(අංජුල මහික වීරරත්න)
ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
ආබාධිත පුරවැසියන් තවදුරටත් යැපුම් මානසිකත්වයෙන් පෙළිය යුතු පිරිසක් නොවිය යුතුය යන්න රජයේ ප්‍රතිපත්තිය බවත් ඔවුන් තවදුරටත් දෙවැනි පුරවැසියෙක් ලෙස සැලකිය යුතු නැති බවත් අමාත්‍යවරයා කීය.
සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
එම පනත සකස් කර ලබන වසරේ මුල් කාර්තුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කී අමාත්‍යවරයා ජාත්‍යන්තර ආබාධිත දිනයේදී (දෙසැම්බර් 01) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd