
(අංජුල මහික වීරරත්න)
ආයෝජන සහ කර්මාන්ත ආශ්‍රිතව රාජ්‍ය ආයතන අතර පවතින පාලන සහ නියාමන බාධා ඉවත් කර එම ක්‍රියාවලි වේගවත් කිරීමේ අරමුණින් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) විවෘත කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව කර්මාන්ත ක්ෂේත්‍රයේ ධනාත්මක පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබෙයි.
ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී සහ එය පවත්වාගෙන යාමේදී රාජ්‍ය යාන්ත්‍රණය සමග ඇති වන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම අදාළ රාජ්‍ය ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙම මධ්‍යස්ථානයෙන් කටයුතු කෙරෙනු ඇත.
“ViYASA” ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය (NBFC) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත අංක C-80 ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙන අතර එහි ප්‍රධානී ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ මහතා කටයුතු කරයි.
මෙයට සමගාමීව https://nbfc.presidentsoffice.gov.lk වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කිරීමද සිදු විය.
මෙහිදි අදහස් දැක්වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කීවේ මෙවැනි මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම රජයට ලොකු ධෛර්යයක් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd