
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට කරන ආනයනයන්හිදී සියලුම ගෙවීම් බලයලත් බැංකු පද්ධතියක් හරහා කිරීම අනිවාර්ය කරමින් ආනයන අපනයන පාලකවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකාවේ ආනයන පාලනය කිරීමේ පියවරක් ලෙස මුදල් අමාත්‍යංශයේ නිර්දේශ මත එම ගැසට් නිවේදනය නිකුත් කරන බව ද මහ බැංකුව වැඩි දුරත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වගේ ඩොලර් රටට ගෙන කොහොම හරි කට්ට කාගෙන අතින් වියදම් කරගෙන සෝලා පද්ධතියක් හදාගෙන හරි අපේ වැඩ ටික කරගන්න මේ බැංකු වල ඉන්න මිනිස්සු අවස්ථාව දෙන්නේ නැහැ... සති ගාණක් අරගෙන අන්තිමට බැහැ කිව්වා. ඇත්තටම හරිම කලකිරීමක් තියෙන්නේ... ඒ කළේත් තෙල්වලට යන ඩොලර් එකක් හරි ඉතුරු කරන්න මිසක් මට කිසිම ලාභයක් නොවෙන්න. නමුත් එච්චර සේරම ඩීටෙල්ස් යවලාත් කුප්ප ජාතියක් වෙලා... එයාලාට මේල් එකකුත් යැව්වා කස්ටමර් සර්විස් එක අන්තිමයි කියලා. සුහද හදක් ඇති දේශීය බැංකුව තමයි ඉතින්... ඒකටවත් අඩුම ගානේ පිළිතුරක් නැහැ.
මේ නීති අදාල වෙන්නේ තව තවත් වෙළෙඳපලේ විශාල බඩු හිඟයක් ඇතිවෙලා රට තවතවත් වලපල්ලට ගිහින් විශාල සාගතයක් අනිවාර්යයෙන්ම ඇති වෙන එකයි.
ඇමතිලාට කලින් වගේ usd ලාබෙට දෙන්න එපා. එයාලා 203ට අරන් 300ට විකුණුවා..
බදු ගෙවන්න ණයවර ලිපි විවෘත කරන්න බැංකුවල ඩොලර් නැහැ. ඉතින් අපට සිදුවෙනවා වැඩිමිලට ඩොලර් කලු කඩෙන් ගන්න. මේ ඔක්කොම වින්නැහිය ජනාධිපති සහ කබ්‍රාල් ගත්ත වැරැදි තීරණ. අපි අපේ ව්‍යාපාර වසා දමලා නිකන් ඉන්නවා.