(අංජුල මහික වීරරත්න)

පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එහි ඉදිරි සංවර්ධනය සහ ඊට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙරට දේශීය වෛද්‍ය ක්ෂෙත්‍රයේ වැදගත් අංගයක් වන පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ දැනුම හා ශිල්පීය ක්‍රමවේදයන් සංරක්ෂණය කිරීම, වෘත්තීය කටයුතු විධිමත් කිරීම සහ ගුරුකුල අධ්‍යාපන සම්ප්‍රදාය පවත්වාගෙන යාමට අදාළ කරුණු මෙහිදී සාකච්ඡාවට ලක් විය.

නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු හා යෝජනා පිළිබඳව අමාත්‍යවරයා අදාළ නිලධාරීන් සමඟ වැඩිදුරටත් කරුණු සාකච්ඡා කළේය. එහිදී ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් අදාළ ආයතන හා විෂයභාර අංශ සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කළේය.