යුද්ධයේදී අත් පා අහිමිව ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ට දිවි ඇති තෙක් සිය මාසික වැටුප ගෙවන ලෙසට සමස්ථ ලංකා ආබාධිත රණවිරු එකමුතුව රජයෙන් ඉල්ලා සිටියි.
සමස්ථ ලංකා ආබාධිත රණවිරු සංසදයේ මාධ්‍ය ප්‍රකාශක කේ.ඒ ප්‍රියන්ත මහතා,
“වයස අවුරුදු 55 ඉක්ම වු පසු තමයි අපේ අබල දුබල කම් වැඩිවෙන්නේ දරුවන්ගේ අධ්‍යාපන, ඇතුළු දහසකුත් ගැටළු, බෙහෙත් හේත් වෙනුවෙන් විශාල මුදලක් වැයකරනවා ඉතින් කොහොමද විශ්‍රාම වැටුප අරගෙන අපි ජීවත්වන්නේ අපිට වෙන අය වගේ ස්වං රැකියාවක් කරන්න වෙනත් රැකියාවක් කරන්න බැහැ. අබාධිත අය දැනටත් කොහෙට හරි ගියාම අපට දක්වන සැලකිල්ල ගැන හරිම දුකක් ඇතිවෙනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් රටක්. රට බේරා දුන්නු අයටනේ මෙහෙම කරන්නේ (බ)
මෙන්න තවත් යහපාලන ඡන්ද ප්‍රතිපලයක්. ඕගොල්ලන්ට ගෙවන්නේ මොනවා කළාටද? ඕකෙන් අඩු කරලා ඒ ඉතුරුවෙන ගානෙන් තමයි රට බේරාගත් වීර කොටි ත්‍රස්තයින්ට දීමනාවක් දෙන්න යන්නේ. ඔන්න ඕකයි අද ප්‍රතිපත්තිය. (බ)
ඔහොම කතාකරන්න අප මේක දේශපාලනය ගාවගන්න . අපි තාම ජීවත්වෙන්නේ මේගොල්ලන් නිසා තමයි. අනේ ඇත්තට මෙහෙම ජාතියක් !!! ලජ්ජයි මොන ආණ්ඩුව අාවත් යුතුකම් ඉටුකරන්න ඕනේ. මේක ගැන හොයා බැලුවොත් හොඳයි අපිත් කැමති උදව් කරන්න. කෙළෙහෙි ගුණ තියන්න ඕනේ මහා සිංහල ජාතිය හැටියට (බ)
දැන් ෆීල්ඩ් මාර්ෂල්තුමාට බලයක් තිබෙනවා නේද? ඔහුට මේ අය අමතකද? (නි)
මම දිසානායක මහතාගේ අදහසට එකඟයි.ඔවුන් නිසා තමයි අපි අද නිදහසේ ජීවත් වෙන්නේ. එ්ත් අද ඔවුන්ට අත්වෙලා තියන තත්වය කණගාටුයි. (බ)
අපි වගේ ගුණමකු ජාතියක් මේ ලෝකේ කොහෙවත් නැහැ. වගකිවයුත්තන්ගේ ඇස ඇරේවා! අපි අද බය නැතුව පාරේ බැහැලා යන්නේ අපේ රණවිරුවන් නිසයි. (නි)
මේක ආබාධිත රණවිරුවන් ඉල්ලන්න ඕනෑ නැහැ. එ්ක ඔවුන්ට දිවි ඇතිතෙක් හිමි වියයුතුයි. ඔවුන්ගෙන් පසුව බිරිඳට විශ්‍රාම වැටුප දියයුතුයි. යුද්ධයෙන් පසුව නිදහසේ ඉන්න ජාතියක් වශයෙන් අපි ඔවුන්ගේ ආබාධිත තත්වයට යම් අමතර දීමනාවක් (රජයේ සේවයේ දුෂ්කර දීමනාව වගේ) දියයුතුයි (නි)
ඉතාම සාධාරණ ඉල්ලීමක්. මෙය කෙසේ හෝ ඉටුකරන ලෙස පවතින ඕනෑම රජයකට බල කළයුතුමයි. බලමු ඉදිරියේදී වෙන්නේ මොකක්ද කියලා. (නි)
රටකට ගිය කලක්.. මුලින්ම සුද්දා අපේ අහිමානය නැති කළා. දෙවනුව වත්මන් රජය අපේ මුළු ජාතියම පෙන්දන් කරමින් සිටීම වැරදියි. (ම)
හමුදාවේ අයියලා මල්ලිලාට දැන්නම් තේරෙනවා ඇති වෙනසක තරම (බ)
මේ අය නිසා තමයි හැමෝම පාරේ බැහැල යන්නේ එයාලට සලකන්න අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අනිවාර්යන්ම දෙන්න ඕන එයාලගේ ඉල්ලන දේවල් (බ)
සත්‍ය ලෙසම යුද්ධයෙන් දරුණු ලෙස ආබාදිත උන අය සුදුස්සන් වෙති. (ර)
60% ක්ම “නුවණැති“ ඡන්දදායකයින් සිටින ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සියලුම පුරවැසියෙකුටම අඳුරු කාලපරිච්ඡේදයක් වනු ඇත (නි)
මේ රටේ ආරක්ෂකයන් වූ සෙනගට මෙසේ සැලකීම අසාධාරණයි, ඔවුන්ට සුභ පතමි. (බ)
එතකොට ඔය මහින්ද ඔක්කොම දුන්න කියල කියන්නේ. මම හිතුවේ ඔක්කොම දීල ඉවරයි කියල. (බ)
ඉතින් එහෙම වෙන්න එපැයි (බ)
අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි මේ අය නිසා තමයි අපි අද බය නැතුව ජීවත් වෙන්නේ (බ)