රුපියල් කෝටියක් වැයකර ඉදිකළ මහවැලි ගඟේ ආරක්ෂක බැම්ම හැදූ තැනින් යළිත් කැඩී යාමත් වැව් අමුණු පිටාර ගැලීමත් නිසා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වගා කළ කුඹුරු අක්කර එක් ලක්ෂ පන්දාහෙන් පනස් දහසක් පමණ දින 10ක් තිස්සේ ගංවතුරට යටවී ඇත.
වාරි මාර්ග අධ්‍යක්ෂ ආර්.ටී.උපාලි රාජපක්ෂ මහතා පවසනුයේ අඩු ගණනේ අක්කර 20,000ක්වත් යළි වැපිරීමට සිදුවන බවයි.
වෙරුගල්හි නාදන්ඕඩේ ආරක්ෂක බැමි දෙක කැඩී ගොසිනි. දින 10ක් පුරා වැසි පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd