(කොළඹ ජාතික රෝහලේ නේවාසික කායික රෝග විශේෂඥ වෛද්‍ය චම්පික ගමකරනගේ)
ගැස්ට‍්‍රයිටීස් යනු අද ඉතා පුරුදු කවුරුත් භාවිත කරන හා ඉතා බහුලව දන්නට ලැබෙන රෝගයකි. උදරයේ ඇතිවන දැවිල්ල, වේදනාව, බඩ පුරවා දැමීම, ඔක්කාරය, සමහරවිට වමනය හා ආහාර ප‍්‍රමාද වූ විට ඇතිවන උදරයේ වේදනාව වැනි රෝග ලක්‍ෂණ ඇති බහුතරයක් තමාට ගැස්ට‍්‍රයිටීස් තිබෙනවා යැයිද වෛද්‍යවරයකු පවසා තිබීම නිසා ගැස්ට‍්‍රයිටීස් ඇතැයි ද ප‍්‍රකාශ කරති. සමහරුන් මාස ගණන් වසර ගණන් ගැසට‍්‍රයිටීස් සදහා ප‍්‍රතිකාර ගන්නා අතර ප‍්‍රතිකාර ගත් පසු සුවවන අය මෙන්ම සුව නොවන අයත් ඉතා සුලභය. ඔබට ගැස්ට‍්‍රයිටීස් ඇති බව දැඩිව විශ්වාස කිරීමට ප‍්‍රථම ඒ ගැන තරමක් සොයා බැලිය යුතුය. ප‍්‍රවේසම් වන්න ඔබට ඇත්තේ එවන් රෝග ලක්‍ෂණ සහිත වෙනත් රෝගයක් විය හැකියි.
මෙහිදී අප ගැටලූ කිහිපයකට පිළිතුරු සොයා ගත යුතුයි. ගැස්ට‍්‍රයිටීස් ඇති බවට සනාථ වූවාද එසේ නොවේනම් වෙනත් රෝගයක් නොවන බවට සොයා බැලූවාද වෙනත් රෝගයක් තිබෙදැයි සොයා බැලීමට අවශ්‍ය වන්නේ කුමන අයටද?
ගැස්ට‍්‍රයිටීස් අති බව රෝග ලක්‍ෂණ මගින් තීරණය කර ප‍්‍රතිකාර කිරීම මුල් අවස්ථාවේදී වෛද්‍යවරු සිදුකරන්නේ බොහෝ විට ඔහුගේ රෝග නිශ්චයට අදාල සුවිශේෂ පරීක්‍ෂණවලින් තොරවයි. එයට හේතු වන්නේ රෝග නිශ්චය කිරීම සදහා අවශ්‍ය වන එන්ඩොස්කොපි පරීක්‍ෂණය සැම දෙනාටම කිරීම ප‍්‍රායෝගික නොවන නිසාත් එය මිල අධික නිසාත් එහි ඇති හානිකර තත්ත්වය නිසාත්ය. කෙසේ වෙතත් තෝරාගත් රෝගීන් සදහා පමණක් එන්ඩොස්කොපි පරීක්‍ෂණ නිර්දේශ කරනු ඇත. මෙලෙස තෝරා ගැනීමේදී සලකා බලන කරුණු වන්නේ රෝගියාගේ වයස (අවුරුදු 40 වැඩිවීම* නියමිත ප‍්‍රතිකාර නියමිත කාලයක් කළද සුව නොවන අය පවුලේ අයගේ ආමාශගත පිළිකා තිබිම ලේ වමනය වීම මළපහ තාරවන් කළු පැහැයට යාම වැනි කරුණුය.
එන්ඩොස්කොපි පරීක්‍ෂණයක් මගින් නිර්ණය නොකරන ලද ගැස්ට‍්‍රයිටිස් යයි ඔබ සිතා සිටින තත්ත්වයනම් වෙනත් රෝගයක් නොවන බව දැන ගැනීම ඉතා වැදගත්ය. ඊට හේතු වන්නේ එලෙස ඔබ රැුවටී සිටින අනෙකුත් රෝග සියල්ලම වාගේ ඉතා භයානක රෝග වන නිසාය. උදාහරණ වශයෙන් හෘද රෝග, අග්න්‍යාශ රෝග, පිත්තාශ රෝග හා ආමාශයේ ඒ අසල ආහාර මාර්ගයේ ඇතිවන වෙනත් රෝග දැක්විය හැකිය. හෘදයාබාධ සමහරවිට පපුවේ හෝ උදරයේ ඉහළ පෙදෙසේ වේදනාවක් ලෙස ඇතිවන අතර ගැස්ට‍්‍රයිටිස් යැයි රැුවටී සිටින අය අපි නිතර දැක ඇත්තෙමු. ඔබට දියවැඩියා, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, තරබාරු බව අංශභාගය වැනි රෝගය ඇත්නම් හෝ ඔබ දුම්පානය කරන්නේනම් හෝ ඔබගේ පවුලේ අයට හෘදයාබාධ ඇත්තේනම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය. අග්නාශයික රෝග හා අග්නාශයික පිළිකා බහුලව ප‍්‍රකට වන්නේ උදර වේදනා ලෙසටය. ආහාර සමග ඇති සම්බන්ධතාව හේතුවෙන් ගැස්ට‍්‍රයිටිස් යැයි රැුවටීමට ඉතා පහසුය. මධ්‍යසාර ගැනීම, දුම්පානය වැනි පුරුදු මෙයට මුල පුරන සාධක විය හැකිය. අග්න්‍යාශයික හා පිත්ත නාළවල ඇතිවන ගල් නිසාද මෙය ඇතිවය හැකියි.
