මැදවච්චිය , වල්පොල ගමේ පදිංචි ඩී.එල්.උපුල් රංජිත් (26) තරුණයා උපතින්ම ආබාධිතය.අසනීප තත්වයේ පසුවන සිය පියා,මව,කිරි අම්මා,සීයා හා ඉගෙනුම ලබන නැගණිය ජිවත් කරවීම සදහා ඔහු රැකියාවක් සොයා රට වටේ ගමන් කරයි.ආබාධිත නිසා තමන් ප්‍රතික්ෂේප වන බව කියයි.
කොළඹ ප්‍රදේශයේ පරිගණක ආයතනයක සේවය කළ උපුල් ට එම රැකියාව අහිමි වී ඇත්තේ එම ආයතනය වසා දැමීම නිසාය.සා පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත.පරිගණක දැනුම,ප්‍රින්ටින්,චිත්‍ර කලාව.ගිණුම් කරණය ආදී හැකියා ඔහු සතුව ඇත.එමෙන්ම ඔහුට අසාමාන්‍ය හැකියාවන් රැසක්ද ඇත.ලංකාවේ කැරම් සුරයන් අතර සිව් වැන්නාද ඔහුය.කඳු නඟින්න.ගස් නඟින්න.බල්ටි ගහන්න.අත් දෙකෙන් ඇවිදින්න ආදී හැකියා ද රැසකි.උපුල් කියා සිටින්නේ තමන්ගේ හැකියාව බලා පවුල ජිවත් කරවීමට රැකියාවක් දෙන ලෙසය. තමන් කෙසේ හෝ අරමුණ ඉටු කරගන්නා බව කියයි.
ඔහුගේ ලිපිනය: ඩී. එල්. උපුල් රංජිත්,නො 01 , වල්පොල, මැදවච්චිය. දුරකථන අංකය 076 9655163 හෝ 071 2815934











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුළුබඩු කුඩා පැකට් සාදා විකිණීම, ස්විප් ටිකට් විකිණීම වැනි රැකියාවක් කරනවා නම් පවුලේ අයටත් උදවු කළහැකියි නේද? මොහු තනියම කොහොමද මෙච්චර ලොකු පවුලක් නඩත්තු කරන්නේ? ඔහුගේ උත්සාහය අගය කළයුතුයි. (නි)
ඔබ චිත්ත ධෛර්යය හැමෝටම ආදර්ශයක් ඔබට අනිවාර්යයෙන්ම අලුත් රැකියාවක් ලැබේවා ...(බ)
කාරුණික කෙනෙකු යටතේ ඔබට හොද රැකියාවක් ලැබේවායි මම ප්‍රර්ථනා කරමි. (බ)
අපේ රටේ කරුණාවන්ත අයගෙන් අඩුවක් නැත.එම නිසා ඔබට හොඳ රක්ෂාවක් ඉක්මනින් ලැබේවි.ඔබ වැනි දිරිය පුතුන්ගෙන් සමස්ත සමාජයට ගත හැකි ආදර්ශයන් බොහෝයි.ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවෙන්න තෙරුවන් සරණ පතමි. (අ)
සොයුර, ඔබට හැකි ඉක්මනින් බලාපොරොත්තු වූ රැකියා අවස්ථාව ලැබී ජයෙන් ජයම පතමි ! (බ)
වගකිවයුත්තනි. පුස්තකාලයක රෝහලක වැනි රජයේ ආයතනයක රැකියාවක් මේ තරුණයට ලබා දෙන්න. ,ඔබ ගැන සුබ ආරංචියක් ඉක්මනින් අසන්ට ලැබේවා (බ)
මොහුට රැකියාවක් දෙන්න කාරුණික ව්‍යාපාරිකයෙකු ඉදිරිපත් වෙන්න. ලොකු පිනක්. (හේ)
ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත මෙහෙම අහලා තිබුණත් මේ දිරිය තරුණයා දුටු විට එම කියමන බොරුවක් බව වැටහේ.! (ම)
සොයුර, ඔබ ඉතා දක්ෂ කෙනෙක්. හිත සිතින් ප්‍රාර්ථනා කරනවා රජයේ හෝ පුද්ගලික අංශයේ පින්වතෙක් ඔබගේ දක්ෂතවයට හොඳ රැකියවක් ලබා දෙන්න ඉක්මනින් ඉදිරිපත් වෙයි කියල. (ම)
ඔබට ඉක්මණීන් රැකියාවක් ලැබේවා කියා පතනවා . මෙවැනි කෙනෙකුට් පිහිට වීම ලොකු පිනක්.