තමන්ට හිමි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා නොදුන් බව කියමින් සඳුදා(31) විරෝධයක් ඇරඹූ ආබාධිත සෙබලු අදත් (7) වෙනි දිනටත් මහවැසි නොතකා කූඩාරම් යට සිට විරෝධතාව පළ කරති
විරෝධතාකරුවන් පවසනා පරිදි කිසිදු ගැටලුවක් නොමැති බවත් සියලු ගැටලු වලට විසඳුම් ලබා දී තිබියදී මෙම පිරිස කාගේ හෝ අවශ්‍යතාවක් සපුරමින් සිටින බවත් රජය පවසයි
විරෝධතාවයට එක්ව සිටි ආභාධිත සෙබලුන් තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යා, රණවිරුවෝ කියන්නේ ජාතියේ හදවත. එනිසා ඔවුන්ගේ ගැටළු එහෙට මෙහෙට බෝල පාස්නොකර විසඳිය යුතුයි (නි)
මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න ඇමතියෙක් නැතිද ...? (ම)
සරත් ෆොන්සේකා මහතාට හිමි විශ්‍රාම වැටුප කීයද කියා අපි දැනගන්න කැමතියි (නි)
මේ අය විශ්‍රාම යාමට අවශ්‍ය සේවා කාලය සම්පුර්ණ කර නැහැ නේද. ගිය රජයෙනුත් කිවුවේ එ්කයි. දැන් අය කියන්නෙත් ඒකයි. රැකියාවේදී සිදුවන අනතුරකදී ගෙවන ලබන වන්දිය මොවුන් හට ගෙවා ඇත. එ්ත් රට වෙනුවෙන් ආබාධිත වුණ නිසා යම්කිසි සාධාරණයක් කළයුතුයි (නි)
මට නම් කියන්න තියෙන්නේ අනේ මේ රණවිරුවන් ගේ දුක අපේ ලංකාවේ ප්‍රධාන පුරවැසියාට පත්තරෙන්වත් දකින්න ලැබේවා .කියලයි. (බ)
චමල් ඔබ මනුස්සයෙක්ද? මොවුන් ආබාධිත වුනේ අපි වෙනුවෙන්. වන්දියක් දුන්නාම ඔක්කොම හරිද? (අ)
මේ රණවිරුවෝ ගැන ඇත්තෙන්ම කණගාටුයි (නි)
වගකිවයුත්තන්ට මේවා පෙනෙන්නේ නැහැ. මේ අය රණවිරුවෝ. අනිත් අය සමඟ සැසඳිය නොහැක. විශ්‍රාම වැටුප් හිමිවිය යුතුමය. (නි)
මේ අසරණයන්ගේ දුක කාටවත් පෙනෙන්නේ නැද්ද.? (ර)
මේ අනුව පෙනී යන්නේ හිටපු ලේකම්වරයා මේ අයට ගෙවීම් කරන්න ආරම්භ කර නැති බවයි. (ර)
මේකට එ්කාබද්ධය බැහැලා වැඩ කරන්නේ නැත්තේ ඇයි. මෙතන මොකක්හරි කොස්සක් තියෙනවා. නැත්තම් මේකට අපේ වංශ මහත්තයා මෙලහට ගිරිය පුප්පල කෑ ගහන්න එපැයි (නි)
මේ උදවිය යාචක පිරිසක් වාගේ හැසිරෙන්නේ, අනේ මොන අවාසනාවකටද? (නි)
අරයගෙ කාලේ මේවා කළා නම් මොනවා වෙයිද? (නි)
ප්රශ්නය කුණුවේගෙන එනකොට එතැනට නිලමැස්සන් ඇදී එන්නේ ප්රශ්නය විසඳන්න නොවෙයි ඉහඳ පණුවෝ තියන්න. තමන්ට බලය තියෙන කාලේ මේ ප්‍රශ්න නොවිසඳා ඔහේ කුණු වෙන්න හැරියේ කුණු වූ පලයෙන් වඩාත් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා දන්නා නිසා. (නි)