පිත්තාශයේ ගල් ඇතිවීම බොහෝ දෙනා අසා පුරුදු රෝගී තත්ත්වයන්ය. මෙයද සමහරවිට ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග ලක්‍ෂණ ලෙස ප‍්‍රකාශ විය හැකිය. මැදිවයසේ පසුවන කාන්තාවෝ අතර මෙම රෝගය බහුලව දක්නට ලැබේ. ගැස්ට‍්‍රයිටීස් සදහා දෙන ප‍්‍රතිකාරවලට රෝගියා ප‍්‍රතිචාර නොදක්වන අවස්ථාවල ස්කෑන් පරීක්‍ෂණ මගින් ඉතා වටිනා තොරතුරු රැුස්කරගත හැකි අතර එහිදි අග්න්‍යාශයික රෝග පිත්තාශ රෝග හා අක්මා රෝග පිළිබද සොයා බැලීමට පිළිවන.
හෘද රෝග ඇතිදැයි සොයා බැලීමට ඊසිජී පරීක්‍ෂණ, එකෝ පරීක්‍ෂණ, මූලිකවත් පසුව ව්‍යායාම කරමින් ඊසිජී ගැනීම හෝ කොරොනරි ඇන්ජියෝග‍්‍රෑම් පරීක්‍ෂණ දක්වාත් ඔබට යොමු වීමට සිදුවනු ඇත. ආමාශ පිළිකා ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග ලක්‍ෂණ සහිතව ප‍්‍රකාශවීම ඉතා සුලභය. රෝගියාගේ වයස අවුරුදු 40ට වැඩිවීම ගැස්ට‍්‍රයිටීස් සදහා කළ ප‍්‍රතිකාරවලට ප‍්‍රතිචාර නොදැක්වීම, කෑම අරුචිය, බර අඩුවීම, ආහාර ගිලීමේ අපහසුතා, රුධිරය වමනය වීම හෝ කළු පැහැ මළ පහ පිටවීම ආදී ලක්‍ෂණ තිබේනම්
එන්ඩොස්කොපි පරීක්‍ෂණයක් අත්‍යවශ්‍යය. මන්ද මේවා ආමාශයික පිළිකාවල ලක්‍ෂණ විය හැකි නිසාය.
ආමාශයික තුවාල ඇතිවීම ගැස්ට‍්‍රයිටීස් යන තත්ත්වයට වඩා දරුණු අවස්ථාවකි. ගැස්ට‍්‍රයිටිස් තත්ත්වය ඉතා දරුණු වීමෙන් තුවාල ඇතිවිය හැකි අතර ඊට බලපාන වෙනත් හේතු තිබේදැයි සොයා බැලිය යුතුය. එවන් හේතු අතර දුම්පානය, සමහර වේදනානාශක ඖෂධ ගැනීම, ඇස්පිරින් ගැනීම, මධ්‍යසාර පානය කිරීම වැනි දෑ සඳහන් කළ හැකිය.මෙවන් හේතු ඇත්නම් ඒවා සොයා බලා නිසි ප‍්‍රතිකාර නොකළහොත් ඔබගේ රෝග ලක්‍ෂණ සුව නොවනු ඇත. සමහර පිළිකාද ආමාශයික තුවාල ලෙස මතුවිය
හැකිය. එක්තරා බැක්ටීරියා ආසාදන නිසා ආමාශික තුවාල ඇතිවිය හැකි බව සොයා ගෙන ඇති අතර එවන් අවස්ථාවල මෙම බැක්ටීරියාව සඳහා සුවිශේෂ ප‍්‍රතිකාර වර්ග කිරීම අවශ්‍ය වේ.
