ජිනීවා මානව හිමිකම් කමිටුවේ සභාවාරයට තමන්ට සහභාගි වීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතුරු පළාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවට උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු බව පවසමින් කිලිනොච්චියේ සිට යාපනය දක්වා ආරම්භ කොට ඇති පාගමන අතරතුර මාධ්‍ය සමඟ පැවසුවාය.
ජනීවා සමුළුවට තමන්ට පෞද්ගලිකව සහභාගි වීමට අවශ්‍ය තරම් ඉඩකඩ ඇතත් එසේ සහභාගි වීමෙන් ලැබෙන ප්‍රයෝජන අඩු බැවින් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතවරියක් වශයෙන් මෙම සමුළුවට සහභාගි වීමට අවශ්‍ය බව ඇය කියයි.
දෙමළ ජාතික සන්ධානය රජයට සහාය දැක්වීමට ඉදිරිපත් වී සිටීම නිසා තමන්ට ජිනීවා මානව හිමිකම් සම්මේලනයට සහභාගි වීමට අවස්ථාවක් ලබා නොදෙන බව තමන්ට විශ්වාස බව ප්‍රකාශ කරන ඇය මන්ත්‍රීවරිය මෙවැනි දේශපාලන වාසි හා අරමුණු මත දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වළලා දැමීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගෙනයන වැඩ පිළිවෙල තමන් කිසිසේත්ම අනුමත නොකරන බවද කීවාය.
යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් සමස්ත දෙමළ ජනතාවම ඉල්ලා සිටියදී දෙමළ ජාතික සන්ධානය රජය මගින් ඉදිරිපත් කරණ අභ්‍යන්තර පරීක්ෂණයකට කැමැත්ත පළ කිරීම දෙමළ ජනතාවම පාවාදීමක් ලෙසින් එයට විරෝධය පා තමන් උතුරු පළාත්සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමටද පියවර ගන්නා බවට ආනන්දි සසිධරන් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන සමහර අයගේ අදහස් සසිදරන්ටත් වැඩිය භයානකයි මට නම් (නි)
අපි බලමු වෙන්න යන්නේ මොකක්ද කියලා (නි)
බින්දු ඔය අර බෙලි අත්තේ කෙනාද. ගෝඨාබය මහින්ද ඉන්නවා පාසිකුඩා ගියානම් හම්බවෙන්න පුළුවන් (බ)
කුට්ටිය මදි වෙලා නැත්නම් ඊට වඩා ලොකු කුට්ටියක් කොටින්ගෙන් හම්බුවෙලා වගේ (බ)
මේ වගේ කොටි පිල්ලි ඉන්නකම් රටකට හරියන්නේ කොහොමද? (බ)
දෙමල ජාතික සන්ධානය තුල කොටි හිතවාදීන් මෙන්ම කොටින්ට විරුද්ධවාදීන් ද සිටින බව මෙයින් තහවුරු වෙනවා. අපි කල යුත්තේ මෙවැනි කොටි හිතවාදීන් ගෙන් බෙදුම්වාදයට විරුද්ධ අය වෙන් කිරීමයි. එවිට බෙදුම්වාදීන් ඉබේම කොන් වෙනවා. (අ)
මස් රාත්තලම ඉල්ලන මේ වගේ මිනිස්සු නිසා තමයි අපේ රටට සාමයක් උදා කරන්න අමාරු. යුද්ධෙන් පීඩා වින්දේ උතුරේ මිනිස්සු විතරක් නෙමෙයිනේ. සමස්තයක් වශයෙන් මේ රටේ හැමෝම පීඩා වින්දා. ජාත්‍යන්තර පරීක්ෂණයකින් උතුරේ ජනතාවගේ සියලු ප්‍රශ්න විසදෙනවනම් කමක් නැහැ. හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. (බ)
අනේ ඉල්ලා අස් වෙන්නකෝ ඉතින්! (බ)
අනේ ලොකු උදව්වක්! (ම)
හොඳ හොඳ සෙල්ලම් පසුවට බලමු (ම)
අපිට තියෙන්නේ වෙන දේ බලාගෙන ඉන්න (නි)
දැනටමත් අන්තර්ජාතික පරීක්ෂණයක් කර අවසන්ය. ..........වාර්තාව 30 වැනිදාට (ම)
දෙමළ ජාතික සන්ධානය ගත්තු තීරණයට මෙතුමිය ගරු කළ යුතුයි එම පක්ෂයේ ඉන්නවා නම්. (ම)
අනේ මහින්ද සහ ගොඨාභාය මහතුන් සිටියා නම්. (අ)
දෙමල ජාතික සන්ධානය තුල කොටි හිතවාදීන් මෙන්ම කොටින්ට විරුද්ධවාදීන් ද සිටින බව මෙයින් තහවුරු වෙනවා. කලයුත්තේ ඒ පක්ෂයේ හැමෝටම කොටි ලේබලය නොගසා ද්‍රවිඩ ජනතාවට වූ අසාධාරන ගැන සෙවීමට දේශීය යාන්ත්‍රනයක් සැකසීමයි (නදී)
සමන්,ඔබ නම් කෙළෙහිගුණ නොදන්නා කෙනෙක් කියලයි මට නම් හිතෙන්නේ (නි)