තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම අද (14) ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා මගින් ඉවත් කර ගත්තේය.
මේ වන විට ගල්කිස්ස අධිකරණයෙන් ඇප පිට සිටින නිසා පෙත්සම පවත්වාගෙන යෑමෙන් පළක් නැතැයි නීතීඥවරයා අධිකරණයට දැන්වීය.
අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාටත් නිතිය හරියටම ක්‍රියාත්මක කළ යුතුයි..(ස)
නඩුකාරයෙකුට උනත් නීතිය ක්‍රියාත්මක වන බව මෙයාට පහුවෙලාවත් තේරුම් ගොහින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කරගත්ත එක හොඳයි. (නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ(නදී)
නඩු අසා මේ වගේ අය දුන් තීරණ කොහොම වෙන්නැතිද ? (ම)
දෙපැතෙන්ම කන අස්සයෙක් කොසොල් රජතුමාගේ සිහිනයක ඉන්නවා ඒ මොහු වෙන්න පුළුවන් (බ)
දහම්, දැන්ද මතක් උනේ ? ඔහු විශ්‍රාම ගොස් පළාත් සභාවටත් පත්වුනා.මීට ප්‍රථම විනිශ්චය කාරවරුන් ඕනෑතරම් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා (නදී)
අර වරාවැව කියන නඩුකාරය නේද යූ එන් පී එකෙන් ඉල්ලන්නේ. (බ)