
(මහින්ද නිශ්ශංක)
අර්තාපල් සහ ලොකු ළූණු ආනයනය කිරීමේදී පැවති විශේෂ ආනයන බද්ද රජය මගින් වැඩි කිරීම හේතුවෙන් පිටකොටුව තොග වෙළෙදපොලේ ආනයනික ලොකු ළූණු සහ අර්තාපල් තොග මිල වැඩි වී ඇතැයි ආනයනකරුවන් හා තොග වෙළෙදුන් පවසති.
ඒ අනුව රුපියල් 175,180 වශයෙන් පැවති අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 190,200 දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් 220,230 ක් වශයෙන් පැවති ලොකු ළූණු කිලෝවක තොග මිල 250,270 දක්වා වැඩි වී ඇති බවත් ආනයනකරුවන් සදහන් කරයි.
විශේෂයෙන් අර්තාපල් ආනයනය කරන පකිස්ථානයේ හා චීනයේ ද ලොකු ළූණු ආනයනය කරන ඉන්දියාවේ ද මිල වැඩි වී තිබීම අර්තාපල් සහ ලොකු ළූණු තොග මිල ඉහළයාමට තවත් හේතුවක් බව ද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාවට පැමිණි නැකත හරි නෑ වගේ. ආපුගමන් අල, බිත්තර, පොල්, පොල් තෙල් ඔක්කොම මිල වැඩිවුණා.
ඇයි බොල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කියලද අනුර සහෝ අලවලටයි, ඵෑණු වලටයි ටැක්ස් ගැහුවේ?