මාවනැල්ලේ වසර 195 ක් පැරණි ආරුක්කු ගඩොල් පාලම දෙපැත්තේ වල් පැළෑටි හටගෙන කාලයක් ගත වී ඇතත් එම ගස් ලොකුවන තුරු ඉවත් කර නොමැති බව ප්‍රදේශවාසීහු කියති. කොන්ක්‍රීට් හෝ වානේ කම්බි නොමැතිව 1821 දී බ්‍රිතාන්‍යය යුගයේ ඉදි කළ මේ පාලමේ අදත් බර වාහන ගමන් කරයි. කොළඹ මහනුවර මර්ගයේ දිගම හා විශාලතම පාලම මෙයයි.
මෙවැනිම තවත් පාලමක් කලවාන මාර්ගයේ ද ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද වෙලා තියෙන්නේ හැම දෙයක්ම පත්තරෙන් පෙන්නලා දෙන්න වෙලා. ඒ වුණත් පඳුරකට ගහපුවම කොච්චර නම් රජයේ නිලධාරීන් විසිවෙනවද. මේ දේවල් වලටම නියමිත රජයේ සේවකයෝ ඉන්නවනේ. බලන්න රටකට ගියකලක්. අතීත සම්පත් රැක ගන්න හැමෝම මහන්සිවෙන්න ඕන. මේ වගේ වැඩ ආවට ගියාට කරන්න බැහැ. ඒ වගේම දේශ පාලකයන් මේක අනන්තවත් දකින්න ඇති.එත් මොනවටද ඕව කරන්නේ අපිට යන්න විතරනේ ඕන කියල හිතනවත් ඇති නේද?(අ)
අරවින්ද, ඔව් ඔව් රටම දියුණුවෙයි (නි)
විකල්ප පාලමක් සදා මෙය සංරක්ෂණය කළයුතුයි (නි)
දැන් එතකොට ඔය ගස් ඉවත් කරන්න විදේශීය කණ්ඩායමක් ඕනේ කියලද කියන්නේ. (බ)
මේවා රැකගතයුතු දේවල්. ඉදිරි පරම්පරාවට දැක බලා ගැනීමට හා ඒවා ආරක්ෂා කරගැනීමත් ඔවුන්ගේ වගකීම. මේවා ප්‍රතිසංස්කරණය කිරීම රජයේ වගකිමක් (නි)
අපේ රටේ සිරිතක්නේද අනතුරට පස්සේ තමයි වැඩේට බහින්නේ. බලධාරීන් මේගැන දැන්ම අවදානය යොමු කළානම් හොඳයි. (බ)
මෙම අපරාධවලට වගකිවයුතු අයට දඬුවම් ලැබීම වැඩි ඈතක නොවේ! (නි)
ඉස්සර නම් ශ්‍රමදාන කියල දෙයක් තිබුණා, දැන් ඉතින් ඔක්කොම ආණ්ඩුවෙන් කරන තුරු බලා ඉන්නවා. පාරක කුඩා වළක් හැදුනත් පස් පිඩැල්ලක් දමන මිනිස්සු හිටියා. අපිට හෙණ ගහන තුරු අපිම බලා ඉන්නවා. මාවනැල්ලේ මිනිස්සුන්ට බැරිද මේක කරගන්න. (බ)
යහපාලනය බලාඉන්නේ පාලම කඩා වැටෙනතුරුද? (නි)
මේක රැකගන්න නම් ඒ සම්බන්ධව දැනුමක් ඇති අයගේ සහය ලැබේවා! (නි)
ආණ්ඩුව එකිනෙකාට බැණගන්නවා මිසක් මෙවන් දෙයක් ආරක්ෂා කරගැනීමට තරම් උවමනාවක් හෝ දැනීමක් නැත (නි)
අපි සුදු මිනිසා හදපු දේ යැයි කිය කියා ඔවුන්ට අපහාස කරකර ඉඳිමු. අපි සිංහල ජාතිය මොනතරම් කෙළෙහිගුණ දන්නා මිනිස් වර්ගයක් වුවද අද මෙසේවීම පුද්ගලිකව හිතට දුකක්. අනුන් දුන් දෙය ආරක්ෂා කර ගැනීම අප සතු වගකිමයි (නි)
මෙවන් නිර්මාණ විශ්මිත වගේම සුන්දරයි. ඒත් අපේ අයට කිසිම අගයක් නැහැ (නි)
අද කාලේ අයට ඇස් ඇරෙන්නේ ඕක ගැළවිලා වැටුනහමයි (නි)
මෙම පැල මුලින් ගළවාදැමීමෙන් කුස්තූර වලට හානි සිදුවෙනවා. වෙන ක්‍රමයකින් මේ පැල විනාශකර දැමිය යුතුයි (නි)
මේක ශ්‍රමදාන වලින් කරන්න පුළුවන් දෙයක්නෙමෙයි කොළොඹ නුවර ප්‍රධාන පාර මේ . මේ පාලම ගොඩක් උසයි. (ර)
ශ්‍රමධාන දාලා කරන වැඩ නෙමේ මේවා. ජීවිත අවදානම් වැඩ. (ර)
මේවා ගැන සොයා බැලියයුතු බලධාරින්ගේ ඇස අන්ධවෙලාද? එසේත් නැත්නම් බලධාරීන් කව්රු කව්රුත් මෙම පාලම කඩා වැටෙනතුරු බලා සිටිනවාද? (නි)
ජනහිත, ඔබ හරියටම හරි. දැනටමත් ප්‍රමාද වැඩියි. මෙම ගස් පැළෑටි අවදියේම ඉවත් කළයුතුයි. නමුත් අදාළ බලධාරින් අන්ධයි (නි)
බ්‍රිතාන්‍යයයෙන් ඇවිත් හදල දුන්නනම් බ්රිතාන්යයනම ඇවිත් තනකොලත් ගලවල මේක සුද්ද කරලා දුන්නනම් මොකද? (ර)
අරවින්ද මොනතරම් අධිරාජ්‍යවාදීන්ට බැන්නත් රැකියාවකට යන්න හොයන්නේ බ්‍රිටිෂ් කොම්පැනියක්, ඇමරිකන් කොම්පැනියක්, නැත්නම් ප්‍රංශ කොම්පැනියක්. එ්කයි යථාර්ථය (නි)
සිංහලයා මොඩයා කැවුම් කන්න යෝදයා , අද කාලේ ඉන්නේ එවුන් එලසින වැඩ කරයි (අ)
අරවින්ද, හරියටම හරි මමත් එකඟයි. අද දුන්නත් අවුරුදු 10න් රට දියුණු කරයි (නි)
අපේ පරිසරය හා සම්පත් රැකගැනීම සොයාබලන්න රජයේ ආයතනයක් නැත්නම්, එය ඇතිකිරීම හොඳයි. නමුත් මෙයට පත් කළයුත්තේ ඇත්තටම එයට ආදරය කරන අයයි. (නි)
මේ ප්රශ්නය දැන් ඔඩුදුවලා ඉවරයි. මෙය හරියාකාරව කිරීමට නම් රජයේ මැදිහත්වීම මත මේ පිළිබදව තාක්ෂණික ඉංජිනේරුවකුගේ මඟපෙන්වීම යටතේ කළයුතුයි. මෙය ශ්‍රමදානයකින් කරන්න පුළුවන් දෙයක් නොවේ. (නි)
මොන තරම් අධිරාජ්‍යවාදීන්ට බැන්නත් ඒ අය හදපු දේවල් අපි අවරුදු 200 කට පස්සෙත් ගැටලුවක් නැතිව භාවිතා කරනවා. මම හිතන්නේ මේ රට දිගටම අධිරාජ්‍යවාදීන්ට යටත්ව තිබුන නම්, අද අපේ රට දියුණු රටක් වීමට තිබුණා (බ)
මම මයුරපාදයට යන කාලේ දහස් වාරයක් මෙම පාලම උඩින් පයින් ගමන් කරලා තියෙනවා ,මෙය ජාතික වස්තුවක් ,සංරක්ෂණය කළ යුතු කාලය ඇවිල්ලා , (අ)
ප්‍රදේශවාසීන්ට පුළුවන් ගම නැගුමට කියා ගිය වර ඡන්දය ලබාගෙන ප්‍රාදේශීය සභාවට ගියා මෙවරත් ඡන්දයට ඉදිරිපත්වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ ප්‍රධානත්වයෙන් ශ්‍රමදානයක් පවත්වා ඔය වැවී තිබෙන ගස් ඉවත්කරන්න. (බ)
