ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ වෙනත් තාක්ෂණික ක්ෂේත්‍රයන්හි සොයා ගත් නව නිපැයුම් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණයට යොමු කිරීම පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
පර්යේෂණ කර සොයා ගන්නා මෙවැනි නව නිපැයුම් රටේ අභිවෘද්ධියට සහ සංවර්ධනයට යොදා ගැනීම අතිශයින් වැදගත් වන බව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ මෙම නව සොයා ගැනීම් අගයමින් ජනපතිවරයා කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආරකෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක ලේකම්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති සහ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටිරාන් ද සිල්වා යන මහත්වරුඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක් මෑණියනි ඔබට චිරං ජයතු.! (ර)
අපේ රටේ මොනතරම් දක්ෂයෝ ඇද්ද? (නි)