ශ්රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත බ්‍රහස්පතින්දා (15) සිට දින නියමයකින් තොරව වසා දමා ඇතැයි එහි සාමාන්‍යාධිකාරී එම්.ජේ.මාරසිංහ මහතා පවසයි.
මේ පිළිබඳ නියෝගය අද(14) සවස මහරගම පොලිසියට බාරදී කිසිදු සේවකයකුට බ්‍රහස්පතින්දා සිට සංස්ථා භූමියට ඇතුළුවීමට ඉඩනොදෙන ලෙස උපදෙස් දී ඇතැයි මහරගම පොලිස්ථානාධිපති උපාලි තලගල මහතා කියයි.
සේවක විරෝධතාවයක් හේතුවෙන් සංස්ථාවේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ දින 80කට පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ අද (14) දහවල් යළිත් සංස්ථාවට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් දැඩි විරෝධයක් හටගැනීම මීට හේතුව බව කියති. සේවක විරෝධතා මැද ඔවුන් දෙදෙනා පැය 7කට පසු පොලිස් ආරක්ෂාව මැද සංස්ථාවෙන් පිටව ගිය බව ද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හරියට සරසවි සිසුන් විරෝධතා පවත්වනවිට සරසවි වහනවා වගේ වැඩක්ද? (නි)
එ්ක හොඳ නැහැ. ලෝකේ හොඳම බෙහෙත් ආයුර්වේද තමයි (බ)
හේතුව කුමක්ද කියලා බලලා කටයුතු කරනවා නම් වැඩිය හොඳයි. පරණ නාඩගම් රඟදැක්වීමට පටන් අරගෙන වගෙයි. සතුරා අතට ආයුධ නොදීමට වගබලාගත යුතුයි. (නි)
සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන්. මේ අයගේ කෙරුවාව මුළු රටම දන්නවා. රටවැසියනි, අවධානයෙන් සිටින්න. මෙතෙක් කාලයක් රටේ සම්පත් සූරාකාලා ඔතනින් පන්නන්න ලෙසිවෙන්නෙ නැහැ. නැවතත් රිංගයි වෙස් මුහුණු දාගෙන. (නි)
ඒකටත් එහෙනම් නරක දසාවක් උදාවුණා?? (නි)
අපි බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා (නි)
අනේ මන්දා දැන් රටේ සිද්ධවෙන දේවල් මොනවද කියලා (නි)
අනේ මමත් මේකෙන් කාලයක් බෙහෙත් ගත්තා. ඇයි මෙහෙම වුනේ . පාලකයෝ පාලනයට දක්ෂ නැතුව හැඩයි (බ)
මෙන්න නියම වැඩේ. පටන්ගත්තා එහෙනම් අායුර්වේදයටත් වැඩේ දෙන්න (නි)