පිට ප්‍රදේශවලින් මුදලට ළමයින් ඇතුළු කර ගැනීම නිසා ප්‍රදේශයේ ළමයින්ට පාසලට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී ඇතැයි කියමින් කොළඹ ආනන්ද විද්‍යාලයයේ සිසුවකුගේ පියකු ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා සිකුරාදා (24) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයයේ විදුහල්පතිට සහ අධ්‍යාපන ලේකම්ට එම කොමිසම සිතාසි නිකුත් කළේය.
එම පාසලේ සිසුවකුගේ පියකු බව කියන එච් පී රෝහිත කුමාර මහතා එම පැමිණිල්ල ගොනු කර තිබේ.
පාසලේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ දී චක්‍රලේඛ උල්ලංඝණය කරමින් පාසල් සංවර්ධන සමිතියේ නොවන ගිනුමකට මුදල් බැර කරවාගෙන ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන්ය.
මාසයක් ඇතුළත එලෙස බැරකරවාගෙන ඇති මුදල රුපියල් ලක්ෂ 119ක් පමණ බව මුදල් බැර කළ පිරිසේ නාම ලේඛණයක් කොමිසමට ඉදිරිපත් කරමින් පැමිණිලි කරු සඳහන් කර ඇත.
වාර්ෂිත ඇස්තමේන්තු පිළියෙල කිරීමේදී රුපියල් ලක්ෂ හැට පහක් වටිනා විදුලි ජනක යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා කූඨ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරපාසැලේ අලුතින් එන ළමයි පිළිගන්න, නිදහස් දිනය සමරන්න ජාතික ඇඳුම් ළමා සාරි වලට, අධ්‍යාපන චාරිකාවක් යන්න, සිංහල අවුරුදු පොළට, අවුරුදු උත්සවයට, ඇඳුම් වලට, වෙසක් එකට කූඩු හදන්න, බණට, පොසොන් එකට භක්‌ති ගීත, ඇඳුම්, වාහනයේ තෙල් ගහන්න, වාර අවසාන කොන්සට් එකට, නත්තල් උත්සවයට සල්ලි සල්ලි සල්ලි....!!! (නි)
දැන් මේ යන විදිහට පෞද්ගලික උපකාර පන්ති සහ මොන්ටිසෝරි යන විෂයන් අයත් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටද? වෙළඳ කටයුතු අමාත්‍යාංශයටද? නැත්නම් නීතිය සාමය සහ බන්ධනාගාර පුනරුත්තාපන අමාත්‍යාංශයටද? (නි)
පාසැල් සහ පෙර පාසැල් වල අක්‍රමිකතා ගැන පැමිණිලි කරන්න හොට් ලයින් එකක් තියෙනවා නම් මේ අය ටිකක් බයවෙලා හරි අකටයුතුකම් නොකර ඉඳියි නේද? අපි දන්නේ නැහැ කාටද පැමිණිලි කරන්න ඕනෑ කියලාවත්. (නි)
සමහර පෙරපාසල් මුදල් නැති අය වෙනුවෙන් පෙන්වන දයාව නිසා ඇතුළත්වීමේ ගාස්‌තු අය නොකරයි. එය එම පාසල සඳහා කරන ප්‍රචාරණ සැළැස්‌මක් ලෙසද පෙන්වයි. නමුත් එම ගාස්‌තුව නොගත්තාට ඔවුන් එම මුදල වාර ගාස්‌තු වලින් හෝ පොත් ලිස්‌ට් එකෙන් සහ නිල ඇඳුමෙන් අල්ලයි. (නි)
මේ විදුහල්පතිවරුන් ගැන ගැඹුරින් හොයන එක හොඳයි. (නි)
අවිධිමත් පෙර පාසල් වල ඇත්තේ වෛවර්ණ බෝඩ් පමණි. ඇතුළ හිස්ය. බෝඩ් එක බැලුවහම නම් ජාත්‍යන්තර තත්වයේ තියෙනවා වගෙයි. ඇතුළේ තියෙන්නේ පුටු ටිකකුයි, ඔංචිල්ලාවකුයි පමණයි (නි)
බොහෝ පාසල්වලට මුදල් හිගයක් තියෙනවා. පහසුකම් ගාස්තු කියලා නිමක් නැති මුදල් කන්දරාවක් ගන්නේ, කාට කියන්නද? (ර)
කවුද මේ හොර සංස්කෘතිය ලංකාවට ඇබ්බැහි කළේ? කතාවට කියනවනේ කපුවා හිටගෙන කරන දේ ගෝලයෝ දුව දුව කරනවා කියලා (නි)
පහසුකම් ගාස්තු විතරක් නෙමෙයි. පොත් ටික, නිල ඇඳුම්, සපත්තු බෑග් ගන්න කියන්නෙත් පාසලේ ඇති කඩෙන්මයි. එම කඩය පවත්වාගෙන යන්නෙත් විදුහල්පතිගෙම කෙනෙක් තමයි. මේවා තමයි ගසාකෑම් ලංකාවේ. පෙරපාසල් වල තත්වයත් මීට නොදෙවෙනියි. (නි)
අපේ පළාතේ පෙරපාසල් ගණනාවක් තියෙනවා. හොඳම එක කියලා හිතාගෙන තමයි අපි අපේ පුතාව දැම්මෙ. සල්ලි, සල්ලි, සතියෙන් සතිය මාසෙන් මාසේ සල්ලි ඉල්ල ඉල්ලා එවනවා. අපි කියලා ගස් වලින් කඩනවද? මොන දෙයක් කරලා හරි ඉතින් ගෙවනවා. නැත්නම් දරුවටනෙ හොඳ නැත්තෙ (නි)