ඉස්සර නම් ගම්වල මිනිස්සු ශ්‍රමදාන තියලා තම තමන්ගේ ගමේ පාරවල් පාලම් බෝක්කු ඒදඩු ආදිය ශුද්ධ පවිත්‍ර කරගත්තා. කාටවත් චෝදනා කර කර හිටියේ නෑ. කුඹුරෙ හේනේ වැඩ කරද්දිත් අල්ලපු කුඹුරෙ වැඩ කරද්දි තමන්ගෙ කුඹුරෙ වැඩ ඉවර නම් අල්ලපු කුඹුරෙ අයටත් උදව් කරනවා. දැන් රට කන දේශපාලුවන්ගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්න බෑ. තම තමන්ගෙ වැඩ තම තමන් කරගන්න ඕන. දේශපාලුවන්ට වැඩක් නෑ ඕව කැඩිල බිදිල ගියත්. එයාලට එයාලගෙ කෝටි ගණන් වාහන වලින් ඇවිත් ඕව බලල යයි. ආයෙත් එන්නෙ නෑ පළාතෙවත් එයාලට හැමදේම ලැබෙනවා. (බ)
අපේ රටේ තාමත් තියෙන්නේ මහින්ද භීතිකාව. දැන් අවරුදු කීයක්ද ?අපි දැන් ඉන්නේ 21 ශත වර්ෂයේ .හිත්වල තියෙන කුහක ගති ගුණ අයින් කරලා දැන්වත් ජාතියක් හැටියට එකට යන්න හිතමුද ?අපේ රටේ අපට මොනවද අඩු පාඩු.මොහොතක් සිතන්න ..(බ)
මෙම පාලම මෑතක් වෙන තුරු හොදින් නඩත්තු කර තිබෙනවා. නමුත් ආණ්ඩු වෙනසක් එක්ක මේදේවල් යාවත් කාලීන කරලා නැහැ .සමහර ප්‍රධාන කාපට් කරපු මාර්ග වල සුදු ඉරි මැකිලා. රටක් බර ගන්න කොට තියෙන දේ නඩත්තු කරන්නත් අලුතින් දේවල් ඉදි කරන්නත් යන දෙකම කළ යුතුයි. දැන් ශ්‍රම දාන කරන්න පුළුවන් කාලයක නෙමෙයි අපි ඉන්නේ.නිවාඩු දවස ගෙදර වැඩ කරගන්නත් මදි. (බ)
මෝඩ කතා එපා නගර සභා තියන්නේ මේවට තමයි (බ)
මේ පාලම කෞතුක වටිනාකමක් ඇති පැරණි පාලමක්.. මෙය අනගතයට රැක ගැනීම කාගේත් යුතුකමක්..පෙන්නුවට ලංකාදීපයට තුති..(බ)
ශ්‍රමදාන ඕන නෑ. තම තමන්ට පුළුවන් තරමින් පැලය බැගින් කපලා දාන්න පුළුවන්. පාලම උඩ ඉඳන් දිග කැත්තකින් හරි කෙක්කකින් හරි කපන්න පුළුවන්.හැබැයි එතකොට පොලීසියෙන් අල්ලං යාවිද දන්නේ නෑ රජයේ දේපලට හානි කරනවා කියලා. (බ)
ශ්‍රමදාන දාලා මිනිස්සු ඒ වැඩ කරගත්තේ එදා ඒ වෙනුවෙන් කෙනෙක් නොසිටිය නිසයි. අද පඳුරකට ගැහුවොත් සිය ගණනක් විසිවෙනවා මහජන මුදලින් යැපෙන පලාබබාලා, ප්‍රා. බබාලා, සහකාර දිස්ත්‍රික් ලේකම්ලා, ලේකම්ලා මෙකි නොකී තවත් කට්ටිය. එහෙම එකේ මොකටද ශ්‍රමදාන දාන්නේ? එහෙනම් මේ කට්ටිය ගෙදරම නවතමු. අපි අපේ වැඩ ගමේ වැඩ මීටකලින් කරගත්තා වගේ ශ්‍රමදාන වලින් කරගන්නම්. (නි)