක් ඉදිරියට ඔහොම යන්න පුලුවන්ද? ඉදිරියේදී විසා අරන් තමයි යන්න වෙන්නේ. (නදී)
මේ මහත්තයා තරුණ හොඳ කෙනෙක්. අනිත් ජරා දේශපාලුවෝ වගේ මහා ජනතාව ගොනාට අන්දන්න එපා. ලංකාවේ බිහිවුන හොඳ බුද්ධි අංශ නිලධාරියාව ඉවත් කලේ, ටැමිල් නෙට් එකට ඉඩ දුන්නේ, හමුදා කඳවුරු ඉඩම් අඩු කරන්න කතා කරන්නේ ජාතික ආරක්ෂාව නිසා වෙන ඇති. (නදී)