රියෝ ද ජැනයිරෝ පැරා ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආබාධිත සෙබළකු වන දිනේෂ් ප්‍රියන්ත හේරත් (30) ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
මීටර් 58.23ක් දුරට ඔහු හෙල්ල විසි කිරීමට සමත් විය.
ඉන්දියාවේ දේවේන්ද්‍ර ධහරියා නව ලෝක වාර්තාවක් සමග රන් පදක්කම ද (දුර මී 63.97), චීනයේ ගුවෝ චුන් ලියෑන් (දුර මී 59.93) රිදී පදක්කමද හිමි කරගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, අපේ උණුසුම් සුබපැතුම්, තෙරුවන් සරණින් ඉදිරියටත් රටේ නම ඉහල ගෙනයාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.....!!! (බ)
ජයවේවා. (බ)
යහතින් අතපය ඇති ..250 ක් විතර ඔලිම්පික් උත්සවයටනම් ගියා එත් මේ .. ආභාදිත සෙබල විරුවාණන් හැර කොයි ඒ ගියපු කිසිකෙනෙකුගෙන් රට සෙතක් උනාද ..? ඔබට සුර්යාලෝකයමෙන්..මුළු ශ්‍රී ලාංකිකයෝන්ම සුභ පතනවා ..දීර්ගායුවේවා ..!!!(රේ)
එල කොල්ලෙක්. සුභපැතුම් (ම)
ප්‍රදීප් සංජයට පසු දිනේෂ් ප්‍රියන්ත. නියමයි! (ම)
උණුසුම් සුබ පැතුම් ! ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා (බ)
සුබ පැතුම්! (බ)
තෙරුවන් සරණින් ඔබට ජයෙන් ජයම වේවා!(රේ)
රණවිරුවෝ හැමදාමත් රටේ නම රැක්කා. වර්තමාන දේශපාලුවෝ හැමදාම රටේ නම වික්කා. මේ වීරයාට බලමු සලකන විදිහ. (අ)
රණසිංහ ප්‍රේමදාස ..... නිරිදුන් හිටියානම් නුබ පුතේ රජෙක් .අවාසනාවක මහතා (අ)
දක්ෂයන් අගය නොකරන , අත හිත නොදෙන , මේක පල්වෙන රටක් ..(අ)
ආර් .ප්‍රේමදාස මහත්තයා අද හිටියානම් . (අ)
උණුසුම් සුබ පැතුම් ! ඉදිරියට යෑමට ශක්තිය ධෛර්යය ඹබට ලැබේවා ! (අ)
ප්‍රේමදාස .මහත්තයා අද හිටියානම් පුතේ නුබගේ අනාගතේ මල් ..(අ)
ක්‍රිකට් ක්‍රීඩාවට ඇති මහත් මුදල් සම්භාරයක් වියදම් කළත් ඊට අනුපාතිකව මෑතකදී නම් දන්නා තරමින් රටට සහතිකයක් වත් ගෙනල්ලා නැහැ. මෙම මුදල් වලින් ක්‍රීඩකයන් දියුණු වී ඔවුන් තනිව හම්බ කරගන්නවා මිසක් අපේ රටට ඔවුන්ගෙන් දායකත්වයක් ලැබෙනවාට වඩා ලැබෙන්නේ පිටරටවල් වලටය. ඒ නිසා ක්‍රිකට් වලට යොදවන මුදල් කපා හැර අනිකුත් ක්‍රීඩා සහ මළල ක්‍රීඩාවලට යොදවන්න. (බ)
ඔබට අපේ සුබ පැතුම්. (බ)
කොතන ගියත් රට වෙනුවෙන් සටන් වදින ලක්මෑණිගේ නියම පුතෙක්. (ර)
සුබ පැතුම්! ඔබ අපට ආඩම්බරයකි. (ර)
මේ රටේ සාමකාමී මිනිසුන්ගේ සහ දුරජනයන්ගේ අද වෙනුවෙන් සටන් කොට ආබාදිත වූ වීර රණවිරුවානෙනි ඔබට උණුසුම් සුබ පැතුම්, ජයෙන් ජයම වේවා.! (ර)
ජයෙන් ජය. සුබපැතුම් මල්ලි. (ර)
තෙරුවන් සරණින් ඉදිරියටත් රටේ නම ඉහළ ගෙනයාමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා.....!! (බ)
එල කොල්ලෙක්. සුභපැතුම් (අ)
හා හා බලාගෙන සන්හිදියාවට රිදෙයි. (බ)
උණුසුම් සුබ පැතුම්,ජයවේවා. (අ)
සුභ පැතුම් සහෝදරයා.....!! (අ)