ඔබට මෙවන් වෙනත් රෝගයක් නොමැතිනම් ඇත්තේ නිශ්චිතව ගැස්ට‍්‍රයිටිස් නම් ඊට අදාල නිවැරැුදි ප‍්‍රතිකාර මගින් ගැස්ට‍්‍රයිටිස් ඉතා සාර්ථකව සුවකළ හැකියි. එහෙත් සාර්ථක ප‍්‍රතිකාර යනු ඖෂධ ගැනීම පමණක් යයි සිතා සිටිම මුළාවකි. ඒ සඳහා ඔබේ ජීවන රටාව ආහාර පුරුදු ආදියත් වෙනස් කළ යුතුයි. දුම්පානය, මධ්‍යසාර භාවිතය අත් හැරිය යුතුයි. ආහාර ගැනීමේදී ප‍්‍රමාද නොකර දිනපතා එකම වෙලාවක් යොදා ගැනීමට උත්සහ කළ යුතුය. අධිකව ආහාර ගැනීම, තෙල් අධිකව භාවිතය, මිරිස් තුනපහ ඉතා අධිකව භාවිතාකිරීම සුදුසු නැත. මානසික ආතතිය ගැස්ට‍්‍රයිටිස් උත්සන්න වීමට හේතුවිය හැකියි. අවිවේකය හා ප‍්‍රමාණවත් නින්දක් නොමැතිවීමද ගැස්ට‍්‍රයිටිස් තත්ත්වය සුවවීමට බාධාය. ඔබ තරබාරු නම් බර අඩුකර ගැනීම අවශ්‍යය. ක්‍ෂණික ආහාර පාන වර්ග හා කෘති‍්‍රම රසකාරක හා කෘති‍්‍රම වර්ණක යෙ¥ ආහාර භාවිතය හැකිතාක් අවම කරගත යුතුය. විවේකය දෛනිකව ව්‍යායාම කිරීම, භාවනා කිරීම, දිනකට අවම වශයෙන් නොකඩවා පැය 6 ක්වත් නිදා ගැනීම ගැස්ට‍්‍රයිටිස් මගහරවා ගැනීමට හේතුවේ.
ඉහත සඳහන් ජීවන රටාවේ වෙනස්කම් කරමින් නිසි ප‍්‍රතිකාර ගැනීම මගින් ගැස්ට‍්‍රයිටීස් නිසැකව සුවකළ හැකියි. එසේ කළද සුව නොවේනම් ඔබ එන්ඩොස්කොපි පරීක්‍ෂණයකට යොමුවීම සුදුසුය. එන්ඩොස්කොපි පරීක්‍ෂණය යනු කැමරාවක් සහිත අඟල් භාගයක් පමණ මහතින් යුතු බටයක්
රෝගියාගේ මුඛයෙන් ඇතුල් කර ගලනාළය, ආමාශය ඇතුළු ආහාර මාර්ගයේ මුල් කොටස පරීක්‍ෂා කිරීමයි. මෙහිදී මුඛයේ අපහයසුතාව දැනෙන ප‍්‍රදේශය නිර්වින්දනය කිරීම සිදු කරයි. නිවැරැුදි උපදෙස් රෝගියාට ලබා දීමෙන් අනතුරුව හොඳ සහයෝගිතාවකින් රෝගින්ට මෙම පරීක්‍ෂණය කිසිඳු අපහසුතාවකින් තොරව මිනිත්තු කිහිපයකින් සිදු කළ හැකි සරළ පරීක්‍ෂණයක බව පළපුරුද්දෙන් දන්නා කරුණකි.
