වරාය නගර ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ ආයෝජන ව්‍යාපෘති රැසක් වඩාත් ඵලදායි ලෙස ක‍්‍රියාත්මක කිරීමට රජය චීනය සමඟ රාජ්‍යතාන්ත‍්‍රින එකඟතාවයට පැමිණ ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙම එකඟතාවය යටතේ හම්බන්තොට වරාය ආශ‍්‍රිත ආයෝජන කලාපය සංවර්ධනය, රත්නපුර හා ත‍්‍රිකුණාමලය අධිවේගී මාර්ගය, හලාවත සහ පුත්තලම අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති සහ කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් පද්ධතිය සංවර්ධනය කිරීම යන ව්‍යාපෘතිද ඇතුළත් වේ.
කොළඹ වරාය නගර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉකුත් 06 වැනිදා කොළඹදී පැවැත්වූ අතර මෙම ව්‍යාපෘතිව පිළිබඳ අවසන් තීරණයන් ගැනීම සඳහා චීන රජයේ විශේෂ නියෝජිතයෙකුවන චීන වෙළඳ කටයුතු අමාත්‍යාංශයේ ආසියා කටයුතු දෙපාර්තමේන්තු උපදේශකයෙකු වන යැන්ග් වේයිකුං ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ කතාව විතරයි. වැඩ නැහැ (නි)
ඔය මොනවත් මටනම් වැදගත් නැහැ, වරාය නගරෙන් හෙක්ටයාර් ගණනක් චිනාට සින්නක්කරව ලියලා දෙනවාද...?දු(කෞ)
ටික ටික ටිකිරි මොලේ පැ දෙනවා නොදන්නා දෙයක් මහින්ද මහතාගෙන් අහන්න (ආ)-