හිටපු ලොකු තැන පසුගියදා මැලේ රටට ගියා... එහේදී උන්නැහේට හොඳ සැලකිල්ලකුත් ලැබුණා. රටේ ලොකු ලොක්කො ගොඩකුත් හම්බවුණා.... මේ හමුවීම්වලදී ලංකාවෙ දේශපාලන තත්ත්වෙ ගැනයි ගොඩක්ම කතා කළේ.
මැලේ රටේ ලොක්ක හමුවුණ වෙලාවෙ මේ මිත්‍රයො දෙන්න පැරුණි රස කතා කියමින් ලොකු සතුටක් ලැබුවා කියලා ආරංචියි....
ලංකාවෙ අලුත් ආණ්ඩුව ගැන කතා කරද්දි මැලේ රටේ ලොකු මහත්තයා රාජපක්ෂ උන්නැහේගෙන් අපූරැ ප්‍රශ්න වගයක් ඇහුවලු. ඒවා ඇහුවම හිටපු ලොකු තැන උඩ ගිහින් බිම වැටුණය කියලා සමහරැ කිව්වා....
අපි දන්න විදියට අහපු ප්‍රශ්න වලට දුන්න උත්තර මේවයි....
"මිස්ටර් රාජපක්ෂ දැන් ඔබේ රට පාලනය කරන ජනාධිපතිතුමා ඔබේ කැබිනට් මණ්ඩලයේ ඇමැති කෙනෙක්ව හිටියා නේද?"
ඒ ප්‍රශ්නෙට හිටපු ලොකුතැන &ඔව් එතුමා සෞඛ්‍ය ඇමැතිය* කිව්වා. ඊළඟට ඇහුවා මෙතුමා ඔබේ පක්ෂයෙ මහ ලේකම් හැටියටත් හිටියද කියලා ඒකටත් මෙතුමා "ඔව්" කියලා උත්තර දුන්නා.
ඊළඟට ඇහුවා "එතුමා ඔබ එක්ක රූ කෑමට ආප්ප කාලා පහුවදා පක්ෂයෙන් ගියයි කියලා මාධ්‍යයෙන් කියන කතා ඇත්තද කියලා...."
මේ ප්‍රශ්නෙදි හිටපු ලොකුතැනට ඉබේම හිනා ගියාලු. එයා ඒකට උත්තර වශයෙන් දිගකතාවක් කීව කියලයි ආරංචි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd