(රංජන් කස්තුරි)

විශ්‍රාම ගිය ආබාධිත රණවිරුවන් අවසන් වරට ලබාගත් වැටුපට සමාන විශ්‍රාම වැටුපක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අද (24) තීන්දු කළ බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කීය. ඔවුන්ට මෙතෙක් ලැබුණේ විශ්‍රාම වැටුප පමණක් වන නමුත් මින් ඉදිරියට ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේ ලබාගත් වැටුපට සමාන විශ්‍රාම වැටුපක් දිවි ඇතිතෙක් ලබාදෙන බවද ඇමැතිවරයා කීය.


යුද්ධය හේතුවෙන් ආබාධිත තත්තවයට පත්වූ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සියලු සාමාජිකයින්ට මෙම සහනය හිමිවන බවද මංගල සමරවීර මහතා පැවසීය.

ආබාධිත විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකුට මෙතෙක් විශ්‍රාම වැටුප ලෙස ලැබුණේ රුපියල් 81,000 ක් වන නමුත් මින් ඉදිරියට රුපියල් 111,482.95 ක විශ්‍රාම වැටුපක් දිවි ඇති තෙක් හිමිවන බවද ඇමැතිවරයා කීය.

එහෙත් මියගිය විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන්ට එම සහනය හිමි නොවන අතර ඔවුන්ට හිමිවන්නේ කලින් ලැබූ විශ්‍රාම වැටුප පමණක් බවද ඇමැතිවරයා කීය.