අවසන් වශයෙන් සාරංශ ගත කළහොත් ඔබට ගැස්ට‍්‍රයිටිස් ඇත්නම් නිසි ප‍්‍රතිකාර මගින් එය සුවකළ හැකිය. එලෙස සුව නොවන්නේනම් ඊට හේතු තිබේදැයි සොයා ඒවා නිවැරැුදි කළ යුතුය. සුව නොවන එවන් රෝග ලක්‍ෂණ වෙනත් රෝගයක් නිසා ඇතිවීදැයි වෛද්‍යවරයා විසින් සොයාබලා පරීක්‍ෂණ කළ යුතුය. එන්ඩොස්කොපි පරීක්‍ෂණය මගින් ගැස්ට‍්‍රයිටිස් ඇත්දැයි නිශ්චය කළ හැකි අතර වෙනත් කරුණු රෝග කිහිපයක් විශේෂයෙන් ආමාශයික පිළිකා ඇත්දැයි සොයා බැලීම කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ප්‍රශ්නය වන්නේ මම දුම්පානය නතර කරලා දැන් මාස 3 ක් වෙනවා. එදා ඉඳලා මට එක එක ලෙඩ එනවා. මට පළමුව මගේ පපුව රිදෙනවා. ඒකත් සමහරක් වෙලාවට පමණයි. වෙලාවකට ඉඳිකට්ටකින් අනිනවා වගේ නහර ඉලිප්පිලා ලොකු වේදනාවක් එනවා. ඇඟ දනවා. ඇඟේ තැනින් තැන රිදෙනවා. වෙලාවකට හුස්ම හිරවෙනවා. ලොකු ඔලුවේ කැක්කුමක් එනවා. ඇඟ සීතල වෙනවා. කෑම ගිලිනකොට ලොකු වේදනාවක් එනවා. වතුරවත් බොන්න බැහැ මට (නි)
මගේ ප්‍රශ්නය වන්නේ මම දුම් පනය කර දැන් මස 5 පමණ වෙනවා නතර කරලා දැන් මට මගේ අගේ නහර රිදෙනවා ඇගපත රිදෙන ව හිටපු ගමන් අග ඇතුලෙන් ලොකු වේදනාවක් එනවා මට එක වෙලාවකට හිතෙනවා මට කැන්සර් එකක්ද කියල එහෙම දෙයක් නම් හදුනා ගන්නේ කොහොමද (අ)
මේ පොත කියවලා අවසන් වුණාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.http://www.facebook.com/easywaysrilanka (නි)
ගෑස්ට්‍රයිටීස් නිසා ඇතිවු තුවාල සුව කළ හැකිද?
කෑම කාලා ඉවර වුණාට පස්සේ මගෙ බඩේ උඩ හරියෙන් රිදෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ?
මගේ බිරිඳට කොරොනා වලින් පසු ගැස්ටික් හැදුණු බඩ පුරවලා දාලා ගලක් වගේ මාස..2 බේත් බොනවා. ටිකක්වත් අඩු නැහැ. දැන් වෛද්‍යවරු කියන්නේ බඩේ තුවාල කියලා... එ්ත් තාම සුවවී නැහැ.. මට උපකාර කරන්න..
බඩගලක් වගේ පුරවල දාල සෙමත් තියනවා... දැන් දොස්තරලා කියනවා බඩේ තුවාලලු මාස 2ක් විතර උපකාර කරන්න දැනට සුවකරගන්න ගැස්ට්‍රයිටීස් වලට ප්‍රතිකාර කරගන්නේ කොහොමද? පුදුම දුකක් විඳින්නේ... කිසිම කෑමක් බඩට වැටෙන්නේ නැහැ...
මට පිටිකෑම කන්න බෑ... මිරිස් කෑම කන්න බෑ. බඩ බුරුලට යනවා. endoscopy කළා. ආමාශයේ තුවාල තිබුණා. මම ගතයුතු බෙහෙත් හා ආහාර මොනවද? පින් සිද්ධ වෙයි.
මට බඩේ තුවාල තිබුණා. දැන් දැවිල්ලක්, වමනයක් මොකුත් නෑ. ඇත්තේ මිරිස්, පිටි කෑම කාපුවාම බඩ බුරුලට යනඑක. කොහොමත් දවසට තුන්පාරක් වැසිකිලි යනවා...
දැන් මාස 6කට කලින් කැම කනකොට හුස්ම ගන්න බැරි අපහසුවක් ආවේ .ස්කැන් කරා ඊට පස්සේ කිව්වා ආමාශයේ ඉදිමිලා කියලා .බෙහෙත් කරා එත් එදා ඉදන් දැන් හැමවෙලාම හුස්ම ගන්න අමාරුයි. මට කැම කන කොට වැඩ කරන කොට උඩට ගන්න හුස්ම උඩට ඇදලා වගේ ඇරන් හුස්ම ගන්නේ. පපුව මැද තදයි වගේ .ඩොම්පෙරිඩන් පෙත්ත බීලා කනකොට කැම ගැනිමේදි හුස්ම ගන්න එක අඩුයි. එත් වැඩ කරනකොටත් තියෙනවා .ඩොක්ටස්ලා කියන්නේ එකෝ කරන්න කියලා .එත් මට තෙරෙන්නේ නෑ තියෙන්නේ ගැස්ට්‍රික්ද , පපූවේ ලේඩක්ද එහෙම නැත්තම් වෙන ලෙඩක්ද කියලා. ඇත්තටම මගේ ජිවතේ එක්කම දැන්නම් එපා වෙලා තියෙන්නේ. දරුවා නිසා ජිවත් වෙනවා
මගේ බඩ දැවිල්ල මාස 6ක් විතර තිබ්බා. දැන් ඒක නම් නැ. ඒත් හුස්ම ගන්න ටිකක් අපහසුතාවයක් තියෙනවා. එකෝ එකකුත් කෙරුවා. අවුලක් නෑ කිව්වා.