ආමි සම්පත් නමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතයෙන් මැයි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මේ වන විට ඔහුට රටින් පිටවීම තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත දේශපාලන කටයුතුවල යෙදෙන මැර කණ්ඩායම් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ වැටලීම් 197කදී සැකකරුවන් 447 ක් අත් අඩංගුවට ගෙන ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සම්පත්ලව බිහිකළේ කවුද කුමක් අරබයාද? මේ විෂකටු රටට වගේම ජනතාවටත් විෂක්. (බ)
වෙනසින් පසුව ආපු අලුත් ආයෝජකයෙක්ද ? (ම)
දැන් මේ පුද්ගලයා එදා ඡන්ද රැස්වීමේදී මියගියා කියලා කට්ටියක් කිවුවා නේද..? (නි)
ඔහු මියගියා කිව්වට ඉන්නවා නේද? (නි)
ඔහු අත්අඩංගුවට ගන්නාතුරුයි අපි බලාසිටින්නේ (නි)
එයා දැනටත් මේ රටේ ඉන්නවද දන්නෙ නැහැ (නි)
දැනටත් ලංකාවෙන් ගිහිල්ලද දන්නෙ නැහැ (නි)
හොරෙන් ඕස්ට්‍රේලියාවට වීසා පාස්පෝට් මොකුත් නැතුව ලංකාවෙන් සාමාන්‍ය මිනිස්සු පිටවෙනවා නම් මොහු ගැන තවත් මොන කතාද? (නි)
කවුද දන්නේ ඔහු රට නොගිහින් ලංකාවේම කොහේහරි හැංගිලා ඉන්නවද කියලා? වෙලේ සුදාගේ රූපය නම් අපි පත්තරේ කිහිප වරක් දැකලා ඔහු හඳුනනවා.අඩුම තරමේ සම්පත්ගේ ඡායාරූපයක්වත් ප්‍රසිද්ධ කරන්න. එතකොට නිකන්ම ඔත්තුව ලැබෙයි. (නි)
ව්‍යාජ ගමන් බලපත්‍ර තියෙන කෙනෙකුට රට හැර යාම තහනම් කිරීම......?????????????? (ම)