ක්‍රිකට් පරිපාලනේ සිද්ධවෙන වැරදි ඉවසන්නම බැරැව ක්‍රිකට් පරිපාලනේ දෙවැනිය තමන් දරන තනතුරින් ඉල්ලා අස්වනවය කියල ක්‍රිකට් ලොක්කට ලියුමක් දුන්නලු...
මේ ලියුම දැකපු ක්‍රිකට් ලොක්ක වහාම ක්‍රිකට් සභාවෙ දෙවැනිය හම්බුවෙන්න එයාගෙ කන්තෝරැවටම ආව කියලත් කතාවක් ගියා... ඒ ගමනෙ තේරැම ඉල්ලා අස්නොවී ඉන්න කියලා කියන්න...
ක්‍රිකට් ලොක්ක දෙවැනියගෙන් මේ ඉල්ලීම කළාම දෙවැනිය දිග උත්තරයක් දුන්නය කියලයි කතාව යන්නෙ...
ක්‍රිකට් පරිපාලනේට රිංගල ඉන්න සමහර ගෝලයො කරන ජරමර ගැන දැඩි විවේචනයක් දෙවැනිය සිද්ධ කළා. ඊට පස්සෙ ඒව ගැන බලන්නම් තව ටිකක් ඉවසන්න කියල ක්‍රිකට් ලොක්ක තදින්ම ඉල්ලීමක් කරපු නිසා... තව එකවරක් මම ඉවසන්නම් හැබැයි ආයෙම මේ වැරුදි සිද්ධවුණොත් මම යනවය කියල දෙවැනිය කිව්වලු...
ඒ කතාබහත් සමඟ පුපුරන්න ගිය ක්‍රිකට් මණ්ඩලේ ආයෙමත් පූට්ටු වුණාය කියලයි ආරංචි...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd