
(අංජුල මහික වීරරත්න)
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (Defence Services Command and Staff College) 19 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
මෙහිදී ත්‍රිවිධ හමුදාවන් සඳහා උසස්ම හමුදා අධ්‍යාපන ආයතනය වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ, 19 වැනි පාඨමාලාව සාර්ථකව අවසන් කළ, විදේශීය සිසුන් 26 ක් ඇතුළු පුහුණුලාභීන් 149 දෙනෙකුට උපාධි ප්‍රදානය කෙරිණි.
අධ්‍යාපනික කාර්ය සාධනයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන්ට Golden Owl Award, Golden Pen Award සහ Commandant’s Honours යන සම්මාන ප්‍රදානය කිරීමට අග්‍රාමාත්‍යවරිය සහභාගී වූවාය.
උත්සවය ඇමතූ අග්‍රාමාත්‍යවරිය කීවේ
ත්‍රිවිධ හමුදාව ජාතික අර්බුදයේ දී ජනතාව සහ සිවිල් ආයතන සමඟ එක්ව, නොසැලෙන කැපවීමෙන්, කාර්යක්ෂමව කටයුතු කිරීම වෙනුවෙන් ප්‍රශංසාව පළ කරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd