යකල්ල නගරයේ ආපන ශාලාවකට ගිනි තැබූ බව කියන පාසල් ගුරුවරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගලෙන්බිදුනුවැව පොලිසිය කියයි.
මේ දෙදෙනා කෑම ඇණවුම් කර ඇති බවත් කෑම සකස් කරන අතරතුර එක් ගුරුවරයකු ආපන ශාලාවේ තිබු කැරට් අලයක් සොරා ගත් බවත් ආපනශාලා ශාලා හිමියා පොලිසියට කියා ඇත.එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ඇති අතර ගුරුවරුන් දෙදෙනා ඉන් පිටව ගොස් ඇත.
පසුදින අලූයම ආපන ශාලාවට කිසියම් පිරිසක් ගිනි තබා ඇති බවත් එම ගුරුවරුන් දෙදෙනා ගිනිතැබීම සිදුකළ බවට තමන් සැකකරන බවත් ආපන ශාලා හිමියා පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මොකටද රණ්ඩු වෙන්නේ. ඒක බිලට දැම්මානම් ඉවරනේ.(අ)
අනේ අම්මප මෙහෙමත් දේවල් ! බඩගින්න ඉවසගන්න බැරිව කැරට් අලයක් කන්න ඇති.මොකට ඕකට ඇන කොටාගන්න ගියාද..? හොරකම් කරන්නේ නැතිව ඉල්ලගන්න තිබුනේ නැද්ද..? කැරට් අලයක් ගිය දුරක්..! (අ)
ලොකු පොඩි හැමෝටම ධර්මය ඉගෙනගන්න කාලය ඇවිල්ලා වගේ. (නි)
මදැයි කැරට් අලයක් නිසා සිදුවූ පාඩුව! (නි)
මේ අබුද්දස්ස කාලේ පුදුමයක් නොවෙයි මේ වෙන දේවල්. (නි)
කැරට් අමුවෙන් කන්න පුළුවන් දෙයක් නිසා එළවලු කඩේකට කවුරුවුණත් කැරට් අලයක් කන එක සාමාන්‍ය දෙයක් . එක හොර කමක් නෙවෙයි. (අ)
කඩහිමියාගේ ප්‍රකාශය විශ්වාසකරන්න බැහැ මට නම් (නි)
මේ අය ගුරුවරුද... ගුරුහොරුද? (නි)
මගෙත් ඉන්නවා යාලුවෙක් යක්කල පැත්තේ නාහෙට අහන්නේ නැති ගුරුවරයෙක්. මිනිහද කියලා හොයලා බලන්න ඕනෑ (නි)