
(අංජුල මහික වීරරත්න)
ආබාධික පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීය නිෂ්පාදනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 අයවැය යටතේ සමාජ ආරක්ෂණය සහ ආබාධිත පුද්ගලයින් සඳහා සහාය උපකරණ දේශීයව නිෂ්පානය කිරීමේ පහසුකම් පුළුල් කිරීමට යෝජනා කරනු ලැබ ඇත.
ඒ අනුව, රාගම රක්ත වේද පුනරුත්ථාපන රෝහල සහ ශ්‍රී ලංකා ජාතික රෝහල ආශ්‍රිතව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ.
රාගම රක්ත වේද හා පුනරුත්ථාපන රෝහලේ ආබාධිත පුද්ගලයින් සඳහා ආධාරක උපකරණ සපයන සේවාවන් වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදියි අනතුරු හා විකලාංග සේවාව යටතේ ආබාධිත පුද්ගලයන් සඳහා සහායක උපකරණ දේශීයව නිපදවීමේ පහසුකම් වැඩි දියුණු කිරීම යන සංරචක මෙම ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, එකී ව්‍යාපෘතිය 2025-2027 මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ රුපියල් මිලියන 630.2 ක ප්‍රතිපාදන යොදා ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 ඔක්තෝබර් මස 08
1323
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1244
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
457
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආබාධ අයට ඕන උපකරණ ලංකාවේ හදන්න යයි