(සුජිත් හේවාජුලිගේ)

ආපදාව හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට රුපියල්  කෝටි 500 ක පාඩුවක් සිදුව ඇතැයි නිවාස ,ඉදිකිරිම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.

ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් වටිනා උපකරණ විනාශවීමෙන් මෙම පාඩුව සිදුව ඇත.

හානියට පත් වූ ජල සැපයුම්වලින් සියයට  90 ක  යථා තත්ත්වයට පත් කර ඇති බවද හෙතෙම  ප්‍රකාශ කළේය.