IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආයුර්වේදයෙන් වැඩ ගන්න හැටි සුව ඇමති කියයි

(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද වෛද්‍ය සේවාව හරහා සෞඛ්‍ය සේවාව මෙන්ම සංචාරක, ආර්ථික ක්ෂේත්‍ර ද ශක්තිමත් කිරීමට  මහත් ශක්තියක් ලබා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද මහතා පැවැසීය.

ඌව පළාතේ ආයුර්වේද ප්‍රතිකාර සේවාවේ අද්විතීය සේවාවක් ඉටු කරන දියතලාව පළාත් ආයුර්වේද රෝහලේ 50 වන සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද සැමරුම් උත්සවයට අද (15) සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී 50 සංවත්සර උත්සවය වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාවට ආයුර්වේද වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර පිළිබදව දැනුවත්භාවය ලබාදීම සදහා රෝහල් පරිශ්‍රයේ පැවැති ආයුර්වේද - 2025 ප්‍රදර්ශණය ද විවෘත කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රදර්ශනයේ ආයුර්වේද ප්‍රදර්ශණ කුටි සිය නිරීක්ෂණයට ලක් කළේය.

ආයුර්වේද රෝහලේ පැවැත්වෙන සායන වන ශ්වසන,කාස,පීනස් රෝග ,උගුර,කන,නාසා රෝග ,මානසික රෝග,කැඩුම් බිඳුම්,ගුදගත රෝග,ස්ත්‍රී රෝග,කටු චිකිත්සා,පක්ෂාඝාත, සන්ධිගත වාත රෝග,ළමා රෝග චර්ම රෝග,අම්ලපිත්ත,මධුමේහ සායන මෙන්ම ප්‍රජා පාදක ප්‍රතිකාර ඒකකය, පංචකර්ම ප්‍රතිකාර ඒකකය, ප්‍රතිකාර වාට්ටු, ගෙවන වාට්ටු ඇතුළු ප්‍රතිකාර සේවාවන් ද අමාත්‍යවරයා නිරීක්ෂණයට ලක් කළේය.

කුඩා වෛද්‍ය මධ්‍යස්ථානයක් ලෙස ආරමිභ වූ මෙය පළාත් ආයුර්වේද මහා රෝහල දක්වා රෝහල දිගු ගමනක් පැමිණ ඇති බව පැවසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රෝහල ආරම්භයේ සිට මේ දක්වා රෝහලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ දේශපාලන නායකත්වය, වෛද්‍යවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල අගයන බව සඳහන් කළේය.

 



අදහස් (0)

ආයුර්වේදයෙන් වැඩ ගන්න හැටි සුව ඇමති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 8 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site