අපරාධකරුවන් හඳුනාගැනීමේ ඩී.එන්.ඒ. ජාන රටාදත්ත බැංකුවක් ජීන් ටෙක් ආයතනය ස්ථාපිතකොට ඇති බව එහි විද්‍යාඥ රුවන් ඉලේපෙරුම මහතා පවසයි.
වසර 12ක් තිස්සේ ජීන් ටෙක් ආයතනය අපරාධකරුවන් ගණනකගෙන් ලබාගත් ඩී.එන්.ඒ. රටා ආශ්‍රයෙන් මෙම බැංකුව ගොඩනගා ඇතැයිද ඒ මහතා කියයි.
අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිසියට සහායවීම සඳහා මෙම දත්ත බැංකුව ප්‍රයෝජනවත් වනු ඇතැයිද අපරාධයකදී ඩී.එන්.ඒ පරීක්ෂණයකින් පසු එම අපරාධය සිදුකළ අපරාධකරු මීට පෙරද අපරාධයක් සිදුකර ඇත්නම් පහසුවෙන් දත්ත බැංකුවේ ඩී.එන්.ඒ රටා සමග සැසඳීමෙන් හෙළි කර ගත හැකියැයිද ඉලේපෙරුම මහතා පවසයි. වසර 12 ක් පුරා සිදුකළ අපරාධ ඔස්සේ හඳුනාගත් අපරාධකරුවන් 3500 කගේ පමණ ඩී.එන්.ඒ. රටා පරිගණකගත කොට බැංකුවේ අන්තර්ගතකොට තිබීම අපරාධකරුවන් හඳුනාගැනීමට උපකාරීවන බවද ඒ මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදන වැඩ කරන අය ගැන නැතිද තොරතුරු බැංකුවක් (නදී)
ලෝකයේ අනිකුත් රටවල මේ ඩී.එන්.ඒ පරීක්ෂණයෙන් සතුරෙක් පමණක් නොව පරම්පරා ගණනක විස්තර සමගින් සෑම දෙයක්ම ඒ පුද්ගලයා ගැන සොයා ගැනීමේ හැකියාවක් තිබෙන මුත් ශ්‍රී ලංකාව කියනා රටේ වෛද්‍ය විද්‍යාවත් කණපිට හැරවීමේ මහා බලගතු දේශපාලන විද්‍යාවේ මිනිසුන් සැදී පැහැදී සිටිනා තාක් අපිට මේ කිසිවක් විශ්වාශ කිරීමට හැකියාවක් නැත. අර කහවත්තේ කොටකෙතනේ ඩී.එන්.ඒ පරීක්ෂණයත් කලේ මෙයාළලු නේද .? ඒක තමයි අවුල් උණු නුල් බෝලයක් වගේ වෙලා තියෙන්නේ කොට කෙතනේ නඩු පරීක්ෂණ (නදී)
මේක ඉතාම හොද වැඩක්.. මෙය මීට වඩා පුළුල් කළ හැකියි. අපරාධකරුවන්ගේ පමණක් නොව සියලු දෙනාගේම ඩීඑන්ඒ අඩංගු කිරීම දක්වා මෙය දියුණු කළ යුතුයි. මොකද අපරාධයක් හදුනා ගන්නවා වගේම කොහේ හරි මනුස්සයෙක් මැරිලා හිටියොත් එයාව හදුනාගන්න නැත්තම් ශරීර කොටසක් හමු වුනොත් එය කාගේද යන්න හදුනා ගන්න පුළුවන් වෙනවා. ඉදිරියේදී උපතේදීම ඩීඑන්ඒ ලියාපදිංචියක් කරනවානං බොහොම හොදයි. මේ ක්‍රමය භාවිතා කරලා නැෂනල් සිකියුරිටි කෝඩ් කියන දෙයට යොමු වෙන්න පුළුවන් නං බොහොම වටිනවා. (බ)
අපරාධය කළ බවට නිශ්චිතව නීතිය හමුවේ ඔප්පුකළ හැකිනම් වරදට දඬුවම සාධාරණ වේවි (බ)
බොහොම හොද වැඩක් .ලංකාවේ හැමෝගෙම ඩිඑන්ඒ දත්ත ගබඩා කරලා තිබුනොත් දුෂණ කිරිදරුවන් මහපාර වල දාල යන මිනිස්සු හොයාගන්න පුළුවන් පහසුවෙන්.(ම)