(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් ද ඉන්දීය ණය ආධාර ව්‍යාපෘතියට සම්බන්ධ කර ඩොලරය මහ බැංකුවේ සම්මත මිලට ලබාදෙන්නේ නම් ආනයනික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලේ අඩුවීමක් කළ හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ආනයනකරුවන් ඩොලරයක් රුපියල් 400 කට ආසන්න මුදලකට මිලදී ගෙන ආනයන සඳහා ගෙවීමෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යෑම වැලැක්විය නොහැකි යැයි ආණ්ඩුවට පෙන්වා දීමෙන් පසුව විසඳුම් ලබාදීමට පොරොන්දු වුවද එය ක්‍රියාත්මක නොවූ බවත් ආනයනකරුවන්ට අඛණ්ඩව ඩොලර් සම්මත මිලට ලැබුණ හොත් මිල අඩුවීමක් වන බවත් සෙනෙවිරත්න මහතා කීය.
මීට මාසයකට පමණ පෙර රුපියල් 200 කට මිලදී ගත් ඩොලරයකට මේ වන විට රුපියල් 400 ක් ගෙවීමට සිදුවීමෙන් පිරිවැය සියයට 100 කින් ඉහළ ගොස් ඇති බව ද සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ආනයනකරුවෝ ජනතාවට සහන දෙන හැටි කියති
uk ran Monday, 25 April 2022 04:14 PM
මෙයාලා වාසි පිට වාසි ලබනවා. හෙනම ගහනවා...
udaya Monday, 25 April 2022 04:24 PM
මෙයාලා තොග තියාගෙනම නැතුවනේ ගණන් වැඩිකරලා තියෙන්නේ..., ආණ්ඩුවෙන් හොරකනවා වගේම මෙයාලත් අසාමාන්‍ය ලාබ ගන්න බලන්නේ. බොරු බයිලා ගහනවා එකෙනුත් තව ලාබගන්න.